theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්

4 අවම කියවීම
පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්

ඔබේ ජංගම දුරකථනය හෝ පරිඝනකය පමණක් භාවිතා කර සුව පහසුවෙන්ම මෙපමණ කාලයක් හා මුදලක් ඉතිරි කර ගන්නට හැකි බව ඔබ හිතන්නවත් නැතිව ඇති.

අද ඔබට කියන්නට යන්නේ ඉතාමත්ම පහසුවෙන් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකි ක්‍රමයක් ගැනයි. ඒ, ලංකාවේ බැංකු බොහොමයක් දෙන සේවාවන් ගැනයි. 

මෙය කියවන ඔබ බොහෝ දෙනෙක්ට ජංගම දුරකතනයක් හෝ පරිඝනකයක් තියෙනවා නොඅනුමානයි. ඒ වගේම ලංකාවේ බැංකු ගිණුමක් තිබෙන්නටත් පුළුවන්. එසේ නම් මේ ක්‍රමය සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔය දෙක පමණයි.

මේ රහස කියන්නට කලින් මා මේ කියන ලැයිස්තුව කොලයක ලියා, මේ කර්තව්‍ය සඳහා දල වශයෙන් ඔබට වියදම් වන ගමනාගමන ගාස්තුව එක් තීරුවකත් ඊට වය කරන කාලය තව තීරුවකත් ලියාගන්න.

පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්

මාසික වියදම් ලයිස්තුව

  1. දුරකථන බිල්පත් ගෙවීම
  2. ජංගම දුරකථන බිල්පත් ගෙවීම
  3. විදුලි බිල් ගෙවීම
  4. ජල ගාස්තු ගෙවීම
  5. පාසැල් ගාස්තු ගෙවීම
  6. ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීම
  7. ලඟදී දිනෙක කාට හෝ මල් මිටක් තිලිණ කලේ නම් එයට වැය වූ කාලය හා මුදල්
  8. හදිසි තෑගි භාණ්ඩයක් මිල දී ගත්තේ නම්

මේ ලැයිස්තුව ඔබට රිසි සේ මීටත් වඩා කාර්යයන් වලින් ලැයිස්තුගත වේවි මේ කියන්නට යන දේ තේරුම් ගත සැනින්.

ඔබ දෛනිකව ලබා ගන්නා සෑම සේවාවක්ම පාහේ දැන් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට සකසා තිබෙනවා.

මා හඳුනන බොහොමයක් දෙනා හුදෙක් පුරුද්ද නිසා පමණක් ඉහත කී දේවල් හා වෙනත් නානාවිධ ගෙවීම් සඳහා ගමන් ගාස්තු දරාගෙන බොහෝ වෙහස මහන්සි වී කාලය මිඩංගු කර මුළු දවසක් හෝ දෙකක්ම බිල් ගෙවීම් සඳහා පමණක් වය කරනවා.

ලංකාවේ බැංකු

ලංකාවේ බැංකු හරහා මේ සියලුම ගෙවීම් පමණක් නොව, තව බොහොමයක්ම සේවා ලබා ගන්නා අයුරු දැන ගත්තොත් ඕවට ඔබ ඉන්නා පුටුව මත හිඳන්ම රට පුරා නානාවිධ සේවාවන් පමණක් නොව ලෝකය පුරා සේවාවන්ද ලබා ගන්නට පුළුවන්.

ලංකාවේ බැංකු සේවාවන්: ඔබේ දෛනික මුදල් ගනු දෙනු අන්තර්ජාලය ඔස්සේ සිදු කරන්නේ මෙහෙමයි.

