මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

මුඛ සංසර්ගය මගින් දැඩි බැක්ටීරියා ආසාදනයක් පැතිරෙන බව ඔබ දන්නවාද?

මුඛ සංසර්ගය නිසා සීග්‍රයෙන් පැතිරෙන ඉතා දරුණු අතට හැරෙන ගොනෝරියා රෝගය ගැන මේ පූර්ව දැනුම් දීම ගැන ඔබ දැන සිටි යුතුමයි.

ඉතින් ඔයා ලිංගික ආස්වාදයෙන් පිරුණු පුරා රැයක් ගත කලා වෙන්නට පුළුවන්. ලිංගික කාර්‍යයන් බොහොමයක් අතුරින් වැඩිපුරම යෙදුනේ මුඛ සංසර්ගයේද? එසේ නම් කල් තියාම ගොනෝරියා රෝගයේ බරපතල කම ගැන ඔබ දැන සිටිය යුතුයි.
 
පහුවදා උගුරේ ඇතිවන දරාගත නොහැකි වේදනාව නිසා ඔබ ඩොක්ටර් හම්බවෙන්න යනවා.
 
ඔයාව පරීක්ෂා කරල ඩොක්ටර් කියනවා ඔයාට ගොනෝරියා (gonorrhoea) නමැති සමාජ රෝග ආසාදනයක් ඇතිවෙලා කියලා.
 
කලකට ඉහත මෙය සිදු වූවා නම්, බොහෝ වෙලාවට ඔයාට ප්‍රජීවක ඖෂධ ලවා දුන්නට පස්සෙ කෙමෙන් තත්වය සුව අතට හැරෙමින් පවතින්නට පුළුවන්.  

නමුත් දැන්, මෙම තත්වය භයානක පැත්තකට පෙරළෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන ආකාරයට මුඛ සංසර්ගය තුළින් ගොනෝරියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි වෙමින් පවතිනවා.

මේ ගැන තිබෙන භායානක අනතුරු ඇඟවීම තමා, මෙම රෝගයේ වර්ධනයත් සමඟ ගොනෝරියා රෝගයට ප්‍රතිකාර කිරීම වැඩි වැඩියෙන් දුෂ්කර වී තිබීම.

සමහර අවස්ථාවලදී ප්‍රතිකාර කළ නොහැකි තත්වයක් බවට මෙය පෙරළිලා තියෙනවා. දිනෙන් දින කොපු/කොන්ඩම් (condom) භාවිතය අඩුවීම නිසා තත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා.
Why is this STD නැතහොත් සමාජ රෝග යනු මොනවාද? මේවාට ප්‍රතිකාර කිරීම අස්සිරු වී ඇත්තේ ඇයි? 

අනෙකුත් බොහොමයක් ආසාදන වගේම ගොනෝරියා ඇති කරන බැක්ටීරියාවද ඉතා වේගයෙන් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් වර්ධනය කරගන්නවා.

වෙනත් වචන වලින් කියනවා නම් මෙය සමාජ පිළීලයක් බවට පත්වෙලා තියෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් විසින් මෙය මෑතකදී රටවල් 77 ක දත්ත විශ්ලේෂණය කළ අතර, එම සියළු රටවල් වල මෙම බැක්ටීරියාව ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රරතිරෝධය වර්ධනය කරගෙන ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ටියෝඩෝරා වයි පැවසුවේ ජපානය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල ආසාදන වලට ප්‍රතිකාරයක් වත් කළ නොහැකි වූ  සම්පූර්ණයෙන්ම  අවස්ථා තුනක්ම අත් දැක්ක බවයි.

ඇය පැවසූවේ ගොනෝරියා ආසාදනය කරන්නේ ඉතා දක්ෂ බැක්ටීරියාවක් විසින් බවයි.

ගොනෝරියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඔබ නව ප්‍රතිජීවක ඖෂධයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම එම බැක්ටීරියාව ඉතා ඉක්මනින් එයට ප්‍රතිරෝධී වන බවයි. 

ගොනෝරියා රෝගයේ තවත් ඛේදජනක සිදුවීමක් වන්නේ ආසාදනයට ලක්වන්නේ සිරුරේ අත්‍යවශ්‍යම කොටසක් වීමයි...
සුදු බිංදුම නොහොත් ගොනෝරියා රෝගයට හේතු වන බැක්ටීරියාව මගින් ලිංගික අවයව, ගුද මාර්ගය සහ උගුර ආසාදනය කළ හැක.
 

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තිකයන් වඩාත්ම කනස්සල්ලට පත්ව ඇත්තේ මේවා අතුරින් උගුර ආසාදනය වීමයි. 

