theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

5 අවම කියවීම
නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේනිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

සිරුරට සුව ගෙන දෙන හෙළ ඔසු මුසුව පස් පංගුවයි.

සිංහල වෙදකම කියන්නේ බටහිර වෙදකම එක්කම අපි රටට තුල ක්‍රියාත්මක වෙන වසර 3000 කටත් එහා ගිය ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රමයක්. නමුත් සිංහල වෙදකම ගැන ඔබට සමහර විට එතරම් අත්දැකීමක් නැති වුවත් ආව්වි අම්මා නිතර හදලා දෙන paspanguwa එක පාරක් හරි ඔබ බීලා ඇති නේද? අඩුම තරමින් දැකලා හරි ඇති? 

ඇත්තටම මොකද්ද මේ පස් පංගුව කියන්නේ? මොනවාටද අපි එය භාවිතා කරන්නේ? ඔව් අද අපි ඒ ගැන කතා කරමු. 

පස් පංගුව ගැන නුතන දැක්ම

බටහිර වෛද්‍ය විද්‍යාව රට තුල වර්ධනය වීමත් සමගම ජනයා එයට වැඩි නැඹුරුවක් දැක්වීමෙන් සිංහල හෙල ඔසු වගට තිබු ලබැදියාව මිනිසුන් කෙරෙන් මදක් දුරස් වු සෙයක් දකින්නට ලැබෙනවා.

දැනටත් දරුවන්ගේ ඇතුළු පවුලේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ආච්චි අම්මාගේ ලිපේ පෑහෙන කොත්තමල්ලි හෝ පස් පංගුව මුට්ටියක් හැරුනු කොට අප නිවෙස් වල හෙළ ඔසු භාවිතා නොවන තරම්.

මෙවන් හෙළ ඔසු පහසුවෙන් අඩු මිලකට සොයා ගත හැකි වුවත් ඒවා භාවිතයෙන් ලැබෙන අතුරුඵල ඉතාම අල්ප වුවත් අපේ හිතේ ඒ ගැන ලොකු විශ්වාසයක් නැහැ නේද?

ඒත් ඒ ඇයි?

ඒ සමහර විට බටහිර ඖෂධ ගත් සැනින් වගේ ඉක්මන් ප්‍රතිඵල නොලැබෙන නිසාද?

පස් පංගුව (paspanguwa) වතගොත

මෙය  ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන ඖෂධයකි

කිවිසුම් යාම, නාසය සිරවීම, සිරුරේ වේදනාව, හිසරදය, කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග ලක්ෂණ සඳහා නිවසේ නිතර පස්පංගුව ලබා දෙනු ලබනවා.

මෙම පස් පංගුව ඖෂධ 5 මුසුවක් ලෙස වෙන අතර එය රෝග ගණනාවකට සහනය ලබා දෙන ප්‍රතිශක්තිය ඇති කරන ඔසු මුසුවක් ලෙස සැලකෙනවා.

එහි අඩංගු ඖෂධ 5

  • ඉගුරු
  • පත්පාඩගම්
  • කටුවැල් බටු
  • වෙනිවැල් ගැට
  • කොත්තමල්ලි

සමහර වෙලාවට මෙම ඔසු මුසුවට තවත් ඖෂධ කිහිපයක් එක්වෙන අවස්ථාත් තියෙනවා.

1. ඉගුරු

නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

ඉගුරු අපි එදිනෙදා ජිවිතයේ ආහාර රස ගන්වන්නට යොදා ගන්නා කුලු බඩුවක් ලෙසද හදුන්වන්න පුළුවන්. නමුත් එහි අඩංගු ඖෂධිය ගුණ නිසාම එය ප්‍රතිශක්තිය ඉහල නංවන ඔසුවක් ලෙස ද ක්‍රියා කරනවා. 

ඊට අමතරව ගර්භණී සමයේදී වමනය, ඔක්කාරය සමනය සදහා ඉගුරු සුදුසු වෙනවා.  තවද හෘදයාබාධ හා අඝාතයට  ප්‍රතිකාර කිරීමේදීද  ඉගුරු භාවිතා වෙනවා.

ආහාර රුචිය ඇති කිරීමටද ඉඟුරු  සමත් වෙනවා.

එය වේදනාවන්ට සහ ආහාර ජීර්ණ ආබාධ සහ ආතරයිටිස් සදහාද ප්‍රතිකාර කිරීමට භාවිතා වෙනවා

ඉඟුරු වල බහුකාර්යතාව සහ බොහෝ රෝග සඳහා එය භාවිතා කිරීම නිසා එය විශ්වීය ප්‍රතිකාරයක් ලෙස හැඳින් වෙනවා.

2. පත්පාඩගම්

නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

ඡායාරූපය සදහා ස්තුතිය apeosupela

මෙයත් හෙළ වෙදකම තුල ඇති අනගි ඖෂධයකි. මෙම ශාකයේ කොටස්  සමේ රෝග, ඇපෙන්ඩිසයිටිස්, වෛරස් ආසාදන, කුරුලෑ, විෂ සහිත දෂ්ට කිරීම් සහ අක්ෂි රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා.

තවද. කැස්ස, බ්රොන්කයිටිස්, නෙරෝසිස්, ලාදුරු, සෙංගමාලය සහ සමහර ස්නායු රෝග වැනි රෝග සඳහා  ඖෂධ සකස් කිරීමටද මෙම ශාකයේ කොටස්  භාවිතා කරනවා.

මෙහි ප්‍රති ඔක්සිකාරක අඩංගු බැවින් හා ප්‍රදාහයන් එරෙහිව සටන් කිරීමේ  හැකියාව නිසා ප්‍රතිශක්තිකරණය ඉහල නංවන ඖෂධයක් ලෙසද මෙම ඖෂධය ක්‍රියා කරනවා.

