2016 දී අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

lead image

ඇත්තටම මුල්ම කාලයේ අපේ නිදන කාමරය තුළට ආවහම රූපවාහිනී රිමොර්ට් කන්ට්‍රෝල එක නැති එක සංකාවක් වගේ දැනෙන්න ගත්තා.

2016 අවුරුද්දේ අපේ ජීවිත වල වැදගත් දෙයක් වුණ. රූපවාහිනිය ඉවත් කරලා දාන්න හිතුවා. අපි අපේ සැටලයිට් ටීවී සේවය නැවත අලුත් කිරීම නැවැත්වීමටත් කටයුතු කළා. රූපවාහිනිය අපේ ජීවිත වලට බලපාපු ආකාරය නිසාම එය නැතිව අපිට ජීවත් වෙන්න බැරිද කියලා අපි කල්පනා කළා. මුල් කාලයේ අපි මොනවා කරන්නද කියලා කල්පනා කළා.

හොඳ නරක හා කැත

රූපවාහිනිය නැති ජීවිතයක් ගැන සිතීම පවා අපහසු වුණා. දරුවන්ට කාටුන්, දිනපතා විකාශනය වන ටෙලි නාට්‍ය, චිත්‍රපට හැමදේම අපිට නැතිව බැරි තරම් වුණා. නමුත් මේ නිසාම අපේ පවුලේ සම්බන්ධතා වලට එය ඉතා තදින් බලපෑම් ඇති කරන බව අපට වැටහුනා. අපි මේ රූප පෙට්ටිය මතම යැපෙමින් ආහාර ගන්නත්, සමහර වෙලාවට සති අන්තයේ පවා එයත් එක්කම ගත කරන්නත් පුරුදු වුණා. අනෙක් අතට අපේ දුව අපේ අවධානය ගන්නට උත්සාහ කරමින් අඬන විටත් අපි කළේ TV එක දාන එක තමයි.

හුඟක් දෙමාපියන්ට වගේම අපිටත් දරුවන් බලාගැනීමේ එකම උපාය වුයේ රූපවහිනියයි. එයා කෑම කන්න බැහැ කියලා අඬන කොටත් අපි රූපවාහිනිය දාලා සිංදු විකාශනය වන අවස්ථාවකදී සිංදු කියන්න ඇගේ කට ඇරෙන කොට කෑම දාන්න පුරුදු වුණා.

එයාට තරහා ගියහම හැමදේම ගේ පුරා විසිකරනවා. එය ඉතා උපායශීලිව එයා කැමතිම කාටුන් එක දාගන්න මේ නිසා අපිව යොමුකර ගන්නවා. පොදුවේ කිව්වොත් අපේ හුඟක් ගැටළු විසඳා ගන්න අපි යොදාගන්නේ රූපවාහිනිය. බොහෝ විට අපේ දුවව සන්සුන්ව තබාගන්න. නමුත් රූපවාහිනිය නැති වුණහම අපිට තේරුණා අපේ ගැටළු විසඳා ගන්න දැන් වෙනත් උපායක් සිතිය යුතුයි කියලා. දැන් අපිට ඇත්තටම රසවින්දනයක් ලැබෙන ඒ වගේම ප්‍රශ්නත් විසඳෙන පිළියම් සොයාගන්න සිදුවුණා.

අපි කවදාවත් මේ වෙනස්කම් අපේක්ෂා කළේ නැහැ.

මේ සමගම අපේ ජීවිත වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් තිබුණා.

අපි එකිනෙකට කතා කරන්න පටන් ගත්තා.

ඉස්සරත් අපි කතා නොකළා නෙමෙයි. ඒත් හිතින් භාගයක් තිබුනේ තවත් තැනකයි. දැන් අපේ සම්පූර්ණ අවධානය කතා කරන අනෙක් කෙනාට දෙනවා. ඒ වගේම බබාත් අපිත් එක්ක කතා කරන්න ගත්තා. මොකද ඇය ඉදිරියේ ඇයට බාධා කරන්න කිසිවක් තිබුනේ නැහැ. අඹුසැමියන් ලෙස අපි දෙන්නත් කෝපි එකක් බොමින් දවසේ සිදුවූ දේවල් කතා කරන්න පටන් ගත්තා.

අපි නිර්මාණශීලි වුණා.

