theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

5 අවම කියවීම
අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටිඅම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි

බබා රේල් ට්‍රැක් එකට වැටෙද්දීත් ෆෝන් එකේ ඇලී සිටි අම්මා කෙ‌නෙක්

අම්මා ෆෝන් එකේ නම් දරුවා අනාරක්ෂිතයි. මෙන්න ඒක ඔප්පු වුන නමුත් තවත් සං‌වේදී මොහොතක්.

මින් පසුව වත් ඔබේ දෑස් ෆෝන් එකේ අලවාගන්න පෙර මොහොතක් සිතන්න.

දෙමාපියනි, ඔබගේ දුරකථනයට වැඩි අවධානයක් දෙන්න එපා. ඔබේ  ඔබගේ ආදරය , අවධානය ඔබේ පුංචි පැටවුන්ට  අවශ්‍යයි.

ස්මාර්ට් ෆෝන්  වැඩි දියුණු වෙලා. ඒ වගේම  පහසුවෙන් ඒවාට ප්‍රවේශ වෙන්න පුළුවන්.  ඒ නිසාමද කොහේද අද කාලයේ ස්මාර්ට් ෆෝන් කියන්නේ අපගේ ජීවිතයේ නැතුවම බැරි දෙයක් ‌වෙලා නේද?

ඒ වගේම ස්මාර්ට් ෆෝන් දරුවන්ගේ පමණක් නොවෙයි දෙමාපියන්ගේද අවධානය ඇද බැද තබාගන්නා බැවින් ඒවා සුදුසු නැහැ.

දුරකථනවල ඇලී සිටින දෙමාපියන් තම දරුවන් නොසලකා හරිනවා. ඒ සමහර විට නොදැනුවත්වම වෙන්න පුළුවන්.

නමුත් ඒ නිසාම සමහර විට දරුවන්ගේ ජීවිත පවා අනතුරේ වැටෙනවා.

තම දරුවා දුම්රිය මාර්ගයට වැටෙනවා ‌නොදුටු දුරකථනයේ ඇලි  සිටි ඒ අම්මා 

ඔක්තෝබර් 16 වන දා ප්‍රාදේශීය ප්‍රවෘත්ති මූලාශ්‍රයක් තවත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා කලා.

බීජිංහි පුංචි  දියණියක් නවතා තිබු දුම්රියක් ‍යටට වැටුනු පුවතයි. කෙසේ වෙතත් දුරකථනයේ ඇලී සිටි ඇයගේ අම්මා මේ සිදුවීම දැක්කේ නැහැ. 

කැමරාවලින් ලබාගත් ආරක්ෂක වීඩියෝ වල දර්ශන  අනුව ඒ පුංචි දියණියේ වයස අවුරුදු හතරක් හෝ පහක් වෙන්න ඇති. මේ බිහිසුණු සිදුවීමට ඇය මුහුණ දෙන්නේ ඇය සිය මව සමඟ බීජිං දුම්රිය ස්ථානයට පැමිණ සිටියදීයි.

දුම්රියට නගින්න උත්සාහ කරද්දී මේ පුංචි දරුවා වේදිකාව හා දුම්රිය අතර වු   පරතරය තුලින් දුම්රිය මාර්ගය තුලට වැටී තියෙනවා.

ඇයගේ මේ හදිස්සියේ සිදු වු වැටීමත් එක්ක, දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය සහ එතෙක් වෙලා දුරකථනයේ ඇලී සිටි ඇයගේ අම්මා ඇය බේරාගන්න පැමිණියා.

වාසනාවකට දැරිය බරපතල තුවාල ලබා තිබුනේ නැහැ .ඒ බව තහවුරු කර ගත්, දුම්රිය කාර්ය මණ්ඩලයේ එක් අයෙක් දැරියගේ  අම්මාට දොරෙන් ඈත් වන ලෙස උපදෙස් දුන්නා.

පසුව ඔහු දුම්රිය යටින් කුඩා දැරිය ගන්න පහසු වීම සඳහා දුම්රිය මැදිරියෙන්  පුවරුවක් එළියට ගත්තා.

