theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

5 අවම කියවීම
වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?

ශ්‍රී ලංකාවේ හුඟක්ම වෙළඳපළේ අපිට ගන්න තියෙන එළවළු පලතුරු වල විෂ වර්ග එක් එක් ආකාරයට අඩංගු කරන බව දැන් කවුරුත් දන්නවා වුනත් ඊට විසඳුමක්, පිළියමක්, උදව්වක් තියෙනවද?

වස විස නැති අලුත් එළවළු, නැවුම් පලතුරු ගන්න තැන් ගැන අපි නිතරම සොයනවා බලනවා.

ඒත් අලුත් වගේ පෙනුනට, නැවුම් වගේ පෙනුනට ඇත්තටම ඒවා එළවළු සහ පලතුරුද නැතිනම් වසද කියලත් හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්.

ශ්‍රී ලංකාවේ හුඟක්ම වෙළඳපළේ අපිට ගන්න තියෙන එළවළු පලතුරු වල විෂ වර්ග එක් එක් ආකාරයට අඩංගු කරන බව දැන් කවුරුත් දන්නවා වුනත් ඊට විසඳුමක්, පිළියමක්, උදව්වක් තියෙනවද?

ගෙදරකට යනකොට හොඳ කහ පාට ඉදුණු කෙසෙල්, පොල් ගෙඩි වගේ පැපොල් අපි අරගෙන ගිහින් ලෙඩ තෑගි කරන බව ඔබ දන්නවද?

ඒ වගේම එදා ඉඳන් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලා, පුංචි දරුවෝ කෑමෙන් බීමෙන් අපි කොයිතරම් නම් පරෙස්සම් කළාද? 

නමුත් හැමදේම ක්ෂණික වෙලා තියෙන නිසා ලේසිය පහසුව බලන්න කවුරුත් පුරුදු වෙලා.

නමුත් මේ විෂ සහිත එළවළු පලතුරු නුපන් දරුවන්ටත්, ඉපදුනු දරුවන්ටත් වැඩිහිටි අපිටත් හදන ලෙඩ රෝග මොනවද කියලවත් කියන්න බැරි තරමට එහි භයානක තත්වය අද රටටම බලපාන විශාල ගැටළුවක් වෙලා.

සමහර දෙමාපියන් මේ ගැන දැනුවත් වුනත් බහුතරය මේ ගැන දැනුවත් නැති බව හුඟක් අම්මලාට තාත්තාලට කතා කළහම වැටහුණා.

ඉතින් ඒ නිසාම අපේ දරු පැටව් ටික වෙනුවෙන් ඔබේ රැකවරණය වෙනුවෙන් මේ කරුණු ටික වටීවි කියලා හිතනවා.

අපි ඒ නිසා අපි බබාලා කෑම කන්න ආරම්භ කරන තැන ඉඳන්ම පටන් ගනිමු.

අම්මලා දන්නවා මාස 6 ක් යනතුරු ඔබේ කිරි කැටියා ඔබේ තුරුලේම ඉඳන් කිරි බීලා වැඩුනට පස්සේ එයාට ටිකෙන් ටික ආහාර පටන් ගන්න එක අත්‍යවශ්‍යයි.

මාස 6ක් ලැබූ දරුවාට වස විස නැති එළවළු පළතුරු

පළමු මාස 6 න් පස්සේ පැටියට ඝන ආහාර කවන්න පටන් ගන්නම වෙනවා.

ඉතින් මේ ඝන ආහාර වලට අපි එළවළු පලතුරු සෙමෙන් සෙමෙන් එක් කරන්නේ දරුවට විවිධ රසයන්ට ක්‍රමයෙන්  පුරුදු කරවන්නයි.

ක්‍රමයෙන් ආහාර වර්ග වැඩිකරනවා වගේම ඒවායේ ස්වභාවය, ඝනත්වයත් දරුවා තෝරා ගන්නවා.

ඉතින් ඔබ දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම මීට සුදානම් වුනොත් රන් කිරි ටික වගේ රන් වගේ පලතුරු එළවළු ටිකකුත් පැටියට දෙන්න පුළුවන්. ඒ කොහොමද?

