theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"අපිට සති හයක් දෙන්න." දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.

4 අවම කියවීම
"අපිට සති හයක් දෙන්න." දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි."අපිට සති හයක් දෙන්න." දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.

මෙම සුන්දර  විවෘත ලිපිය ලොව පුරා පැතිර යෑමට  හේතුවක් තිබේ .

මවක් වීම, පියෙක් වීම පහසු නැත. නව දෙමව්පියන් බවට පත්වීම දරුවන් රැකබලා ගැනීම ගැන කියවෙන පොත් සියයකින් වත් විස්තර කළ නොහැකි අත්දැකීමක් වෙනවා.  එය ප්‍රීතිය, දුක, ආදරය, අකමැත්ත, විස්මිතභාවය සහ විඩාව වැනි දේවල් වලින් පිරී තිබේ.

අලුතින් දෙමව්පියෙකු වීම බොහෝ විට අභියෝගයක් වන අතර මව්වරුන්ට හා පියවරුන්ට  අවශ්‍ය  වන එකම දේ තේරුම් ගැනීමයි. එම යථාර්ථවාදී ලිපිය මගින් ඔවුන් තනි වී නොමැති  බව ඔවුන්ට පෙන්වා දෙනවා.

අපිට සති හයක් දෙන්න. දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.

මෑතකදී එක්සත් රාජධානියේ මාතෘ රෝහලක් මගින් නව මව්වරුන්ට සහ පියවරුන්ට ඔවුන්ගේ  අසීරු කාලයේදී  සත්‍ය ලෙසම අවැසි වන සරල,කණගාටුදායක  විවෘත ලිපියක් බෙදා ගත්තා.

මෙම සුන්දර  ලිපිය තුල දෙමාපියෙකු වීමේ  පීඩාවන් මෙන්ම ගුණාංග කැටි වී තිබෙනවා. ඒ වගේම මේ අසීරු දින වලට  සාර්ථකව මුහුණ දීමට  විඩාබර මව්පියන්ට ඒ මගින් උපදෙස් ලබා දෙයි.

මෙම ලිපිය ලියනු ලබන්නේ අලුත උපන් බිළිඳකුගේ සිතුවිලි තුලිනි.   දෙමව්පියන්ගේ අසීරු මොහොත ගත කිරීමට අපිට  උපකාර වන අපි සියලු දෙනා විසින් කියවන ලිපි පෙළට මේ ලිපියත් එකතු වේ.

අපිට සති හයක් දෙන්න. දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.

ලෝකයේම දෙමාපියන්ගේ නෙත් කදුලින් තෙත් කල මවක් වීම ගැන ලිපියක් මෙන්න,

ආදරණීය අම්මේ, තාත්තේ,

මගෙන් ලැබෙන මේ ලිපිය ඔබට අසීරු මෙන්ම ඔබ මානසිකව වැටෙන අවස්ථා වල නැවත නැවත කියවීමට පහසු ස්ථානයක තබා ගැනීමට කාරුණික වන්න.

අළුත් උපන් දරුවෙකු ලෙස මගෙන් හෝ් දෙමාපියන් ලෙස ඔබෙන් පමණ ඉක්මවා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. උපන්දින ත්‍යාගයක් ලෙස අපට සති හයක් දෙන්න. ඒ සති හය තුල පුංචි මට වර්ධනය වී පරිණත වී, ස්ථාවර වෙන්න පුලුවන්. සති හය තුල මගේ අම්මාටයි තාත්තාටයි පුංචි නිවාඩුවක් අර ගන්න වගේම සිරුර සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුලුවන් වෙනවා.

මට බඩගින්නේ දැනෙන විට මට පෝෂණය  ලබාදෙන්න . ඔබගේ කුස ​​තුළ වූ මගේ ලෝකයේ  කුසගින්න, වේලාව , ඔරලෝසු කිසිවක් තිබුනේ  නැහැ.

අපිට සති හයක් දෙන්න. දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.

මම හැමවිටම ඔබේ ගර්භය තුළ සමීපව කටයුතු කර ඇති අතර පෙර කිසි විටෙකත් තනිවම සිටියේ නැත.

අනේ මාව  තුරුලු කරගන්න, සුරතල් කරන්න ,සිපගන්න,ස්පර්ශ කරන්න, මෘදුව පිරිමදින්න, නැලවිලි ගී ගයන්න. මම ඔබේ කුස තුල ඔබේ ලගින් හිටිය කාලේදි කවදාවත්ම තනිවෙලා නැහැ.

මම ගොඩාක් අඩනවා නම්  මට සමාව දෙන්න. මම ඔබේ ජීවිතය වියවුල් කිරීමට ආ රුදුරු  කෙනෙක් නොවේ.  මට මගේ දුක කියන්න ඇති එකම මාර්ගය මගේ හැඩීමයි. මා සමග රැඳී සිටින කෙටි කාලයකදී එය දරාගන්න, මම වැඩිවියට පැමිණෙත්ම හඩන්න ගත කරන කාලය අඩු වන අතර වැඩි කාලයක් සමාජගත වීම වෙනුවෙන් වැය කරාවි.

