theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

3 අවම කියවීම
අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

මේ ගැන තවදුරටත් කරුණු දැන ගැනීමට අපි මනෝවෛද්‍ය උපදේශක හා කථිකාචාර්ය නිලංග අබේසිංහ සමග පිළිසඳරක යෙදුනා.

අපයෝජනය යම් ආකාරයක මානසික සූරාකෑමක්, නැතිනම් පීඩාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අඹුසැමියන් තුළ ඔවුන් එකිනෙකට නොදැන වුවත් මෙම පීඩාවන්, සූරා කෑම තිබෙන්න පුළුවන්. මේනිසාම පීඩාකාරී ලිංගික ජීවිතය කට මග පාදන්නට පුළුවන්. නමුත් සම්ප්‍රදාය නිසා ඔවුන් එය ඉවසා දරාගෙන ඉන්නවා වන්න පුළුවන්.

ඊට පිහිටක් නැතැයි සිතන්න පුළුවන්. ඒ නිසාම ඉන් පීඩා විඳිමින් එහිම ජීවත් වන අඹුසැමියන් සිටින්නට පුළුවන්. මේ ගැන තවදුරටත් කරුණු දැන ගැනීමට අපි මනෝ උපදේශක හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලංග අබේසිංහ සමග පිළිසඳරක යෙදුනා.

අඹුසැමියන්ගේ පීඩාකාරී ලිංගික ජීවිතය ඇරඹෙන්නේ කොයි ආකාරයකටද ?

  • ශාරීරික හිංසනය

බොහෝ දුරට එය ශාරීරිකව වන පීඩාවක් වන්නට පුළුවන්. පහරදීම, තල්ලු කිරීම, දමා ගැසීම වගේ දේවල් මීට ඇතුලත්.

  • වක්‍ර හිංසනය 

ඒ වගේම වක්‍රාකාරව හිංසනය සිදුවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සැමියා හෝ බිරිඳ ඔවුන්ට කිසිදු පිටස්තරයෙකු සමග සබඳතා පවත්වන්නට නොදෙනවා නම්, ඊට බාධක යොදනවා නම් එය වක්‍ර හිංසනයක් වෙනවා.

  • ලිංගික හිංසනය

ලිංගික වශයෙන් එක්වීම ලබා නොදීම, එය ප්‍රතික්ෂේප කිරීම, අකමැති ඉරියව් වලින් එක්වීමට තර්ජනය කිරීම වැනි දේවල් වන්නට පුළුවන්.

  • මුල්‍යමය හිංසනය

තම සහකරුට හෝ සහකාරියට සතයක් හෝ ලබා නොදීම, ඔහුට හෝ ඇයට වියහියදම් කිරීමට නිදහසක් නොදීම මීට ඇතුලත්.

මේ කවර ආකාරයෙන් හිංසා සිදු කළත් ඉන් අනෙක් පුද්ගලයා අපහසුතාවයට, ලැජ්ජාවට පත්වෙනවා නම් එය හිංසනයක් බව මනෝවිද්‍යා කථිකාචාර්ය නිලංග පවසනවා.

අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

මෙලෙස සහකරු හෝ සහකාරිය හැසිරීමට හේතු

  • පවුලේ වගකීම් බෙදා නොගැනීම.
  • පෙර සහකරුගේ හැසිරීම් වලට වඩා දැන් හැසිරීම් වෙනස් වීම.
  • ඔහු තවත් දෙයකින් පීඩාවට පත්වෙමින් තිබීම.
  • තමාට කේන්තිය පිට කිරීමට ඇති මාවත තම සහකරු ලෙස සිතීම.
  • මානසික රෝග.
  • පෞරුෂත්වයේ ලක්ෂණ නිසා.

වැනි හේතු වෙන්න පුළුවන්.

නමුත් මේ හේතු නිසාම පමණක් නොව සමහර ඇබ්බැහි වීම්ද ඊට බලපාන්න පුළුවන් බව ඔහු පවසනවා. බොහෝ විට මෙවැනි පුද්ගලයන් සහනය පතා වෙනත් සබඳතා ඇති කරගන්නා අතර සමහර පුද්ගලයන් නොවන දේවල් සමගත් සබඳතා පවත්වනවා.

  • මත්ද්‍රව්‍ය
  • දුරකථනය
  • පරිඝනකය

වැනි දේවල් ඉන් සමහරක් වෙන්න පුළුවන්.

