theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

4 අවම කියවීම
වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!

දරුවන්ව ජංගම තිර වලින් මුදාගැනීම දෙමාපිය අපට විශාල අභියෝගයක්. දන්නවද ඇයි කියල?

දවසට කිහිප වරක් කෑම කැවීමට හෝ නිදි කිරීමට හෝ පාලු මකන්නට හෝ දරුවාගේ අතට ජංගම තිර දීම දෙමාපිය අප අතර නොකරන කෙනෙක් නැති තරම්. හිතට දන්නෙන්නේ මහා වරදකාරී හැඟීමක්.

නමුත්ඒ,  ගැන කනස්සලු වන්නට එපා, මොකද මෙය අපි කොයි කවුරුත් කරන දෙයක්.

ඒත් අපි කල්පනාකාරී වන්නට ඕනේ දරුවාට සීමාවක් නැතිව ජංගම තිරයක රැඳී ඉන්නට ඉඩ හරිනවා නම්. මොකද අද සාමජයේ ජංගම තිර වලට මුව අයාගත් දරුවන් අප ඕනෑතරම් දකින නිසා. විශේෂයෙන් පුංචිම දරුවන්.

මුලින්ම දෙමාපියන් දැනුවත් විය යුත්තේ ජංගම තිර වලින් දරුවාට ඇති කරන බලපෑම ගැනයි. පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකක් වැනි කුඩා වයසක පටන්ම දරුවන්ට මෙහි අසීමිත භාවිතය නිසා මානසික රෝග තත්ව හටගන්නා බවයි.

මෑත කාලයේ විවිධ තාක්ෂණික මෙවලම් නිසා දරුවන්ට ඇතිවන විවිධ ආදීනව ගැන ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විශේෂයෙන් පෙන්වා දෙනවා.

නමුත් තාක්ෂණික මෙවලම් හෝ ජංගම තිර දරුවාට නොදීම බැරිනම්, ඒවා ඔවුන්ට ලබාදෙන කාලය සිමා කරන්නට කටයුතු ක්ලිරිම ඉතාමත්ම වැදගත්.

ඉතින් දරුවන්ට ජංගම තිර හා තාක්ෂණික මෙවලම් ලබාදිය දීමට ආරක්ෂාකාරී කාල සීමාව කුමක්ද?

ලෝක සෞඛ්ය සංවිධානයට (WHO) අනුව දරුවන් ජංගම තිර නැතහොත් රුපවාහිනී, ජංගම දුරකථන, පරිඝනක ක්‍රීඩා ආදියේ  පැයකට වැඩි කාලයක්  නියැලේ නම් එය ඉතාම අනතුරුදායක තත්වයකි.

මේ අතර වයස අවුරුද්දකට අඩු දරුවන්ට කිසි සේත්ම තාක්ෂණික මෙවලම් වලට නිරාවරණය කිරීම නුසුදුසුය.

වයස අවුරුදු පහට අඩු දරුවන්ද තාක්ෂණික මෙවලම්, ජංගම තිර ආදියේ රැඳී සිටින කාලය හැකි තරම් අවම කල යුතු අතර මේවයේ රැඳී සිටීම තුළින් සිරුර ජවසම්පන්න වනවා වෙනුවට වැඩි කාලයක් නිශ්චලව උදාසීනව තිබීමද අතිශයින් අනතුරුදායකය. නිරෝගිව හැදෙන්නට වැඩෙන්නට නම් ඔවුන්ට හොඳ ව්‍යායාම, එළිමහනේ දුවපනිමින් සෙල්ලම් කිරීම වෙනම සාමාන්‍ය හොඳ නින්දක්ද අවශ්‍ය වනවා.

