theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොන්මාරි ක්‍රමය අනුව පිළිවෙල ඉගෙනගෙන ජීවිතය වෙනස් කරගනිමුද?

4 අවම කියවීම
කොන්මාරි ක්‍රමය අනුව පිළිවෙල ඉගෙනගෙන ජීවිතය වෙනස් කරගනිමුද?කොන්මාරි ක්‍රමය අනුව පිළිවෙල ඉගෙනගෙන ජීවිතය වෙනස් කරගනිමුද?

මරී කොන්ඩෝ කියාදෙන කොන්මරී ක්‍රමය ඔබේ නිවසේ ඔනෑම ස්ථානයක් පිළිවෙලට අස්පස් කරගන්නට උදව් වනවා. ඒ ගැන මෙතැනින් දැනගන්න

කොන්මාරි ක්‍රමය කියන්නේ මොකද්ද? මාරි කොන්ඩෝ ක්‍රමයට අනුව ඕනෑම තැනක් පිළිවෙලට අස්පස් කරගෙන නිවසේ පිළිවෙල තියාගන්නේ මෙහෙමයි.

මාරි කොන්ඩෝ ගැන බොහෝ දෙනා දන්නේ ඇගේ ජනප්‍රියම The Life-Changing Magic of Tidying Up යන පොතෙන්.

මෙම පොත 2014 දී මුලින් ප්‍රකාශයට පත් කරන විට, මාරි කොන්ඩෝ ජපානයේ විප්ලවීය සංකල්පයක් (කාමරයෙන් කාමරයට වඩා වර්ගීකරණය අනුව සංවිධානය කිරීම) මත පදනම්වම් පිරිසිදු කිරීමේ උපදේශිකාවක් ලෙස කටයුතු කළා.

නිවසේ පිළිවෙල

මෙම ක්‍රියාවලියට හුරු වූ පසු, පැරණි පුරුදු වලට නැවත නොපැමිණි සේවාදායකයින්ගේ වාර්තාවක් තැබීමට ඇය සමත් වුණා.

අද, ඇය ජනප්‍රිය නෙට්ෆ්ලික්ස් ප්‍රසංගයක් වන ටයිඩිං අප් විත් මාරි කොන්ඩෝ (Tidying Up with Marie Kondo) වැඩසටහන හරහා විශේෂ ගෘහ කළමනාකරණ අනන්‍යතාවක්  ගොඩනගාගෙන සෑම ඇමරිකානු නිවාසයකම පාහේ රසික හදවත් දිනාගෙන තිබෙනවා.

මෙය පුද්ගලයින් ක්‍රියාශීලී කොට තිබෙනවා. දැන් මැයගේ දැනුමෙන් කොටසක් හැමෝටම වගේ නැතිව බැරි සෙයකි.

1. නිවසේ පිළිවෙල තියාගන්න උදව් වන කොන්මාරි ක්‍රමය යනු කුමක්ද?

කෝන්මාරි ක්‍රමය යනු අවමවාදය (minimalism) සංකල්පය මත පදනම් වූ ක්‍රමවේදයක්.

මෙහිදී යම් වර්ගීකරණයක් කාමරයෙන් කාමරය වර්ගීකරණය කරනවාට වඩා, බඩු භාණ්ඩ කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙනවා.

කොන්මාරි ක්‍රමය අනුව පිළිවෙල ඉගෙනගෙන ජීවිතය වෙනස් කරගනිමුද?

2. කොන්මාරි ක්‍රමය ආරම්භ කිරීම සඳහා මූලික නීති හයක් පිළිපැදිය යුතු වනවා:

  1. පිළිවෙලට කටයුතු කිරීමට කැප වන්න.
  2. ඔබේ පරමාදර්ශී ජීවන රටාව ගැන සිතන්න.
  3. පළමුව ඉවතලෑම අවසන් කරන්න. අයිතම ඉවත් කිරීමට පෙර, එක් එක් අයිතමයේ අරමුණ ඉටු කිරීම ගැන අවංකවම ස්තූති කරන්න.
  4. පිහිටීම අනුව නොව කාණ්ඩ අනුව පිළිවෙලට අසුරන්න.
  5. නිවැරදි පිළිවෙල අනුගමනය කරන්න.
  6. දැන් ඔබට දැනෙන වෙනස ගැන ඔබෙන්ම අසාගන්න.