හැමදේම වෙළඳපොලෙන් මිලදී ගන්නවාට වඩා ඔබේ නිවසේ අයගෙත් උදවුවෙන් ගස්ලබු පැළයක්, කෙසෙල් පැළයක් ගෙදරම හදාගන්න පුළුවන්.

එතකොට ලංකාවේ හැදෙන දෙළුම් පැළයක්, නාරං පැළයක් හදාගත්තොත් දරුවත් එක්කම වැඩෙන පලතුරු ගස්වලින්

ගෙඩි එක දෙක කඩලා දරුවට දෙනකොට ඔබට පුදුමාකාර සතුටක් තෘප්තියක් අත්දකින්න පුළුවන්.

අපිට කොහෙන්ද ඕවට ඉඩ කඩ ඔබ කියන්න පුළුවන්. නමුත් අපිට ගෙදරදීම නිවිති, මුකුණුවැන්න, ගොටුකොළ, බණ්ඩක්කා, බටු, බෝංචි, පතෝල වගේ ගුණයෙන් අනූන එළවළු පෝච්චිවල හදාගන්න පුළුවන්.

දරුවන්ගේ කෑම වේලට වරකට ඕනෙ ගොටුකොළ කිහිපයක්, නිවිති කොළයක් වගේ සුළු ප්‍රමාණයක්.

ඉතින් ඒක පෝච්චියක වගා කළොත් අවම වශයෙන් පැටියට වස විස නැති කෑම වේලක් දෙන්න පුළුවන්.

නමුත් මේක ව්‍යාප්ත කරගන්න ඔබට තියෙන ඉඩ ප්‍රමාණය අනුව පුළුවන්. ඉතින් උත්සාහය කැපවීම ඇත්නම් කළ නොහැකිදෙයක් නැති බව ඔබට දැනේවි.

දරුවන්ට වස විස නැති එළවළු පලතුරු තෝරා ගන්නේ කොහොමද?

වෙළඳපොලේ කෘෂි රසායනිකයන් නොදා හදපු එළවළු පලතුරු හරිම දුලබයි. නමුත් ඒවා හඳුනාගන්න ඔබට පළපුරුද්දක් ලබා ගත්තොත් අඩුම තරමින් හොඳ දේ විතරක් ගෙදරට ගෙන්න පුළුවන්.

කෙසෙල්

ස්වභාවිකව කෙසෙල් කැනක් ඉදෙන්නේ ක්‍රමනුකූලවයි. ඇවරියෙන් ඇවරිය, ගෙඩියෙන් ගෙඩිය. හැබැයි බලෙන් ඉදවන ඒ කියන්නේ කාබයිට් හෝ වෙනත් වස විස මගින් ඉදවන විට මුළු කෙසෙල් කැනම ඉදිලා තියෙනවා දකින්න පුළුවන්.

ඒ වගේම තැන තැන තිත් තිත් වැටුන කෙසෙල් ගෙඩිත් ස්වභාවිකව ඉදුන කෙසෙල් කියලා හොයාගන්න වගේම රසයෙත් ලොකු වෙනසක් ඇති බව ඔබට පෙනේවි.

ගස්ලබු

බැලූ බැල්මට ලොකුවට කහපාටට තියෙන ගස්ලබු වලට ඔබ රැවටෙනවා  නම් දෙපාරක් හිතන්න.

කහ පාට කොළ පාට මිශ්‍ර සාමාන්‍යය ප්‍රමාණයේ ගස්ලබු කාබණික පොහොර වලින් වර්ධනය වූ ලක්ෂණ කියාපාන අතර තනිකර කහපාට ගස්ලබු කෘතිමව ඉදවන ලද ඒවා බවට බොහෝ විට අනුමාන කළ හැකියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඇපල්, දොඩම්

දොඩම් නම් අපිට අපේ ලංකාවේ දොඩම් දරුවන්ට දෙන්න තෝරා ගන්න. ඇපල් මාස ගණනාවක් කල් තබා ගත හැකි ආකාරයට සකස්වී අපේ රටට පැමිණෙන නිසා අත්‍යවශ්‍යනම් පොත්ත හැර පමණක් දරුවන්ට දෙන්න.