රූපවහිනියක් නැහැ කියන්නේ අපේ දවස් සතුටින් තියන්න උපායක් කල්පනා කළයුතු වුණා. ඒ වෙනුවෙන් නිර්මාණශීලිව සිතන්නට ඕනේ වුණා. ඇය වෙනුවෙන් වෙනත් තෝරාගැනීම් වගේම එය නිර්මාණශීලිව තේරුම් ගත්තා.

අනෙක් වෙලාවට ජීවිත හා අනෙකුත් දේවල් ගැන කතා කළා. අපිට ඒක ප්‍රයෝජනවත් වුණා. වෙනදාට වඩා දුව කරුණාවන්ත සතුටින් ඉන්න කෙනෙක් වුණා. නිදියන වෙලාවට ඇය අපිටත් ඇහෙන්න පොත් කියෙව්වා. දුවට අවුරුදු 5 ක් වුනත් ඇය අපේ කාලය වෙනත් යමකට යොමු කරමින් කාලය ගත කරන්න පටන් ගත්තා. 

එකිනෙකාගේ නිහඬ බවට අපි අවධානය දුන්නා.

රූපවාහිනිය තිබෙන කාලේ එක එක ශබ්ධ වලින් අපේ ගෙදර පිරිලා තිබුණා. අපි එකිනෙකාගේ නිහඬ බව ගැන හිතුවෙවත් නැහැ. නමුත් රූපවාහිනිය නැති විට අපි එකිනෙකාගේ නිහඬ බව තේරුම් ගන්න පුළුවන් නිසා අපි එකිනෙකට කතා කරනවා. මගේ දුව වුණත් දැන් දන්නවා අම්මා එයාට කතා නොකරන වෙලාවල් හා තාත්තා එයත් එක්ක සෙල්ලම් නොකරන වෙලාවල් මොනවද කියලා.

කෑම කන වෙලාව අපි හුඟක් රස වින්දා.

කෑම වෙලාවල් අපේ ජීවිතයේ වැදගත්ම වෙලාව බවට පත් වුණා. අපි කැමතිම කෑම රසවිඳිමින් සතුටු වුණා වගේම පවුලක් ලෙස සතුටින් එක්වුණා.

අපි පවුලක් විදිහට හුඟක් සමීප වුණා.

කෑම වේලාවෙන් පස්සේ අපි මොනවා හරි සම්ප්‍රදායික ක්‍රීඩාවක් කරන්න පුරුදු වුණා. කැරම්, චෙස්, ලුඩෝ වගේ ක්‍රියාකාරකම්. මේ වෙලාව අපේ ජීවිත වල පීඩනය අඩු කරන වෙලාව වගේම අපි හැමදාම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න මොහොතක් වුණා. ඉස්සර පැය ගණනක් විකාශනය වන රූපවාහිනි වැඩසටහන් නැරඹීමට පුරුදු වෙලා හිටියා. දැන් අපි පවුල හා එහි සබඳතා ගැන හුඟක් දේවල් අවබෝධ කරගත්තා. මේ නිසා අපිට අවශ්‍ය වෙන දේවල් ගැන එදා අපිට තැකීමක් නැතත් දැන් ඒ හැමදේම දැනෙන්න ගත්තා.

ඇත්තටම රූපවාහිනිය ඉතාම නරක දෙයක් නොවුනත් ගෙවුණු අවුරුද්ද තුළ රූපවාහිනිය නැතිව ජීවිතයේ හුඟක් දේවල් රසවිඳි බව අවබෝධ කර ගත්තා. ප්‍රවෘත්ති හා අනෙකුත් ලෝකයේ දේවල් දැනගන්න අන්තර්ජාලයෙන් අපිට පුළුවන් වුණා.

රූපවාහිනිය නැතිව ගෙවුණු වසර අපේ පවුලට සතුට ගෙනාවා වගේම ඉස්සරහටත් අපේ කේබල් TV සම්බන්ධතාවය අලුත් කරන්න අපිට උවමනාවක් නැහැ. අපි දැන් කාලය රසවින්දනයට යොදාගන්න තවත් අලුත් අලුත් දේවල් හිතමින් ඉන්නවා. ඔබ ඒ වෙනුවෙන් කරන්නේ මොනවද? ඔබේ ජීවිතයේත් එවැනි අදහස් ඇත්නම් theAsianparent Sri Lanka අපිත් එක්ක බෙදාගන්න.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