මා දෙස පරෙස්සමෙන් බලන්න. මට අවැසි  සැනසිල්ල, කරුණාව සත්‍ය යන සියල්ලම  මම ඔබට කියන්නම්.

මා නම්‍යශීලී බවත් ඔබ අතින් මා වෙත වෙන අතපසුවීම් මට දරාගත හැකි බවත් කරුණාකර අමතක නොකරන්න. ඒම අතපසුවීම් වලට  ඔබේ  ආදරය තිබෙන තාක් හානි කළ නොහැකිය.

ඔබ පරිපූර්ණ දෙමාපියන් නොවන විට හෝ ඔබ අපේක්ෂා කළ පරිපූර්ණ ළදරුවා මා නොවන විට කරුණාකර කලකිරීමට පත් නොවන්න.

කරුණාකර ඔබ, ඔබ ගැනම සැලකිලිමත් වන්න.   සමබර ආහාරයක්, විවේකයක් හා ව්‍යායාම ලබාගන්න. එවිට   අප එකට සිටින විට මා රැකබලා  බලා ගැනීමට ඔබට අවශ්‍ය  ඉවසීම සහ ශක්තිය ලැබෙනු ඇත. නොසංසුන් ළදරුවෙකුට පිළියම විඩාබර නොවු මවක් වේ.

කරුණාකර ඔබ එකිනෙකා අතර  ඇති සම්බන්ධතාවය ගැන සැලකිලිමත් වන්න. පවුල තුල බැඳීමක් නොමැති නම් මට බැදීමක් ඇතිකර ගැනීමට පවුලක් ඉතිරි නොවේ.

"සියල්ල කෙරෙහි පුලුල් දැක්මක්" ‍යන්න මතක තබා ගන්න. ඔබට මුලු ජීවිත කාලයම මෙසේ යැයි සිතුනත් මම  මේ විදියට  ඉන්නේ හරිම පුංචි  කාලයක්, මම ඔබේ ජීවිතයේ උඩු යටිකුරු කර ඇති නමුත්, නුදුරු අනාගතයේදී  සියල්ල යථා තත්ත්වයට පත් වන බව කරුණාකර මතක් කර ගන්න.

මම කවදාවත් මේ පුංචියට ඉන්න එකක් නෑ....

විශාල ප්‍රතිචාරයක්

මෙම ලිපිය ලෝකය පුරා දෙමාපියන්ව ස්පර්ශ කල අතර එය පල කර නොබෝ වේලාවකින්ම වඩා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම ආරම්භ වුනා.

"මේක ලස්සනයි, හරිම සත්‍යයි. එය  දරුවාගේ උපතෙන් පසු සෑම අලුත් මවක් වෙතම  රෝහලෙන් පිටපතක් ලබා දීමට හැකියාවක් නොමැති නම් එය ලැජ්ජාවට කරුණක් වෙනවා. මගේ පළමු දරුවාගේ  පැමිණීමේදී  එම ලිපිය මට බොහෝ සහයක් ලබා දුන්නා" එක් මවක් ප්‍රතිචාර දැක්වුවා.

"ඔබ මේ සත්‍ය දකින්නේ ඔබේ දරුවා තව දුරටත්  යැපෙන්නෙක් නොවන විටයි. එය ලස්සන ලිපියක්, "තවත් මවක් එසේ ලීවේය.

"මවක්, ආච්චි අම්මා කෙනෙක් සහ මිත්තණියක් වශයෙන්  මෙය හොඳ උපදෙස් ටිකක් වෙනවා. මෙම ලිපිය මගේ මීට අවුරුදු 45 කට පෙර මගේ පළමු දරුවා ඉපදුන විය මට ලැබුනා නම් කියා හිතෙනවා."

ඔබ තනි වී නැහැ

කුඩා දරුවන් හදවඩා ගැනීමේදී ඔවුන් තනිවම නොසිටි බව දෙමාපියන්ට පෙන්වීමට මෙය අත්‍යවශ්‍ය වෙනවා. ඔබ මෙය කියවා ඇත්නම්, තවත්  දෙමව්පියෙකු තනි වී නොමැති බව දැනෙන පරිදි ඔබ ඔවුන් සමග  මෙම පණිවුඩය බෙදාගන්න.

මේක හරිම හැගීම් බර සුන්දර වගේම වැදගත් ලිපියක්. මවක් වීම, දෙමාපියන් වීම තුල ඔබ තනි වී නොමැති බව ආදරයෙන් මතක් කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • "අපිට සති හයක් දෙන්න." දෑස් කදුලින් තෙත් කරන මේ විවෘත ලිපියක් අලුතින් මවක් වු ඔබටයි.
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it