අඹ, අන්නාසි

ස්වභාවිකව ඉදුන අඹ වල නැට්ට ඉවත්කළ තැන කිරි උවමනාවට වඩා බේරී නැතිනම් ඒවා ස්වභාවයෙන් පැසුනු අඹ වගේම එහි සුවඳින් වුනත් තෝරාගන්න පුළුවන්. අන්නාසිත් ක්‍රමයෙන් ඉදෙන නිසා එහි පාට ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්.

හැකි හැම විටම අපේ රටේ හැදෙන පලතුරු හා එළවළු තෝරා ගන්න පුළුවන් නම් එහි වැදගත්කම වැඩියි.

මොකද විදේශ රටවලින් අපට ලැබෙන එළවළු වලට, පලතුරු වලට යහමින් බෙහෙත් ද්‍රව්‍ය නොදා ඒවා මේ තරම් ලස්සනට වෙළඳපොළේ අලෙවියට තියන්නේ කොහොමද? ඉතින් ඒ ගැන හිතන්න.

පලතුරු වගේම එළවළු තෝරා ගනිද්දීත් බෙහෙත් වර්ග හා කෘමිනාශක අඩුවෙන් යොදන  බොහෝ විට වාරයට විතරක් හැදෙන දෙල්, කොස්, අඹරැල්ලා, මුරුංගා, අඹ වගේ දේවල් අපිට බයක් නැතිව කෑම වේලට එකතු කරගන්න පුළුවන්.

ඒ වගේම වර්තමානයේ කාබණික පොහොර යොදා සකස් කරන එළවළු හා පලතුරු ඇති නිසා ඔබ ඊට යොමු වුවහොත් මේ සරුවට ලස්සනට පෙන්න තියෙන විස පෙවූ එළවළු පලතුරු නිකම්ම ප්‍රතික්ෂේප වන එක වළක්වන්න බැහැ.

ඉතින් කාබණික පොහොර යොදා හැදෙන ගස් වල ප්‍රමාණය කෘමිනාශක යොදන ගස්වලට වඩා හුඟක් අඩුයි.

ඊට අමතරව,

  • පලා වර්ග වල තිත් හා පලගැටියන්, පණුවන් කාපු කොළ දකින්නට ඇත්නම්
  • පත්‍ර කුඩා නම්
  • අල, කරල්, ගෙඩි කුඩා නම්
  • පණුවන් කෑමට ලක්වී ඇති නම්
    ඒවා බොහෝ දුරට ස්වාභාවිකවම හැදුණු ඵලදාව විදිහට අනුමාන කරන්න පුළුවන්.

ඒ නිසා ලොකු පත්‍ර, ලොකු අල ඇති පෙනුමෙන් හරිම ප්‍රියමනාප එළවළු වලට රැවටෙන කොට ඔබ දෙපාරක් හිතන්න.

ඔබ ගෙදරදීම මේ වගාවන් පුළුවන් විදිහට වගා කරන්න ආරම්භ කළොත් එය අත්දකින්න ලැබේවි.

ඒ වගේම ඉන් ලැබෙන සතුට සැනසුම ඔබට වගේම ඔබේ මුළු පවුලටම ජීවිතය තියෙන තුරාම ලැබේවි.

ඒ හින්දා අද ඉඳන්ම එක පැළයක් හරි ගෙදර හදලා වවලා කෑම මේසයට යවමු. ඒ සතුට ඔබේ මුළු පවුලටම ලැබේවි. theAsianparent  Sri Lanka මේ සටහන ඒ වෙනුවෙන්මයි.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • වස විස නැති එළවළු, පලතුරු ගෙදරම වවලා බයක් නැතිව දරුවන්ට දෙමුද?
බෙදාගන්න :
  • ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

    ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

    ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it