සීයට අසූවක් පමණ දෙමාපියන් දරුවන්ට උවමනාවට වඩා කෑම ලබාදෙනවා: අධ්‍යන වාර්තා කරනවා

දෙමාපියන් විසින් දරුවන්ට කෑම කොයිතරම් ප්‍රමාණ වලින් ලබාදිය යුතුද යන්න පිළිබඳ විශේෂයෙන් තහවුරු කරන්න අපි මේ ලිපිය සකස් කරන්න හිතුවා.

දරුවන් හොඳින් වැඩෙන්න ඔවුන්ට පෝෂණීය ආහාර වේලක් අවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. පෙර පිසින ලද කෑම හෝ සීනි අධික ආහාර පාන නොමැතිව දරුවනට පෝෂණීය ආහාර ලබාදීම ඉතාම වැදගත්.

නමුත් පෝෂණීය ආහාර වුනත් දරුවනට උවමනාවට වඩා කන්න දෙන එක නිසා අධික ලෙස ශරීරයේ බර වැඩිවෙන්නත් හේතු වෙන නිසා එය ගැටළුකාරී තත්වයක් විය හැකි බව පෝෂණවේදීන් සඳහන් කරනවා.

දැනට කරන ලද අධ්‍යනයන්ට අනුව ළදරුවන් හා දරුවන්ගෙන් 80% ක් දරුවන්ට උවමනාවට වඩා කෑම ලබාදෙන බව සොයාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ දෙමාපියන් 1000ක් ඇසුරෙන් 79% ක් දෙනා දරුවන්ට ප්‍රමාණයට වඩා වැඩි කෑම ප්‍රමාණයක් ලබාදෙන බව සොයා ගැනුණා.

අවුරුදු 1-4 දක්වා දරුවන්ට පැස්ටා තේ හැඳි 5 ක් පමණ ප්‍රමාණවත් බව පැවසෙනවා. බත් හැඳි 5 ක් පොඩිකර අල තේ හැඳි 4 ක් පමණ ප්‍රමාණවත් බව කියවෙනවා. ඒ වගේම දවස පුරා කොන්ෆ්ලෙක්ස්, වියළි මිදි වැනි දේවල් දීම නුසුදුසු බවත් එහි සීනි ප්‍රමාණය වැඩි වීම දරුවන්ගේ දිගුකාලීන වර්ධනයට බලපෑම් ඇති කරන බවත් පෙන්වා දෙනවා.

ඒ වගේම චොක්ලට් වැනි රසකැවිලි වුනත් සතියකට වතාවක් වගේ දීම ප්‍රමාණවත් බව පැවසෙනවා. මස් වර්ග වලින් පෙර පිසින ලද හැම්, සොසේජස් හා පොඩිකරගත් මස් ආදිය දීම නුසුදුසු බව පැවසෙන අතර ඒ වෙනුවට බිත්තර, මාළු ආදිය අවශ්‍ය ප්‍රමාණයට ලබාදීම සුදුසු බව පැවසෙනවා.

ළමා රෝග පෝෂණවේදීන් හා TTF හි සාමාජික ජුඩි පවසන්නේ ළමයින්ට දෙමාපියන් විසින් ලබාදිය යුතු ආහාර වර්ග හා එහි ප්‍රමාණ ගැන පැහැදිළි අදහසක් ලබාදිය යුතු යැයි හිතුවා. ඉන් දෙමාපියන්ට වඩා හොඳ විශ්වාසයක් ලැබේවි.

හුඟක් දෙමාපියන් තමන්ගේ දරුවන්ට ප්‍රමාණවත් තරම් පෝෂණයක් ලබාදෙනවා දැයි ලතවෙනවා. මේ මගින් ඊට යම් අදහසක් ලබාගන්න පුළුවන්.

මේ 1990 වසරේ පමණ සිට නිර්දේශ කළ ප්‍රමාණයන් වන අතර ඒ කාලයේ ළදරු ස්ථූලතාවය ගැන එතරම් ගැටළු තිබුනෙත් නැහැ. ඔබේ දරුවා ක්‍රමයෙන් බර වැඩිවෙමින් වැඩෙන දරුවෙක් නම් ඒ ගැන කලබල විය යුතු නැහැ. එය දරුවා නිරෝගී කාර්යක්ෂම දරුවෙකු බවට ඉඟි පළ කරන අතර ඔවුන්ගේ රුචිකත්වය මත ඔවුන්ට ආහාර ගන්න නිසි ප්‍රමාණයට ඉඩදීම සුදුසු වෙනවා.

දරුවන්ට හොඳ පෝෂණයක් වගේම හුඟක් කෑම කවන්න අම්මලා තාත්තලා කැමතියි. නමුත් ඒ ගැන දෙවරක් සිතන්න ඔබව යොමු කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