පසුව එම කාර්ය මණ්ඩල සාමාජිකයා දුම්රිය යටට ගොස් කලබල වී සිටි දරුවා පිටතට රැගෙන ආවා.

බිහිසුණු සිද්ධියේ වීඩියෝ දර්ශන  අනුව එම අම්මාගේ දියණිය කම්පනයට පත් වී ඇති බව පැහැදිලිවම පේනවා.

කෙසේ වෙතත්, ඔලුවේ  පුංචි ගෙඩි ගැසීමක් හැර වෙනත් කිසිදු තුවාලයක් ඇයට සිදු වී තිබුනේ නැහැ .

මෙම සිද්ධිය දුටු අන්තර්ජාලය හරහා දුටු එහි පරිශිලකයන්  මේ අම්මාගේ නොසැලකිල්ල ගැන ඇයට දෝෂාරෝපණය කළා.

“ මේ ආකාරයේ ප්‍රවෘත්ති මම  කියවූ පළමු අවස්ථාව මෙය නොවේ. මම හිතන්නේ මේ දෙමව්පියන් තම දරුවන්ට වඩා ඔවුන්ගේ ජංගම දුරකථන සමඟ සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.” එක් පෝස්ට් එකක එසේ සඳහන් වුනා.

මේ ගැන ඔබට සිතන්නේ කුමක් ද? අදාල  සිදුවීම සහිත වීඩියෝවක් මෙන්න:

 ඉහත සිදුවීම දෙස බලන්න. ඒ දුම්රිය ධාවනය වුයේ නම් නැතිතම් දරුවා දුම්රිය මාර්ගයට වැටෙන විට ඒ යකඩ බදේ ඇයගේ හිස තදින් වැදුනේ නම් අනිවාර්යයෙන්ම ඇයගේ අවසන් පුංචි හුස්ම මේ යකඩ යකාට බිලි වෙන්න තිබුනා නේද?

දුරකථනවල එල්ලී සිටිමින් දෙමව්පියන් විසින් ළමයින් නොසලකා හැරීම සම්බන්ධ  දෙමාපිය උපදෙස්

දුරකථනවල ඇලී සිටිමින් දෙමව්පියන් දරුවන් නොසලකා හරිනවා නම්  ප්‍රතිවිපාක බරපතල වෙන්න පුළුවන්.

සම්පුර්ණයෙන්ම වළක්වා ගත හැකි ජීවිත තර්ජනාත්මක අනතුරු වලට අමතරව, දුරකථන නිසා දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් සමඟ ගත කිරීමට ඇති ගුණාත්මක කාලයද අහිමි වෙනවා

ඔබගේ  ජංගම දුරකථනය ඔබගේ පවුලේ වටිනා කාලය උදුරා නොගැනීම සඳහා  ඔබට අනුගමනය කළ හැකි උපදෙස්

1. අම්මා ෆෝන් එකේ ඉන්න හිතෙනවා නම් එහි ඇති අනවශ්‍ය  දේවල් ඉවත් කරන්න.

1

ඔබේ අවධානය උදුරා ගන්නා   ඇප්ලිකේෂන් සහ ගේම් විශාල ප්‍රමාණයක් ඔබගේ දුරකථනයේ ඇති නම් ඔබ ඒ සමඟ වැඩි කාලයක් ගත කරන්න   කැමතියි නේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වැඩකට නැති එවැනි අනවශ්‍ය ඇප්ලිකේෂන් ඉවත් කිරීමෙන්, ඔබ ඔබේ දුරකථනයේ අනවශ්‍ය දේවල්  ඉවත් කරන්න පුළුවන්. ඒ දේවල් වෙනුවෙන් වැය කල කාලය ඔබේ පවුල වෙනුවෙන් ඉතිරි කරගන්න.

මෙයම ඔබේ දරුවාගේ දුරකථනයටද අදාල  වෙනවා. ගේම් කිහිපයක් දුන්නාට කමක් නැහැ. නමුත් ඔවුන් සතුව එවැනි  ගේම් වැඩි ප්‍රමාණයක් තිබේ නම්, ඔබට ඒවා ඉවත් කරන්න.