3. කටුවැල් බටු

paspanguwa 
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඡායාරූපය සදහා ස්තුතිය apeosupela

කටුවැල් බටු යනු හෙළ වෙදකමේ විවිධ රෝග සදහා වෙදකම් කිරීමේදි නිතර භාවිතා වෙන වටිනා ඔසුවකි.

මෙහි අඩංගු ක්‍රියාකාරි සංඝටක මගින් උණ, ඇදුම,බ්‍රොන්කයිටිස්  මුත්‍රා රෝග, හෘද රෝග සහ ශාරීරික වේදනාව අඩු කිරීම කටයුතු කරනවා.

මෙහි ඇති ඇතැම් සංඝටක වලට ප්‍රතිවෛරස් ගුණාංග ඇත.

4. වෙනිවැල් ගැට

නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ

ඡායාරූපය සදහා ස්තුතිය apeosupela

හෙළ වෙදකමේ එන තවත් දිව්‍ය ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට හදුන්වා දෙන්න පුළුවන්.

 එහි  ප්‍රතිඔක්සිකාරක සහිතයි. දියවැඩියා රෝගයට එරෙහිව ක්‍රියා කරයි.

පිළිකා නාශක ගුණ සහිතයි.  ප්‍රතිබැක්ටීරීය කාරකයක් ලෙසද ක්‍රියා කරනු ලබනවා.

විවිධ රෝගයන්ට ප්‍රතිකාර කිරීමේදි වෙනිවැල් ගැටද නිතර යොදා ගනු ලබනවා.

5. කොත්තමල්ලි

කොත්තමල්ලි

ආහාර ජීරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරවා ආහාර දිරවීමේ පහසු කරයි. බඩ පුරවා දැමිම වළක්වයි.

උෂ්ණ කාලයට කායික සිරුර සිසිල් කරයි.

ඊයම් ආසනික් රසදිය වැනි සිරුරට අහිතකර බැර ලෝහ වර්ග සිරුරින් ඉවත් කරයි.

ආහාර රුචිය වැඩිකරයි.

සෙම්ප්‍රතිශ්‍යාව,උණ,ඇගපත වේදනාව, අම්ල පිත්ත රෝග,  බඩේ අජිර්ණය ,  උණ අතිසාරය,  සමේ ඇතිවන කුෂ්ඨ සදහා සුවය සලසයි.

පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරවයි. කාන්තාවන්ගේ මාස්ශුද්ධියේදි සිදුවෙන අධික රැධිර වාහනය පාලනය කරයි.

විෂ බීජ නාශකයක ගුණ සහිතයි.

ආතරයිට්ස් රෝගය සුව කිරිමට උපකාරි වෙයි. අක්මාවේ පිත නිෂ්පාදනයට උපකාරි වෙයි.

සමේ ඇතිවන කුරුලැ කළැල් නැති කරයි.  සම පැහැපත් කිරිමේ හැකියාව සහිතයි.

මානසික ආතතිය දුරුකරයි.  හෘද රෝග සමනය කරයි.

දියවැඩියාව පාලනය කරයි.  කොලෙස්ටරෝල් පාලනය කරයි.

මුත්‍රා ආසාදන සදහා සුදුසුයි. මුඛයෙන් හමන දුගද නැති කරයි.

* අමතර ඔසු ලෙස තිප්පිලි, තායි වම්බටු, කළු ගම්මිරිස්, විෂ්ණුකාන්ති හා පාවට්ටා වැනි ප්‍රතිශක්තිකරණය ඉහල නංවන දිව්‍ය ගුණ ඇති ඔසුද ප පස් පංගුවට  මුසු කරන අවස්ථා තියෙනවා.

පස් පංගුව (paspanguwa) භාවිතය

පස්පන්ගුව නිතර අපි ගෙදරදි තම්බා පානය කරන්න පුරුදුව සිටිනවා.

වෙළද පොලේ සකස් කල පස් පන්ගුව පැකට් මිලදී ගැනීමට හැකිය.

ඔබ නිවසේදි එය පිළියෙල කර ගන්නේ නම් නිවැරදි ප්‍රමාණ වලින් පිරිසිදුව හා නිසි මග පෙන්වීම යටතේ එය සකස් කරගැනීම වැදගත් වෙනවා.

ඒ වගේම කඩා දරුවන් , ආසාත්මිකතා ඇති අය , ගැබිනි මව්වරුන් හා විවිධ රෝග වලින් පෙළන හා ඒ සදහා ඖෂධ ලබා ගන්නා අය අනෙක් සෑම ඖෂධයක් ලබා ගැනීමේදි මෙන්ම මෙහිදිද වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

සාමාන්‍යයෙන් මැටි මුට්ටියක් ලිපප තබා එයට ඉහත ඖෂධ 5 එකතු කර තම්බා ගන්නා අතර එහි ඖෂධිය සාරය ඉතා අඩු මට්ටකට එනතුරු හින්දා ගෙන භාවිතයට ගනු ලබනවා.

ඒ වගේම මෙහි හුමාලය ආශ්වාස කිරීමට සැලැස්වීමෙන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

ඔබත් paspanguwa භාවිතා කර තියෙනවාද? මේ සම්බන්ධව ඔබේ අදහස් අපි හා බෙදා ගන්න.

මුලාශ්‍ර – www.researchgate.net

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • නිවසේ නිතර ගැවසෙන වෙදමහත්තයා වු පස් පංගුව ගැනයි මේ
බෙදාගන්න :
  • ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

    ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

  • පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

    පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

  • ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

    ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

  • පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

    පැටියාගේ ඥානය වර්ධනයට ගෙදරදීම හදාගන්න අපූරු ඔසු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it