මෙහිදී අප තේරුම් ගත යුතු තවත් විශේෂ දෙයක් නම් දරුවාගේ මුල් වසර තුන තුල දරුවාගේ මොලය සිඝ්‍රයෙන් වර්ධනය වන අවදියයි. මෙහිදී අඹ ගෙඩියක් ලෙලි ගසා එහි බර, සුවඳ මෙන්ම රසද සිරුරේ පංචේන්ද්‍රියන්ගෙන්ම පිනවා ලබාගැනීම, හුදෙක් තිරයේ ඇසින් දැක තේරුම් ගන්නා අඹ ගෙඩියක් රස විඳීමේ ආස්වාදයට වඩා හාත්පසින්ම වෙනස්.

මේ ගැන විශේෂඥයයන් දරන මත මොනවාද?

ලෝක සෞඛ්ය සංවිධානයට (WHO) නිර්දේශ කරන්නේ ළදරුවන් දවසට කිහිප වතාවක්ම ශාරීරිකව ක්‍රියාශීලි විය යුතු බවයි. අත දරුවන් දිනකට විනාඩි තිහක්වත් මුනින් තැබිය යුතුයි.

වයස අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් ද දිනකට පැය 3ක කාලයක් නොයෙක් ක්‍රියාශීලි ක්‍රියාකාරකම් වල නිරත වීම අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්ය සංවිධානයට (WHO) පෙන්වා දෙන්නේ මෙම කාලය තවත් වැඩි කල හැකි නම් එය දරුවන්ට වඩාත් සෙත සලසන බව පෙන්වමින්.

දරුවන් වැඩිපුර කාලයක් තාක්ෂණ මෙවලම් වල රන්දිම නිසා බොහෝ උපද්‍රව වලට මුහුණ දෙමින් පවතින බව මෙම සංවිධානය පෙන්වා දෙනවා.

ළමා ස්ථුලතාවය, මන්දගාමී ළමා වර්ධනය, භාෂාව හැසිරවීමේ සහ සන්නිවේදනය කිරීමේ දුර්වලතා, හැසිරීම් ගැටළු වැනි ගැටළු මෙම උපද්‍රව වලින් කිහිපයක්.

ඉතින් අප දරුවන්ගෙන් තාක්ෂණික මෙවලම් හා ජංගම තිර මුළුමනින්ම ඉවත් කිරීම නුතන සමාජයේ ඉතා අසීරු කර්තාවයක් වන බැවින් දරුවන්ට ඒවා ලබා දීමේ කාලසීමාව පාලනය කිරීමේ හැකියාවක් සහ වැඩිපුර කාලයක් දරුවන්ව භාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමේ හැකියාවක් දෙමාපිය අපට තිබෙනවා.

දරුවන්ට ජංගම තිර සහ අනෙක් තාක්ෂණ මෙවලම් ලබාදීමේ කාලය කළමනාකරණය කල හැකි ක්‍රමෝපායන්

1. දරුවන්ට කාලසටහනක් ආධාරයෙන් ජංගම තිර හා අනෙක් ක්‍රියාකාරකම් සඳහා කාලසීමාවන් පනවන්න

තිර කාලය දිනකට උපරිම පයකට සීමා කරන්න. නැතහොත් සතියට පනවන තිර කාලය කොපමණදැයි නිර්ණය කරන්න. භාහිර ක්‍රියාකාරකම් කල නොහැකි දිනවල (වැසි දින හෝ අසනීපයක් සැදුනු දිනක) සැවොම එක්ව ච්ත්‍රපටියක් නරඹන්න.

ක්‍රියාකාරකම් වැඩි දවස් වල තිර කාලය සම්පුර්ණයෙන්ම නැති දවස් බවට පත් කරන්නත් පුළුවන්. දරුවන්ට ජංගම තිර දෙන කාලය ඔබේ දෛනික ක්‍රියාවක් හා සම්බන්ධ කරන්න.  නිදසුනක් ලෙස ඔබ උදැසන ස්නානය කරන වෙලාවේ හා හවස රාත්‍රී ආහාර පිළියෙළ කරන වෙලාවේ පමණක් ලෙස.

