ඔබේ දරුවාගේ හැසිරීමට හා ප්‍රතිචාර වලට ඔබේ හැඟීම් බලපාන හැටි

ඔබේ දරුවාගේ හැසිරීමට හා ප්‍රතිචාර වලට ඔබේ හැඟීම් බලපාන හැටි

බබාලාට ඔබේ හැඟීම් හොඳට දැනෙනවා. ඒ අනුව ඔවුන් හැඩ ගැසෙනවා වගේම ප්‍රතිචාර දක්වනවා. දෙමාපියන්ගෙන් සන්නිවේදනය වන ඍණාත්මක හැඟීම් දරුවන්ට සන්නිවේදනය නොවන ලෙස කටයුතු කරන්නේ කොහොමද කියලා අපි බලමු.

ඔබේ හැඟීම් ගැන කතා කරද්දි ළඟදී මව් පදවිය ලැබූ අම්මා කෙනෙක් කිව්වා එයාගේ බබා නිතරම කනස්සල්ලෙන් හා ව්‍යකූලව ඉන්නවා කියලා.

ඇයට හරියටම හිතාගන්න බැහැලු ඇය මේ සම්බන්ධයෙන් කොහොම ප්‍රතිචාර දක්වනවද කියලා.

ඇය සමග කතා කිරීමෙන් පසු මට වැටහුණේ ඇය දරුවා කනස්සල්ලට පත්වන සෑම විටම ඊට පෙර ඇය කනස්සලෙන් පසුවන බවයි.

නැතිනම් ඇය හිතේ කරදරෙන් ඉන්නවා. ඉතින් ඉන් පසුව දරුවාත් අඬන්න ගන්නවා.

ඒ නිසාම මම දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් හැටියට ඔවුන්ගේ හැඟීම් හැසිරීම් හසුරවන රහස හෙළි කළා. බබාලාට ඔබේ හැඟීම් හොඳට දැනෙනවා.

ඔබේ දරුවාගේ හැසිරීමට හා ප්‍රතිචාර වලට ඔබේ හැඟීම් බලපාන හැටි

 

ඔබේ හැඟීම් දරුවාටත් දැනෙනවා

මම මගේ දරුවන් දෙන්නා තුළ දකින දෙයක් තමයි මම විඩාවෙන් ඉන්න වෙලාවට ඔවුන් අඬනවා වැඩියි.

මම විඩාවටත් පීඩාවටත් පත් වෙලා ඉන්නකොට මගේ හිසේ හුඟක් දේවල් තියෙනවා.

එවැනි අවස්ථාවන් වලදී ඔවුන් මගෙ අවධානය උවමනාවට වඩා හොයනවා කියලා මම චෝදනා කළා.

නමුත් පසුව මට තේරුම් ගත්තා ඊට හේතුව ඔවුන්ට දැනෙන හේතුන් නිසා මෙහෙම අඬන්නේ නැති බවත් මා තුළින් ඔවුන්ට දැනෙන දේ නිසා ඔවුන් මෙහෙම අඬන බවත් තේරුම් ගත්තා.

මා තුළින් සන්නිවේදනය වන ඍණාත්මක හැඟීම් ඔවුන් දැන තිබුණා.

ඒ වගේම මට නිදහස් හා සතුටින් ඉන්න වෙලාවට ඔවුන් තුළින් සතුට සහ නිස්කලංක බව දකින්න ලැබුණා.

ඔවුන් එවිට ඇඬුවේ බඩගින්නට නැතිනම් තෙමාගත් පසු විතරයි.

ඔබේ දරුවාගේ හැසිරීමට හා ප්‍රතිචාර වලට ඔබේ හැඟීම් බලපාන හැටි

 

මේ අත්දැකීම් චිකාගෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රසල් පෝසී විසින් කරන ලද අධ්‍යනයකට සාක්ෂි සපයනවා.

එම අධ්‍යනයට අනුව ඉතා විඩාවට හා පීඩනයට පත්ව සිටින දෙමාපියන් සිටින දරුවනුත් නොසන්සුන් ලෙස හැසිරෙන බව තහවුරු කරනවා.