2.අම්මා ෆෝන් එකේ ඉන්න හිතෙනවා නම් එය ගබඩා කිරීමට ස්ථානයක් සකස් කරන්න.

2

ලාච්චුවක් හෝ පෙට්ටියක් තැනක  ඔබගේ දුරකථනය තැබීමට තැනක් සකස් කිරීමෙන්  “ඩිජිටල් උපාංග වලින් ඈත්වීම” කිරීම පහසු කරනවා.

ඔබගේ දුරකථනය ලඟ නොමැති නම් හෝ නොපෙනේ  නම් එය භාවිතා කිරීමට පෙළඹවීම අඩු කරනවා.

3. අම්මා ෆෝන් එකේ ඉන්න හිතෙනවා නම් කෙටි පණිවිඩ ටයිප් නොකර  ඇමතුමක් දෙන්න.

3

කෙටි පණිවුඩ යැවීම පහසුයි. නමුත් ඒ සදහා ඔබේ කාලයද ගත වෙනවා.

ඇමතුමකින් සන්නිවේදනය කිරීම පහසු බැවින් ඇමතුම් දීම වඩා හොඳ වෙනවා. ඒ මඟින් ඔබ ඔබේ දුරකථනයේ ගත කරන කාලය අඩු කරනවා.

ඔබ හෝ ඔබේ දරුවා ස්මාර්ට් ෆෝන් වලට ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීම  සඳහා කෙටි පණිවිඩ වලින් වළක්වා ගැනීම හොඳ ක්‍රමයකි.

දුරකථනවල ඇලි ගැලී  සිටින දෙමාපියන්ට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.

ඒ මඟින් මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට මෙන්ම ඔබේ දරුවන් සමඟ වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය නිසි මඟ පෙන්වීමක් ලබාදෙනවා.

තාක්ෂණික උපාංග කොතරම් දියුණුවක් ලගා කර දුන්නත් සමීප අය කොතරම් දුරස් කරලාද කියලා ඔබට මේ ලිපිය කියා දෙනවා නේද?

ඉස්සර අම්මාගේ ඇස් දෙක දිව්වේ තම දිවි දෙවැනි කොට සුරකින දරුවා පස්සේ. රෑට වත් ඒ ඇස් වලට නිවනක් තිබ්බේ නැහැ.

ඒත් අද තත්වය ගොඩාක් වෙනස් ‌වෙලා ‌නේද? 

මේ තාක්ෂණික මෙවලම් අම්මලාට තාත්තලාට දරුවන් හා ඇති බැදීම හා වගකීම අමතක කරන්න සමත් වෙලා. තාක්ෂණය අපිට අවශ්‍යයි තමයි.

ඒ අපිට කටයුතු පහසු කරගන්න මිස මෙලෙස තමන්ගේ ආදරණියයන් අමතක කරන්න තරම් ඊට ඇබ්බැහි වීමට නම් නොවේ.

එසේ නම් කල යුත්තේ එම උපකරණ වල අවශ්‍යතාවය පමණක් වටහා ගෙන ප්‍රයෝජන ගැනීම පමණකි. ඊට ඇබ්බැහි නොවන්න.

එම කාලය ඔබේ ආදරණිය පවුලට දෙන්න.

එය ඔබ ගේම් එකක් ගහලා නැතිනම් සමාජ ජාලයක අනුන්ගේ දේවල් කියවමින් හෝ විනෝද වෙමින් ගත කරන කාලයට වඩා ගොඩාක් අර්ථවත් වේවි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අම්මා ෆෝන් එකේ ඇලී ඉද්දි දරුවා දුම්රිය මාර්ගයට වැටුන හැටි
බෙදාගන්න :
  • ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

    ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

  • ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

    ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

  • ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

    ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

  • ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

    ලෝක රූ රැජින 2017 මනූෂි චිලර්ගේ කිරුළ දිනාගත් සැබෑ රහස

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it