බිරිඳ හෝ සැමියා සමග ඇසුර තිත්ත වීම නිසා ඔවුන් ගෙදර ආ විගස මේ යන්ත්‍ර සුත්‍ර සමගම පමණක් කාලය ගත කරන්න, නැතිනම් ඇතිතරම් බීමත්ව නිවසට එනවා. මෙවැනි බීමත් පිරිමි සමහර විට හැම සතයම බීමට වියදම් කරනවා. කාන්තාවන් මත්ද්‍රව්‍ය වලට වඩා කේන්තිය හා හිංසනය පිට කිරීමට බැන වැදීම, කෑගැසීම, දකින දකින අය සමග ආරවුල් ඇතිකර ගැනීම සිදු වෙන්න පුළුවන්.  නමුත් පිරිමින් පහර දීම, කෑගැසීම්, බිය වැද්දවීම් තුළින් තම පීඩනය පිට කරනවා.

මේ නිසා දරුවන්ට වන බලපෑම

විවාහ දිවියේ ගැටළු

 

  • දරුවන්ට සලකන ආකාරය වෙනස් වන බව දැනෙනවා හා එසේ වෙනවා.
  • දෙමාපියන් සතුටින් නැති නිසා දරුවන් සමග සතුටින් කල් ගෙවන්න බැරි වෙනවා.
  • අනෙකාගේ පීඩනය දරුවන් තුළින් පිට කරනවා.
  • දරුවන් වැඩිවියට පැමිණි පසු පරම්පරාවෙන් පරම්පරාවට එය ව්‍යාප්ත වෙනවා.
  • පවුල් ජීවිතයක් ගෙවන්නේ මගේ දෙමාපියන් ගෙවන ආකාරයට යැයි ඔවුන් හිතනවා.
  • රණ්ඩු වීම, කෑගැසීම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා.
  • දරුවෙකු පිය පදවිය ලද පසු මගේ තාත්තත් කළේ මෙහෙමයි. ඉතින් මාත් බිරිඳට දරුවන්ට කරන්නේ එහෙමයි කියා එය අනුගමනය කරනවා.

සමාජයේ වගකීම

  • බොහෝ විට මෙවැනි හැසිරීම් පවුල් වල අනුමත වන අවස්ථා තියෙන බව නිලංග තවදුරටත් කියනවා. එය සාමාන්‍ය කාරණයක් වීම තුළ දුකට පත්වන කෙනාට පිහිටක් නැතිවෙනවා.
  • “අපිත් ඉස්සර ඔහොම තමයි”, “ පවුල් ජීවිතේ හැටි ඔහොම තමයි” ආදී වශයෙන් වැඩිහිටියන් එය සාමාන්‍යකරණය කරනවා. ඉන් ඔහුට හෝ ඇයට පිහිටක් නැතිවෙනවා.

ඇත්තටම පවුල් ජීවිතය ඇතුලේ පීඩාකාරී ලිංගික ජීවිතය කෙරෙහි පිහිටක් නැද්ද?

ලංකාව පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පවුල් උපදේශනය හා මනෝවෛද්‍ය උපදේශනය සඳහා නිලධාරීන් රජයේ වියදමින් යොදවා තිබෙන බව කථිකාචාර්යවරයා තවදුරටත් පැවසුවා.

අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

හිංසනයෙන් මිදෙන්න ඔබට පුළුවන්

  • උපදේශනය සඳහා යොමුවීම.
  • එක් උපදේශකයෙකුගෙන් පිළියමක් නැත්නම් තවත් උපදේශකයෙකු වෙත යොමු වීම.
  • හැකිනම් දෙදෙනා කතාබස් කර සමථයකට පත්වීමට උත්සාහ කිරීම.
  • එදා වගේ අදත් අපි සමගියෙන් ආදරෙන් නොඉන්නට හේතු පෙන්වීම.

වැනි කාරණා වලින් නැවතත් බිඳ වැටෙන්න යන ඔබේ සොඳුරු කැදැල්ල එක්කාසු කරන්නට පුළුවන්.

අපගේ අතීතයේ අමිහිරි මතක තුළින් එකිනෙකා පෙළනවාට වඩා ඊට විසඳුමක් හොයන්න ඔබට පුළුවන්. මේ දුර්වලකම් මගහැර ගන්න, හඳුනාගන්න, පිළියම් සොයාගන්න theAsianparent Sri Lanka ගෙනා මේ තොරතුරු ඔබට වැදගත් වේවි.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?
බෙදාගන්න :
  • දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

    දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

  • සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

    සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

  • දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

    දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

  • සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

    සමහර අඹුසැමියන් වෙනම ඇඳවල් වල නිදාගන්න කැමති ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it