පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

ඔබටත් හදාගන්න පහසු ‌මේ ‌දොඩම් ‌කේක් එක බබා එක්ක හවසට ‌තේ ‌බොන්න කදිමයි. අනූෂා ජිවනී මහත්මිය අද ඔබට ‌‌ගෙන එන ‌මේ රසම රස ‌දොඩම් ‌කේක් ‌රෙසපිය ඔබත් අදම අත්හදා බලන්න.

දොඩම් ‌කේක් හරිම රසවත්.  බබාලා රසට කන්න කැමතියි ‌නේද? ‌දොඩම් වල පැගිරි රසය හා සුවදට බබාලා ‌කොහොමත් කැමති ‌වේවි.

ඔබටත් හදාගන්න පහසු ‌මේ ‌දොඩම් ‌කේක් එක බබා එක්ක හවසට ‌තේ ‌බොන්න කදිමයි. අනූෂා ජිවනී මහත්මිය අද ඔබට ‌‌ගෙන එන ‌මේ රසම රස ‌දොඩම් ‌කේක් ‌රෙසපිය ඔබත් අදම අත්හදා බලන්න.

දොඩම් කේක් එකක් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය
  •  හාල් පිටි 120 g
  • බිත්තර 5
  • සීනි 80 g
  • ප්‍රේශ් දොඩම් යුශ 100 ml
  • බටර් 50 g
  • දොඩම් පොතු ස්වල්පයක්
  • ලුනුකුඩු ටිකක්
  • දොඩම් ගෙඩියක්
දොඩම් කේක් එක හදමු

බිත්තර එක සුදුමද කහමද වෙන් කරගන්න. 

දොඩම් මිරිකලා යුෂ ටික ගත්තට පස්සේ පොතු ටිකක් පොඩියට කපාගන්න. මේ කේක් එකට පාන්පිටි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට හාල්පිටි තමයි පාවිච්චි කරනවා.  

දැන් බටර් ටික දිය කරගන්න.

දොඩම් ගෙඩිය රවුම් පෙති කපාගන්න.

දැන් බාජනයකට කහමද, ලුනුකුඩු, බටර්, දොඩම් පොතු, සීනි 20g, දොඩම් යුෂ යන සියල්ලම ටික දාලා හොඳට කලවම් කරන්න.

අන්තීමට පිටි එකතු කරලා කලවම් කර පැත්තකින් තියන්න.

මේ අතරතුර අවන් එක 170 C ප්‍රී හීට් කරගන්න.

දැන් වෙනම ලොකු බාජනයක් ගෙන බිත්තර සුදුමද දාලා ටිකක් බීට් කරන්න.

තරමක් බීට් වෙනකොට සීනි 60 g ටික ටික දාන්න. දැන් එය හොඳට හිම වගේ වෙනකම් බීට් කරගන්න. 

ඊ ලගට කලින් හදලා තිබ්බ බැටර් එකට මේ සුදු මද ටික ටික දාලා ස්පැචුලර් එකකින් හෙමින් කලවම් කරගන්න.

අන්තීමට ට්‍රේ එකට දොඩම් පෙති ටික ලස්සනට තියලා කේක් මිශ්‍රණය දාලා කලින්ම  රත් කරපු අවන් එකේ 170 C විනාඩි 25-30 බේක් කරගන්න. 

මෙහිදි යොදා ගෙන තියෙන්නේ කඩදාසි ට්‍රේ එකක්. හැබැයි ඒක එක පාරක් පාවිච්චි කරලා ආයෙත් පාවිච්චි කරන්න බැහැ. ඔයාලා කැමති විදියට ට්‍රේ එකක් පාවිච්චි කරන්න. 

දොඩම් කේක් එක රස වගෙම හොඳට සොෆ්ට් එකටත් තියනවා .

පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

අද අපිට මේ රසම රස ‌දොඩම් කේක් එකක් ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දු් අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු