ඔබ නොසිතන කරුණු 5 ක් නිසා ඔබත් දරුවත් අතර බැඳීම පළුදු වේවි

ඔබ නොසිතන කරුණු 5 ක් නිසා ඔබත් දරුවත් අතර බැඳීම පළුදු වේවි

ඔබ සමහර විට හිතන්න පුළුවන් ඔබේ මේ හැසිරීම් වලින් දරුවන්ට බලපෑමක් වෙන්නේ නෑ කියලා. ඇත්තටම ඔවුන්ට ඉන් හිත් රිදීම් ඇති වෙනවා වගේම ඔබත් ඔවුනුත් අතර ඇති බැඳීම පළුදු වෙන්න පුළුවන්.

හැම දෙමාපියෙකුම සර්ව සම්පුර්ණ නැහැ. එය සත්‍යක්. අපි අතින් දරුවන් රැකබලා ගැනීමේදී වැරදී වෙන්න පුළුවන්. නමුත් දරුවා සමග බැඳීම ශක්තිමත් කර ගන්න තමයි අපි නිතරම උත්සහ කරන්නේ.

ඒත් හොඳට කියලා අපි කරන දේවල් සමහර විට අයහපතට හැරෙන්න පුළුවන්. ඉන් දරුවා සමග බැඳීම පළුදු වෙන්න පුළුවන්.

මේ විශේෂ කරුණු 5 නිසා දරුවා සමග බැඳීම කඩතොළු වෙන්න පුළුවන්

1. නිතරම කරන විවේචන

අපිට ඕනේ අපේ දරුවෝ හොඳම දරුවන් වෙනවටයි. ඒත් වරදක් ගැන නිතර නිතර කීම සහ ඒ ගැන ඇඟිල්ල දිගු කිරීම නිසා දරුවා බලාපොරොත්තු ඇති කරගන්න ඉඩ තියෙනවා.

විවේචන ඔවුන් තුළ ඇති ආත්ම විශ්වාසය බිඳ දමනවා. ඔබේ දරුවාව නිවැරදි කිරීම වැදගත් වුවත් එය ඉගැන්වීම මිස විවේචන හොඳ නැහැ. දරුවා කළයුතු නොකළ යුතු දේ ඔවුන්ට කියා දෙන්න. හැකි තරම් 4:1 ධනාත්මක: ඍනාත්මක  යන සම්භාවිතාවයෙන් ඔහුව අගයන්න උත්සහ කරන්න.

2. උවමනාවට වඩා වැඩි ආරක්ෂාව

දරුවන් නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් ඇත්තටම එය භයානක තත්වයක්. හුඟක් දෙමාපියන් අසීමාන්තික ලෙස දරුවන්ට ආරක්ෂාව දෙන්න යාම දරුවන්ගේ අනාගතයට තදින්ම බලපාන්න පුළුවන්.

මේ නිසා දරුවන් ඔවුන්ගේම ලෝකයක තනිවෙන්න පුළුවන්. සැබෑ ලෝකයේදී ඔවුන් හුදකලා වෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ දෙපයින් නැගිටින්න මේ නිසා බැරි වෙනවා. ආත්ම විශ්වාසය ඔවුන් තුළ ගොඩනැගෙන්නේ නැහැ.

3. අනිත් වැඩ වලට මූලිකත්වය දෙනවද?

හැම විටම ඔබට නිතරම වෙනත් වැදගත් වැඩක් තියෙනවා. ගෙදර වැඩ, කාර්යාලය , රූපවාහිනිය ආදී නොයෙක් දේ තියෙන්න පුළුවන්.

ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කලේ නැත්නම් සහ නිතරම ඔබේ දේවල් වලට මුල්තැන දෙනවනම් ඔබ ඔබේ සබඳතාවයට වේදනාවක් දෙන බව අමතක කරන්න එපා.

ඔබේ දුරකතනයෙන් ඈත් වෙන්න. නැතිනම් රූපවාහිනිය වෙන්න පුළුවන්. දරුවන් සමග ඔවුන් සතුටු වෙන දේවල් කරන්න කාලය වෙන් කරන්න. ඔබ දෙපළටම මෙය කරන්න පුළුවන්.

4. දරුවා සමග බැඳීම: ඔබේ දරුවාට සවන් දෙන්න

දරුවා කියන හැමදේම රසවත් නැහැ. සත්‍ය ඒකයි. ඒ කියලා දරුවා කියන කිසිවක් අපිට අහකට දාන්න බැහැ. ඔහුව නෑසුනා වගේ ඉන්න බැහැ.

දරුවන්ට අපි හිතනවට වඩා දේවල් දකින්න පුළුවන්. ඔබට හුඟක්ම වැඩ නම් එය අවසන් වූ වහාම දරුවට කතා කරන බව පොරොන්දු වෙන්න. එවිට ඔබේ සම්පුර්ණ අවධානය ඔහුට දිය හැකි බව කියන්න.

විවිධ දේවල් දරුවා සමග කතා කිරීම නිසා ඔවුන්ට ඔබත් සමග අදහස් හුවමාරු කර ගැනීම හරිම සුහද හා වටිනා එකක් වෙනවා.

 

5. දරුවාගේ ඇඟට කඩා පැනීම

විටින් විට දරුවාගේ වැඩ වලට කේන්ති යන එක සාධාරණ වුනත් ඔවුන්ට ඉතා දැඩි ලෙස කෑ මොර දීම එතරම් හොඳ නෑ, උස් හඬින් කෑ ගැසීම, ඔබේ දරුවාට තරහව සමග ගණදෙනු කරන ආකාරයට වැරදී පුර්වාදර්ශයක් දීමක්.

ඒ වගේම හිත තුළ බය තැන්පත් වෙනවා. ඔබ ඉතා දරුණු ලෙස දරුවාට කෑමොර දුන්නා නම් ඔබ එය නොකළ යුතුව තිබු බව කියා ඔහුගෙන් සමාව ඉල්ලුවට වරදක් නැහැ. එය ඔහුට හොඳ ආදර්ශයක් වේවි.

දරුවන්ගේ හිත් මල් වගේ. තැලුනොත් පොඩි වුනොත් ආයිත් හදන්න බැහැ. theAsianparent Sri Lanka අපි ඒ මල් කැකුළු වලට තවත් ආදරේ කරන්න ඔබට උදවු වෙන්න හැම විටම උත්සාහ කරන්නේ ඒ නිසයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