theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උණට දුන් අධික පැරසිටමෝල් මාත්‍රාව මේ දරුවාගේ අක්මාව අහිමි කරයි

3 අවම කියවීම
උණට දුන් අධික පැරසිටමෝල් මාත්‍රාව මේ දරුවාගේ අක්මාව අහිමි කරයිඋණට දුන් අධික පැරසිටමෝල් මාත්‍රාව මේ දරුවාගේ අක්මාව අහිමි කරයි

පුංචි පැටියාගේ උණට පැරසිටමෝල් වුනත් දිය යුත්ත‌ේ නිවැරදි මාත්‍රාවයි. පැරසිටමෝල් මාත්‍රාව වැඩි වී ‌මේ දරුවාට අක්මාව පවා අහිමි වුනා.

බබාට පැනඩෝල් මාත්‍රාව නිවැරදිව ලබා දීමට මාස 27 ක් වු ‌මේ පුංචි පැටියාගේ අම්මායි, තාත්තායි දැන සිටියා නම් මේ විපත වළක්වා ගන්න තිබුනා. පැන‌‌ඩ‌ෝල් වල අඩංගු වන්න‌ේ පැරසිටමෝල් නම් ඖෂධයයි.

අවුරුදු දෙකක් වු මේ පුංචි පුතාගේ උණ පාලනය කරන්න ඔහුගේ දෙමව්පියන් තමන් කරන ‌දේ නිවැරදියැයි සිතුවා. නමුත් දැන් ඔහුගේ වටිනා ජීවිතය ගැන පවා විශ්වාසයක් තියාගන්න බැහැ.
ඛේදජනකයි නේද?

ඔහුගේ පණ නල රැදී තියෙන්නේ ප්‍රමාද නොවී අක්මාවක් බද්ධ කරාවියි කියන බලාපොරොත්තුවෙනි.  මේ පුංචි දරුවා වියට්නාමයේ ෆු තෝ නගරයේ රෝහලට ගෙන ආවා.

ඒ වන විටත්  නිදිබර ගතිය, අංශක 38 කට වැඩි අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, ඉහළ හෘද ස්පන්දන වේගය සහ අක්මාව විශාල වීම වැනි ‍රෝග ලක්ෂණ වලින් ඔහු පෙළුණා. ඔහුව බේරා ගත හැකි එකම දෙය අක්මාව බද්ධ කිරීමක් බව වෛද්‍යවරුන් පවසනවා.
මාස 27 ක් වු තමන්ගේ පුතාට නිවැරදි පැරසිටමෝල් මාත්‍රාව ලබා දීමට ‌මේ දෙමාපියන් දැන සිටියා නම් මේ අවසනාවන්ත සිදුවීම වළක්වා ගන්න තිබුනා. මේ දරුවාගේ අධික උණ පාලනයට පැරසිටමෝල් මිලිග්‍රෑම් 500  පෙති හතරක් දින හතරක් තිස්සේ ඔහුට ලබා දුන් බව ඔහුගේ දෙමාපියන් තහවුරු කළා.
මෙහි ප්‍රතිඵලය වූයේ මේ පුංචි දරුවා පැරසිටමෝල් විෂ වීම හේතුවෙන් දරුණු පරිවෘත්තීය ඇසිඩෝසිස් (metabolic acidosis) තත්වය  ඇති වී ඇති බව හඳුනා ගැනීමයි.