වෛද්‍යවරුන් පවස ආකාරයට ප්‍රතිජීවක නිසා උගුරේ ස්වාභාවිකවම දක්නට ලැබෙන හොඳ බැක්ටීරියා (ගොනෝරියාගේ කුලයේ බැක්ටීරියාවන් ඇතුළුව) ප්‍රතිරෝධය වර්ධනය වීමයි.

ඔවුන් පවසන්නේ සාමාන්‍ය උගුර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන විට, මෙය උගුරේ ඇති නයිසීරියා විශේෂය (Neisseria species) සමඟ මිශ්‍ර වී එහි ප්‍රතිඵලයක් ලෙස මෙය ප්‍රතිරෝධයට ඇතිවන බවයි. 

එවිට මුඛ සංසර්ගයේදී ඇතුළු වන ගොනෝරියා බැක්ටීරියා මගින් ඉතාමත්ම දැඩි ගොනෝරියා ආසාදනයක් නොහොත් සුපිරි ගොනෝරියා තත්වයක් ඇතිවිය හැකි බවයි.  මේ අතර, ගෝලීය ප්‍රතිජීවක පර්යේෂණ හා සංවර්ධන හවුලේ මැනිකා බාලසේගරම් පැවසුවේ තත්වය “දරුණු” බවයි.
 
සමස්ත ඖෂධ සංවර්ධන පෙලගැස්මේ ඇත්තේ ඖෂධ තුනක් පමණක් බව‍යි. 
 
එබැවින්  වියින් පමණක් මීට ප්‍රතිකාරයක් ඇති බවට කිසිදු නැති බවත් ඇය තව දුරට පවසා ඇත. 
ගොනෝරියා (සුදු බිංදුම) රෝගය ඇති වීමට හේතුව සහ රෝග ලක්ෂණ
නයිසීරියා ගොනෝරියා (Neisseria gonorrhoea) නම් බැක්ටීරියාව මෙම රෝගයට හේතුකාරක වන අතර එය අනාරක්ෂිත යෝනි, මුඛ සහ ගුද ලිංගික එක්වීම හරහා ව්‍යාප්ත වන්නකි.
මුත්‍රා කිරීමේදී වේදනාව, ඔසප් චක්‍රය අතරතුර රුධිරය පිටත් වීම සහ ලිගික අවයව වලින් කහ හෝ කොළ පැහැති ශ්‍රාවයන් විටත් වීම මූලික රෝග ලක්ෂණ වේ. පහසුවෙන් හඳුනාගත හැකි රෝග ලක්ෂණ නොමැතිව ද මෙම රෝගය ද ඇති විය හැකිය.මෙම ආසාදනයට ප්‍රතිකාර නොකිරීම මගින් ශ්‍රෝණි ආශ්‍රිත දරුණු ලෙස දැවිල්ල සහ කාන්තාවන් හට වඳභාවය පවා ඇතිවිය හැකියි.
 
ගර්භණී අවදියේදී මෙම ආසාදනය දරුවාට ප්සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇ
ගොනෝරියාව (සුදු බිංදුම) රෝගයෙන් වැළකීම

වෛද්‍ය විශේෂඥයින්ට අනුව, මෙම රෝගයේ අවදානම අවම කිරීම සඳහා ඔබට කළ හැකි කරුණු කිහිපයක් තිබෙනවා.

  • හැකි සෑම විටම කොන්ඩම් කොපු භාවිතා කරන්න.
  • කාලීන ලෙස නිතිපතා සෞඛ්‍ය පරීක්‍ෂණයක් සිදු කරගන්න. ඉයට ලිංගික සෞඛ්‍යය පරීක්ෂාවද ඇතුළත් විය යුතුය.
  • ඔබේ සහකරුට අසාමාන්‍ය රෝග ලක්ෂණ ඇත්නම් (උදා: මුත්‍රා කිරීමේදී පිළිස්සීම, කැසීම ආදිය) රෝග ලක්ෂණ වලින් රෝගය සොයා ගන්නා තෙක් ලිංගිකව හැසිරීමෙන් වලකින්න.
     
    එසේම, ඔබ හෝ ඔබේ සහකරු මෙම ආසාදනයට ප්‍රතිකාර ලබා ගන්නේ නම්, ඔබේ ප්‍රතිකාර මාලාව අවසන් කිරීමෙන් පසු අවම වශයෙන් දින හතක්වත් අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් වළකින්නැයි  විශේෂඥයින්ට උපදෙස් දෙනවා.

මූලාශ්‍ර: BBC

 

Written by

Niloufer Perera