theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යටි පතුල් වේදනාව සහ එය නිවසේදී සමනය කල හැකි ක්‍රම

3 අවම කියවීම
යටි පතුල් වේදනාව සහ එය නිවසේදී සමනය කල හැකි ක්‍රමයටි පතුල් වේදනාව සහ එය නිවසේදී සමනය කල හැකි ක්‍රම

යටි පතුල් වේදනාව යනු බොහෝ මව්පියවරුන් අතර බහුල තත්වයක්. මෙය ඇති වීමට තුඩු දෙන හේතු මෙන්ම ගෙදරදීම එය සමනය කල හැකි ආකාර ගැන පැහැදිළි කිරීමකි මේ.

යටි පතුල් වේදනාව යනු බොහෝ මව්පියවරුන් අතර බහුල තත්වයක්. යටි පතුල් වල වේදනාව හැඳින්වෙන තවත් නමක් නම් පාදුක කවලිකා ප්‍රදාහයයි (Plantar fasciitis).

යටි පතුල් වේදනාව ඇති වන අයුරු;

අපගේ පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරන ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතු වනවා.

මිනිස් පාදය හෙවත් විළුඹේ සිට පා ඇඟිලි දක්වා ඇති කොටස සෑදී තිබෙන්නේ ඇටකටු බොහෝ ගණනකින්. ශරීරයේ බර දරාගෙන සිටීම, දිවීම, ඇවිදීම, සමබරතාව පවත්වා ගෙන යාම ආදියට මෙම ඇටකටු ගොඩක් එකට එකතු වී පාදය නිර්මාණය වී තියෙනවා.

මේ ඇටකටු පාදයේ යටි පතුල ප්‍රදේශයේ එක සම්බන්ධක පටකයකින් (Connective tissue)  සම්බන්ධ වී පවතිනවා. මෙය යටිපතුල් සම්බන්ධක පටකය හෙවත් Plantar fascitis නමින් හඳුන්වනුවා. මෙම පටකය තද, ශක්තිමත් ද්‍රව්‍යයක් ලෙස පවතිනවා.

ඉතිං යටිපතුල් වේදනාවට තුඩු දෙන යටිපතුල් ප්‍රදාහය ලෙස හඳුන්වන්නේ ඉහත විස්තර කළ පටකය තුළ සිදුවන “ප්‍රදාහය” තත්ත්වයයි.

ප්‍රදාහය යනු කුමක්ද?

ප්‍රදාහය යනු අප ශරීරය ඇතුලේ කිසියම් ස්ථානයක හෝ අවයවයක කිසියම් හේතුවක් නිසා, ඒ කියන්නේ විෂබීජයක් ආගන්තුක ද්‍රව්‍යයක්, සමහරවිට ඇඟේම කොටසක් ආගන්තුක ද්‍රව්‍යයක් කියලා වරදවා වටහා ගැනීමක් නිසා.

නිරතුරුවම ගෙවීම් හා ගර්ෂණය වීම් ආදිය නිසා ඇතිවන වෙනසට ප්‍රතිචාරයක් ලෙසත් ශරීරය තුළ සිදුවන ක්‍රියාවලියටයි. මෙම ක්‍රියාවලිය Calcaneus ලෙස හඳුන්වනු ලබනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානය හෝ අවයවය වේදනාව සහිත වීම, ඉදිමීම, රත්පැහැ ගැන්වීම, උෂ්ණත්වය වැඩිවීම හෙවත් රත්වීම හා එම ස්ථානයේ ක්‍රියාකාරීත්වයට බලපෑම ආදිය සිදුවෙනවා.

යටි පතුල් වේදනාව දෙන යටි පතුල් ප්‍රදාහයට තුඩු දෙන හේතු;

* ශරීරයේ බර වැඩි වීම.

* දිගටම සිටගෙන සිටීම

* වැරදි ආකාරයට ඇවිදීම

* වැරදි පාවහන් භාවිතා කිරීම

යටි පතුල් වේදනාව සමනය කර ගත හැකි ක්‍රම

වෛද්‍ය උපදෙස් භාවිතා කර යටිපතුල් වේදනාවට ප්‍රතිකාර කල යුතු අතර මෙම වේදනාව සමනය කරගැනීම නිවසේ දීම කළ හැකි දේ කිහිපයක් ඔබ වෙත ගෙන එමු.

වේදනාව සමනය කල හැකි ක්‍රම 

1. ජල නල සඳහා භාවිතා කරන (PVC) බට කැබැල්ලක් යටි පතුළ මඟින් පෑගීම හෙවත් රෝල් කිරීම එක් ව්‍යායාමයක් ලෙස හැඳින්විය හැකි වෙනවා. ඒ වාගේම ඉතාමත් සිනිඳු, මෘදු පතුලක් සහිත සෙරෙප්පු හා පාවහන් භාවිතයද වැදගත් වෙනවා.

2 තද මතුපිටක් සහිත පොළොව හා පාවහන්, රෝග තත්ත්වය උග්‍ර කරනවා. නින්දට යනවිට පාදය පිටුපසට පටියක් වැනි දෙයක් යොදවා තමන් දෙසට ඇදීම මඟින් Streching ව්‍යයාමද රෝග ලක්ෂන පාලනයට උදව් වෙනවා.

3 තදට වේදනාව ඇතිවිට තරමක් උණුසුම් ජලයේ පාද ඔබාගෙන සිටීමත් ඉතා වැදගත් වෙනවා. රෝග ලක්ෂණ උග්‍ර වූ විට බෙහෙතක් එන්නත් කිරීම සිදු කරනු ලබනවා. නමුත් නිතර නිතර එන්නත් කිරිම එතරම් සුදුසු වන්නේ නැහැ. රෝග ලක්ෂණ පාලනය වුණත් මෙහිදී පටකය ඉරීයාමක් සිදුවිය හැකිවනවා. කෙසේ වෙතත් මෙම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර ඔබගේ වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වනවා.

යටි පතුල් වේදනාව

ඉතින් අප අතර ඉතා බහුල තත්වයක් වන යටි පතුල් වේදනාව ගැන මේ ලිපිය තුලින් පෙරට වඩා ඔබ දැනුවත් වුවා යයි විශ්වාස කරමු.

අප ලිපි අතුරින් දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන ලිපියද ඔබට වැදගත් එකක් වේවි. 

මුලාශ්‍රය top10homeremedies.com වෙතිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • යටි පතුල් වේදනාව සහ එය නිවසේදී සමනය කල හැකි ක්‍රම
බෙදාගන්න :
  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

  • ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

    ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

  • ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

    ඔසප් වේදනා වලට නිවසේදී කල හැකි ප්‍රතිකාර හා එය ඇතිවීමට හේතු 7ක්

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it