බබාට පැනඩෝල් මාත්‍රාව ලබාදීම

නිවැරදි මාත්‍රාව සඳහා විශේෂඥයකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස දෙමාපියන්ට තරයේ අවවාද කරනවා. ළදරුවාට හුස්ම ගැනීම සඳහා වෛද්‍යවරු උපකරණ (ventilator)  සවි කල අතර අවශ්‍ය ප්‍රතිකාර (  gastric irrigation and alkaline treatment) ලබා දුන්නා.
පැය දෙකකට පසු, කුඩා දරුවාගේ තත්වය නරක අතට හැරුණා. ඔහුගේ  අක්මාව බරපතල ලෙස අකර්මණ්‍ය වීමේ  ලක්ෂණක් ලෙස ඔහු කෝමා තත්වයට පත් වුනා. වේගවත් හෘද ස්පන්දන වේගය, අඩු රුධිර පීඩනය සහ දරුණු රුධිර  කැටි ගැසීම දුර්වල වීමේ තත්වයක්ද ( Coagulopathy) ඒ සමගම ඇතිවුනා.
ඔවුන්ගේ  දරුවාගේ දිවි ගලවා ගැනීම සඳහා අක්මාව බද්ධ කිරීමක් අවශ්‍ය බව වෛද්‍යවරු ඔහුගේ දෙමාපියන්ට දැනුම් දුන්නා. පසුගිය වසරේදී මෙවැනිම සිදුවීමක් සිදු වී තියෙනවා.
එහිදී  පැරසිටමෝල් විෂවීම හේතුවෙන් තුන් හැවිරිදි දරුවෙකු රෝහලේදී මිය ගිය බව වෛද්‍ය ෆාන් හොං සාං පැවසුවා.
"ළමයින් පැරසිටමෝල් පානය කිරීම සහ විෂබීජ නාශක ඖෂධ අධික ලෙස පානය කිරීම ඉතා භයානකයි. එහිදි බරපතල ප්‍රතිඵල අත්විඳින්න වෙනවා," ඔහු පැවසුවා. "ඒ නිසා, තම දරුවාට උණ ඇති වූ විට නිවැරදි මාත්‍රාව හා උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥයකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස අපි දෙමාපියන්ට තරයේ අවවාද කරනවා."
පැරසිටමෝල් විෂ වීම ඇසිටමිනොෆෙන් විෂ වීම (acetaminophen poisoning) ලෙස හැඳින්වෙනවා. එය ඇසිටමිනොෆෙන් අධික ලෙස පානය කිරීම නිසා ඇති වන අතර වකුගඩු අකර්මණ්‍ය වීම, අග්න්‍යාශ රෝග (pancreatitis) පමණක් නොව මරණය වැනි සංකූලතා පවා ඇති වෙන්න පුළුවන්.

බබාට පැනඩෝල් මාත්‍රාව ලබාදීම: ඔබේ දරුවා නිවැරදි මාත්‍රාව ගන්නා බවට සහතික වන්නේ කෙසේද?

  • ඖෂධ ලේබලය සහ ඇසුරුම් කියවන්න
  • දරුවාගේ බර දැන ගන්න.
  • දියර ඖෂධ නිවැරදිව මැනීම (මාත්‍රා උපාංගය භාවිතා කරන්න අයුරු හා මාත්‍රාව පරීක්ෂා කරන අයුරු  නිවැරදිව ඉගෙන ගන්න.)
  • ලබා දී ඇති  ඖෂධ පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • ඔබට සැකයක්  ඇත්නම් ප්‍රශ්න අසන්න.
සෞඛ්‍ය වෘත්තිකයන් සහ පාරිභෝගික සන්නිවේදනයන් වැඩිදියුණු කිරීමට හොඳ අධ්‍යාපනයක් සහ නිෂ්පාදන පැකේජ ලේබල් කිරීම වැඩිදියුණු කිරීම සඳහා විශේෂඥයින්ටත් දකින්න අවශ්‍යව තියෙනවා.

නැවතත් පුංචි මතක්  කිරීමක්.

ළමයින් සඳහා පැරසිටමෝල් ආරක්ෂිතව මාත්‍රා ලබා දිම (මාසයේ සිට අවුරුදු 12 දක්වා) කිලෝග්‍රෑමයකට මිලි ග්‍රෑම් 15 ක් ‌වෙනවා. එය අවශ්‍ය වු විට සෑම පැය 4-6 කාලයකට වරක් ලබා දෙන්න  පුළුවන්. ඒ වගේම  පැය 24 ක් තුළ මාත්‍රාවන් හතරකට වඩා නොගත යුතුය.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • උණට දුන් අධික පැරසිටමෝල් මාත්‍රාව මේ දරුවාගේ අක්මාව අහිමි කරයි
බෙදාගන්න :
  • ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

    ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

    ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it