3. බඩු භාණ්ඩ වර්ගීකරණය කෙරෙන මූලික කාණ්ඩ පහකි.

  1. ඇඳුම් පැළඳුම්
  2. පොත්පත්
  3. පත්තර/පුවත්පත්
  4. කොමොනෝ (විවිධ දේ)
  5. සුවිශේෂ වටිනාකමක් ඇති දේවල්

බොහෝ අය ඇයගේ ක්‍රමවේදය අනුව පිළිවෙලට ඇසුරු කරන අතර, ඇත්තවශයෙන්ම මෙහි ප්‍රධාන කර්තවය වන්නේ වටිනාකමක් නැති අයිතම ඉවතලෑමේ ක්‍රියාවලියයි.

ඉවතලෑමේ ක්‍රියාවලිය පටන් ගැනීම සඳහා කොන්ඩෝ නිර්දේෂ කරන්නේ  ඔබේ පළමු භාණ්ඩ කාණ්ඩය වන ඇඳුම් වලින් පටන් ගන්නට කියායි.

කබඩ් සහ ලාච්චු වලින්, ඇඳුම් ආයිත්තම් කට්ටල (පළමු කාණ්ඩය) අනවශ්‍ය ඇඳුම් සියල්ල ඉවත් කරන ලෙසයි.

මින් අනතුරුව ඔබේ ලාච්චු, පොත් රාක්ක වලින් ඉවත් කල යුත්තේ පොත් පත්‍ ය. (දෙවන කාණ්ඩය).

ඔබේ මේසයෙන් හා ලාච්චු වලින් පිටත ඇති සියලුම පොත් වලින් පටන් ගන්න. අනවශ්‍ය පොත් පත් ඉවත් කිරීමෙන් ආරම්භ කරන්න. ඉතින් මෙලෙස ඉතිරි කාණ්ඩ වලටද මෙම ක්‍රමය අනුගමනය කරන්න.

මුලින්ම නිදසුනක් ලෙස ඇඳුම් අස්පස් කරන්නට පටන් ගත්තේ නම් කළ යුත්තේ, සියළුම ඇඳුම් එළියට ඇද එකට ගොඩ ගැසීමයි. එනම් ඔබේ කාමරයේ සියළුම ස්ථාන වල අසුරා ඇති ඇඳුම් එළියට ඇද, එක ගොඩකට ගැසීමයි.

දැන්, මෙම ලොකු ගොඩේ ඇඳුම් එකින් එක පිරික්සා, ඔබ අකැමති ඇඳුම් හා නොඅඳින ඇඳුම් එකින් එක ඉවත් කරන්න.

දැන් ඉතිරි ඇඳුම් නැවත නියමිත තැන් වල අසුරන්න.

හැම කාණ්ඩයක් සමඟම මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන්, සෑම කාණ්ඩයකම අනවෂ්‍ය දෑ ඉවත් කළ පසු, ඔබට අවශ්‍ය ප්‍රමාණ පමණක් කුඩා ප්‍රමාණ වලින් ඉතිරි වන බව ඔබට පෙනේවි.

මුලදී මෙය අමුතු හෝ අස්වාභාවික බවක් දැනිය හැකි බව කොන්ඩෝ පිළිගන්නා අතර, මෙම ක්‍රියාව අනුගමනය කරන පළපුරුදු කාරයින් සහතික වන්නේ, මෙම ඉවත් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන විට ඔබට සතුට ගෙන දෙන දේ හඳුනා ගැනීමෙන් ඔබ වඩාත් සහනදායී හැඟීමක් දැනෙනු ඇති බවයි.

ඔබ සෑම කාණ්ඩයකම අයිතම ඉවත් කළ පසු, ඔබට විවිධ ලාච්චු, රාක්ක සහ පෙට්ටි වෙත ආපසු යා හැකි ඉතා කුඩා අයිතම කට්ටලයක් තිබිය යුතුය. ඊළඟ කාණ්ඩයට යාමට පෙර ඔබ එක් කාණ්ඩයක් අවසන් කළ යුතු බව සලකන්න.

දැන් ඔබව සතුටින් පුරවන අයිතමයන් ඔබ පිළිවෙලට අසුරාගන්නා අතර ඔබ කැමැත්තක් නැති දේවල් ඉවත් කිරීමට ඔබට පුළුවන්.