2. දරුවාගේ වයසට සුදුසු දේ පමණක් පරිහරණය කරන බවට වගබලාගන්න

තිර කාලය සිමා කල අවස්තාවන් වල දරුවන්ට අධ්‍යාපනික හෝ යම් ධනාත්මක දෙයක් නරඹන්නට සලස්වන්න. මෙවැනි අඩ්යාඅධ්‍යාපනික වැඩසටහන් මෙන්ම මෘදුකාංග ක්‍රීඩා හා App වර්ග පහසුවෙන් හොයාගත හැකියි.

3. දරුවා සමඟ නිතර කතාබහ කරන්න

දරුවාජංගම තිර සමඟ ගත කරන සම මොහොතකම හැකි තරම් දරුවා සමඟ සම්බන්ධව සිටින්න. එකට එක වී ඔවුන් කරන ක්‍රියාකාරකම් ගැන අවබෝධයෙන් සිටින්න. වරින් වර දරුවාගෙන් ඒ ගැන ප්‍රශ්න ඇසීමෙන් හා සතුටු සාමිචියේ දීමෙන් මෙසේ සම්බන්ධ වී සිටින්නට හැකියි.

4. ගෙදර රුපවාහිනිය නිවා දමන්න

නිවසේ ඔහේ පැත්තකින් ක්‍රියාත්මක වන රුපවාහිනිය නිවා දමන්න. ඔබ නොදැනුවත්වම ඔබේ බිලිඳා පවා එම තිරයට ඇදී අතරමංව සිටින්නට පුළුවන්. අවශ්‍යම නම් ඔබ කැමති සංගීතයකට සවන් දෙන්නට හැකි මුත් තිර නිවා දමන්නට කල්පනාකාරී වන්න.

5. නිදන කාමරයේ කිසි විටෙකත් ජංගම තිර සහිත තාක්ෂණික මෙවලම් තබාගන්නට එපා

දෑසට නොපෙනෙන මානයේ ඇති දෙයකට මනසට රින්ගාගන්නට අපහසුය. තාක්ෂණික මෙවලම් සහ ජංගම තිර නිදන කාමරයට නුසුදුසු මෙවලම් බව දරුවාට කුඩා කල සිටම තේරුම් යන්නට ඔබ ආදර්ශයක් විය යුතුයි.

6. දරුවාට ආදර්ශමත් කෙනෙක් වන්න

කුඩා කල සිටම දරුවා අනුකරණය කරන මූලික තැනැත්තා ඔබයි. ඔබේ වයස් පරතරය කුමක් වුවත්, දරුවා ඔබව ඉතා හොඳින් අනුකරනය කරනවා. එකට ආහාර ගන්නා වෙලාවල් වල, එකිනෙකා සමඟ කතාබහ කරන විට ජංගම දුරකථන, මෙවලම් ඔබ අහලකවත් තියා නොගැනීම ඔබගේ හැදියාවයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන්
  • /
  • වයස අවුරුදු 5කට අඩු දරුවන්ට පැයකට වැඩියෙන් ජංගම තිර නම් දෙන්නම එපා!
බෙදාගන්න :
  • ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

    ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

  • දරුවා ෆෝන් එකේ ඉන්න වෙලාව නෙවෙයි, ෆෝන් එකේ ඉඳන් කරන්නේ මොනවද කියා බලන්න

    දරුවා ෆෝන් එකේ ඉන්න වෙලාව නෙවෙයි, ෆෝන් එකේ ඉඳන් කරන්නේ මොනවද කියා බලන්න

  • ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

    ජංගම දුරකථනය බිලිගන්න සැදු පුංචි ඇස් දෙක

  • දරුවා ෆෝන් එකේ ඉන්න වෙලාව නෙවෙයි, ෆෝන් එකේ ඉඳන් කරන්නේ මොනවද කියා බලන්න

    දරුවා ෆෝන් එකේ ඉන්න වෙලාව නෙවෙයි, ෆෝන් එකේ ඉඳන් කරන්නේ මොනවද කියා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it