  1. ඔබේ බැංකුවට ගොස් online banking (අන්තර්ජාල බැංකු ගනුදෙනු) සේවාව සඳහා අදාල පත්‍රිකාව පුරවා ඒ ගැන සියළු විස්තර සහිත පත්‍රිකාවක් කියවා හෝ ඔවුන්ගෙන් අසා දැනුවත් වන්න.
  2. ඔබේ දුරකතනයේ හෝ පරිඝනකයේ බැංකුවෙන් ලද උපදෙස් පරිදි අන්තරජාල සේවය අන්තර්ගත කොට ඊට හුරු වන්න. ඇතැම් බැංකු අනෙක් බැංකු වලට වඩා අන්තරජාල සේවාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් උසුලන්නේ එය පාවිච්චි කිරීමේ පහසුව අලෙලායි. සම්පත් බැංකුව, කොමෂල් බැංකුව, HSBC යනාදී බැංකු විශිෂ්ට අන්තර්ජාලීය ගනුදෙනු සේවාවන් සපයන බැංකු වලින් කිහිපයක්.  මේ ගැන තවත් දැනුවත් වී සුදුසුම බැංකුව තෝරා ගැනීමට ඔබට පුළුවන්.
  3. අනෙකෙකුට ලෙහෙසියෙන් උපකල්පනය කල නොහැකි ශක්තිමත් රහස්‍ය අංකයක් යොදා ගන්න. මෙය සුරක්ය් තැනක ලියා හෝ save කර තබා ගන්න. රහස්‍ය අංක අමතක වුවහොත් අලුත් අංක ලබා ගැනීමේ ක්‍රියාදාමය දීර්ඝ හා කරදරසුලු වන නිසා.
  4. දැන් මේ මාසයේ බිල්පත් ඔබේ අන්තරජාල ගිණුම ඔස්සේ ගෙවන්නට පටන් ගන්න. ඔබ මෙහිදී යම් කාර්මික අපහසුතා වලට මුහුණ දුන්නොත් ඕනෑම විටෙක ඔබේ බැංකුව අමතා ඔවුන්ගේ සහය පතන්න.
  5. බිල් ගෙවීම් පමණක් නොව, ඕනෑම භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමකදී පවා අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ට ගෙවීම් කල හැකිදැයි විමසන්න.

අන්තර්ජාලිය ගනුදෙනු කිරීමෙන් ඇති වන වාසි.

  1. ප්‍රවාහන මහන්සිය, කාලය හා මුදල් වල ලොකු ඉතිරියක් සිදු වනවා.
  2. මුදල් ගනුදෙනු වලට වඩා අන්තරජාල ගනුදෙනු වල ඉතිහාස ගනුදෙනු සියල්ල සටහන් වන නිසා අපගේ වියදම් කළමනාකරණ කිරීමද ඉතා පහසු වනවා.
  3. නිවසේ සිටම නොයෙක් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම මෙන්ම සැපයීමත් පහසු වනවා.
  4. ඉන්දන ඉතිරිය හා ප්‍රවාහණය නොකිරීම නිසා පරිසරයට කාබන් නිකුත් වීම වලකිනවා. 
  5. වැඩි දෙනෙකු ඔන්ලයින් ගනුදෙනු වලට හුරු වීමෙන් වාහන තද බදය අඩු වනවා
  6. වාහන තදබදය අඩු වීම නිසා මගීන් නිවෙස් වලට කලින් යාමට හැකි වනවා. ඉන් පවුල් සමග ගත කළ හැකි කාලය වැඩි වනවා. 

මේ ලිපියව කියවූ සැනින්ම අන්තරජාල ගනුදෙනු සඳහා ඔබේ බැංකුව විසින් සපයන සේවාවන් ගැන දැනුවත් වන්න. ඉහත ක්‍රියාදාමය පිළිපැද ඔබට අත් විඳින්නට හැකි වූ මුදල් හා කාලයේ ඉතියේ සතුට ගැන අපටත් ලියා ඒ සතුට බෙදා ගන්න.

පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්

දැන් ඉතින් මේ පහසුවට හුරු වන ඔබට මෙය නැතුවම බැරි අංගයක් වනවා නිසැකයි. ඉතින් ඔබට අප ඔබ වෙනුවෙන් නිර්මාණය කරන මේ ලිපි  කියවන්න වඩ වඩාත් කාලය ඇති වෙන එක අපට ලොකු සතුටක්.  

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ඉතිරිකිරීම
  • /
  • පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්
බෙදාගන්න :
  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

  • පැය 10කට වඩා ජංගම දුරකථනය පරිහරනය කිරීම නිසා දරුවා වපර වේ!

    පැය 10කට වඩා ජංගම දුරකථනය පරිහරනය කිරීම නිසා දරුවා වපර වේ!

  • ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

    ඔබේ දරුවන්ට මුදල් පරිහරණය හා අනාගතයේ ඉතිරිය ගැන කියාදෙන්න පුළුවන් පාඩම් 5 ක්

  • පැය 10කට වඩා ජංගම දුරකථනය පරිහරනය කිරීම නිසා දරුවා වපර වේ!

    පැය 10කට වඩා ජංගම දුරකථනය පරිහරනය කිරීම නිසා දරුවා වපර වේ!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it