මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

මේ ඡායාරූපය මිනිස් සිරුරේ අසිරිය ගැන බ‌ොහ‌ෝ ද‌ේ කියන ඡායා රූපයක්

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

සාමාන්‍ය දරු ප්‍රසුතිය මගින් දරුවන් බිහි කිරීම පහසු කාර්යයක් නම් න‌ෙම‌ෙයි. දරුවෙක් බිහිකරන අම්මා කෙනෙකුගේ අස්ථීන් පිටුපසට තල්ලුවෙන අයුරු පෙන්වන අපූරු ඡායාරූපයක් ගැන පසුගිය දා සමාජ ජාලා වල ලොකු  කතාබහක් ඇති වුනා. මේ ඡායාරූපය එක්ක මිනිස් සිරුරේ අසිරිය ගැන බොහෝ දෙනෙක් පුදුමයට පත් වුනා.
 
දරුවෙක් මේ ලෝකේට ගේන්න අම්මා කෙනෙක් විදින දුක මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ.
මොකද ඒ දුක, වේදනාව ප්‍රමාණනය කරන්න බැරි තරම් ගොඩාක් ලොකුයි. 
 
ඇය හෙලන ලේ කඳුළු අපමණයි. ඉතින් දරු උපතේදී අම්මා කෙනෙකුගේ සිරුරේ සිදුවෙන තවත් පුදුමාකාර වෙනස්වීමක් කැමරා ඇසක සටහන් වුනේ මෙහෙමයි.
 
U.S.A. හි ලුසියානා හි ටැන්ගි බර්ත් Photo Services විසින් මේ ඡායාරූපය ඉන්ස්ටග්‍රෑම් වෙත මුදාහරිනු ලැබුවා. දරු ප්‍රසුතිය සිදුවෙන මොහොතේදී මේ අම්මාගේ කොන්ද දෙසට කැමරාවක් එල්ල වී තිබුනා.
ඒ මඟින් මේ අස්ථි චලනය අපූරුවට ඡායාරූප ගත කර ගන්නට ඔවුන් සමත් වුනා. 
සාමාන්‍ය දරු ප්‍රසුතිය

සාමාන්‍ය දරු ප්‍රසුතිය‌: අස්ථි වල පිහිටීම ව‌ෙනස් වන අයුරු
මේ ඡායාරූපය දිහා හොදින් බලන්න. ඇයගේ කොන්දේ පහල ගුලියක් වගේ යමක් සම තල්ලු කරන අයුරු ඔබට පේනවා නේද? 
 
මයිකල්ස්ගේ රොම්බස් (rombus) නැතිනම් මයිකල්ගේ චතුරස්‍රය කියන්නේ පහළ පිහිටි lumber කශේරුකා තුන, ත්‍රිකාස්ථිය සහ හිස් කබලේ පාමුල සිට ත්‍රිකාස්ථිය දක්වා පහලට  ගමන් කරන දිගු අස්ථිබන්ධය ඇතුළත් සරුංගල් හැඩැති ප්‍රදේශයකි.
 
ප්‍රසුතියේ දෙවන අදියරේදී මේ ත්‍රිකෝණ හැඩැති අස්ථි කොටස පසුපසට ගමන් කරන අතර එය පිටතට තල්ලු වෙනවා.  
 
ඇත්තටම එහෙම වෙන්නේ දරු ප්‍රසුතියට ඉඩ දීම සඳහා ශ්‍රෝණියෙහි විෂ්කම්භය වැඩි කරන්නයි.
එහිදී  මයිකල්ගේ රොම්බස් පසුපසට ගමන් කර දරුවාට උරහිස් හරවා ඇතුල් වීමට උපරිම ඉඩක් ලබා දෙන බව ඔවුන් සටහනේ විස්තර කලා.
 
දරු ප්‍රසුතියේදී තම කොන්ද දෙසින් ආ දරාගත නොහැකි වේදනාවට හේතුව මෙය බව වටහා ගත් දරු ප්‍රසුතියට මුහුණ දුන් ගොඩාක්  අම්මලා පුදුමයට පත් වුනා. ඒ විතරක් නොවෙයි ඔවුන් එය දැන ගැනීමෙන් පසු හිතේ ඇති වු හැඟීම්  එම පිංතුරය යටින් ලස්සනට අකුරු කලා.
 
සමහර විට සාමාන්‍ය දරු ප්‍රසුතිය සදහා මුහුණ දුන් ඔයාලාග‌ේත් අස්ථි ‌මේ විදියට එහා ම‌ෙහා ව‌ෙන්න ඇති න‌ේද?
 
ඔන්න ඉතින් මේ පිංතුරය දැකලා මේ අසිරිමත් සිරුරක මහිමය ගැන ඔයාට ඇති වුන හැඟීම එක් වචනයකින් හරි සටහන් කරන්න අමතක කරන්න එපා.
 
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.