දරුවන්ට ඔබේ හැඟීම් දැනෙන්නේ කොහොමද?

ඔබ පීඩනයෙන් ඉන්න වෙලාවට ඔවුන්ට කිසිවක් නොකිව්වත් නොකළත් ඔබේ ස්පර්ශය ඔබේ බැල්ම, ඉරියව් දුරස්ථ බව ඔවුන්ට වටහා ගන්න පුළුවන්.

ඔබ සන්සුන්ව සිටින විට වගේම පීඩනයෙන් ඉන්න වෙලාවට ඔබේ ස්පර්ශයන් වල පවා වෙනසක් තියෙනවා.

බබා බලන ආකාරය එයාව වඩාගන්න විදිහ වගේම ඔබ මවාපාන්න උත්සාහ කළත් එයත් දරුවාට හැඟෙනවා.

ඒ වගේම ඔබ කතා කරන විලාසය, හඬ උස්පහත් වන ආකාරයෙනුත් ඔවුන් ඔබේ හැඟීම් තේරුම් ගන්න දන්නවා.

ඔබ තරහින් හෝ විඩාවෙන් සිටින විට ඔවුන් ඔබේ කතා විලාසයෙන් එය හඳුනා ගන්න ඔවුන්ට පුළුවන්.

ඔබ එතරම් හොඳ මානසික මට්ටමක නැතිනම් ඔබේ කතාකරන ස්වරයෙනුත් එය දැනෙනවා.

මිනිස් මොළකැටි සිතුවිලි වුනත් දරුවන්ට ඔබේ ඉරියව් හැඟීම් කියවන්න පුළුවන්.

ඒ නිසා ඔවුනුත් ඒ ඉරියව් හා හැසිරීම් ඔවුන් තුළින් බාහිරට මුදාහරිනවා. ඒ නිසා දෙමාපියන් මේ ගැන සැලකිලිමත් වීමෙන් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් කිරීමට හැකියාව ලැබෙනවා.

ඔබේ දරුවාගේ හැසිරීමට හා ප්‍රතිචාර වලට ඔබේ හැඟීම් බලපාන හැටි

 

ඔබට ඍණාත්මක හැඟීම් ඇති මොහොතක කෙසේ හැසිරිය යුතුද ?

ඒ සඳහා යම් කාලයක් ලබාගැනීම වටිනවා. ඔබේ දරුවාට මෙය දැනීමට හැරීම ඔහුට කිසිසේත්ම යහපත් වන්නේ නැහැ.

දරුවාව වෙනත් රැකවරණයක තබා ටික වෙලාවකට කාමරයෙන් ඉවතට යාම හා ඔබේ හිත සමනය වූ පසු නැවත පැමිණීම ඔබට කළහැකියි.

නැතිනම් ඔබ බොහෝ පීඩාවට පත්වී ඇත්නම් දරුවාගේ ආරක්ෂාව පිණිස කෙනෙකු රඳවා ගන්න පුළුවන්.

ඒ කාලයේ ඔබේ සිත නිරවුල් වන කායවර්ධනය යෝග අභ්‍යාස වැනි දෙයකට යොමු වීමට වුවත් පුළුවන්.

නැතිනම් කාලයකින් මුණ නොගැසුන ඔබේ හොඳම මිතුරියක සමග කෑමකට හෝ යන්න පුළුවන් නම් ඔබට සහනයක් දැනේවි.

නැතිනම් ඔබ කැමති නිස්කලංක තැනකට යන්න. ඔබේ සැනසීම දරුවාටත් එලෙසින්ම දැනෙන බව තේරුම් ගන්න.

theAsianparent Sri Lanka අපිට ඔබවත්, ඔබේ හැඟීමුත්, ඔබේ දරුවාගේ හැඟීමුත් හොඳින් දැනෙනවා. ඒ වෙනුවෙන් අපි මේ සටහන ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