මාරි කොන්ඩො පවසන්නේ, මෙලෙස පිරිසිඳු කිරීමේ කරියාවලියේදී, හොඳින් පිළිවෙලට සැකසූ ප්‍රදේශය සිතින්  මවාගන්නා ලෙසයි. එහි චිත්තරූප මවාගන්නා ලෙසයි.

4. “කොන්මාරි” යන්නෙන් යමක් අදහස් වේද?

මෙහි ගැඹුරු අර්ථයක් නොමැත: කොන්මාරි යනු හුදෙක් මාරි කොන්ඩෝගේ අවසාන සහ පළමු නම් වල එකතුවයි.

කොන්ඩෝ බුද්ධිමත් ලෙස මෙම පදය ඇගේ වෙළඳ ලකුණ ලෙස ජනගත කළා.

5. කොන්මාරි නැමීමේ ක්‍රමය කුමක්ද?

ඇඳුම් නිසි ලෙස නැමිය යුතු ආකාරය පිළිබඳ කොන්ඩෝට නිශ්චිත මාර්ගෝපදේශ තිබෙනවා. කොන්මාරි ක්‍රමයට ඇඳුම් නැමෙන ආකාරය දැන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න:

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඇත්ත වශයෙන්ම එය සැබෑ වෙනසක් ඇති කරන ඇඳුම් ගබඩා කරන පිළිවෙලක්. ඇඳුම් ගොඩවල් ගසා තිබීම, මොන තරම් පිළිවෙළට තියා තිබුනත්, සමහර ඇඳුම් අවශ්‍ය වෙලාවට හොයා ගැනීමටත්, එවා දකින්නට ලැබීමත් අභියෝගයක්.

ඒ වෙනුවට, ස්පර්ශය සහ භාවිතය තුළින් භාණ්ඩ සොයාගැනීමට කොන්ඩෝගේ මෙම ඇඳුම් කෙලින් සිටුවා තැන්පත් කිරීමෙ ක්‍රමය අනුගමනය කර ජීවිතය වෙනස් වන ආකාරය බලන්න.

ලැවෙන්ඩෙයාර්ගේ මෙම වටිනා වීඩියෝව මගින් විශාල ස්වෙටර්  සහ හුඩීස් වැනි විශාළ ඇඳුම් උපක්‍රමශීලීලෙස නමන ආකාරය සඳහා පියවරෙන් පියවර උපදෙස් සපයයි:

6. නිවසේ පිළිවෙල රකින කොන්මාරි පිරික්සුම් ලැයිස්තුව කුමක්ද, මට එය අවශ්‍යද?

කොන්ඩෝගේ ස්පාර්ක් ජෝයි (Spark Joy) පොතේ හි, ඔබට කුස්සියට උපකරණ මෙවලම්, පිරිසිදු කිරීමේ සැපයුම් සහ ඩිජිටල් ඡායාරූප ඇතුළු පුළුල් කාණ්ඩ ලැයිස්තුවක් හරහා ඔබ තියාගත යුතු දේවල් සහ ඉවත දැමිය යුතු දේවල් තීරණය කිරීමට උපකාරී වන මාර්ගෝපදේශයක් ගෙන එනවා.

නිවසේ පිළිවෙල

එබැවින් යම් යම් බඩු භාණ්ඩ පිළිබඳව ඔබට සාමාන්‍යයෙන් අවිනිශ්චිත යැයි හැඟීමක් තිබෙන්නේ නම්, ඔව්, මෙම පිරික්සුම් ලැයිස්තුව මඟින් ඔබේ පිළිවෙලට සකස් කිරීමේ ක්‍රියාවලිය වඩා වේගවත් වනු ඇත. ඇඳුම් කමිසවල සිට මේස් දක්වා සෑම දෙයක් ගැනම මෙන්ම ඒවා නැමිය යුතු ආකාරය ද, එය ආවරණය කරනවා.

 මූලාශ්‍ර: goodhousekeeping.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • කොන්මාරි ක්‍රමය අනුව පිළිවෙල ඉගෙනගෙන ජීවිතය වෙනස් කරගනිමුද?
බෙදාගන්න :
  • නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

    නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

    මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

  • නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

    නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

    මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it