theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිරුරේ බර වැඩිවීමට, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට, කුරුලෑ වැඩිවීමට බලපාන PCOS

3 අවම කියවීම
සිරුරේ බර වැඩිවීමට, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට, කුරුලෑ වැඩිවීමට බලපාන PCOSසිරුරේ බර වැඩිවීමට, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට, කුරුලෑ වැඩිවීමට බලපාන PCOS

PCOS  තත්වය යනු කුමක්ද?

PCOS රෝගය (පොලිසිස්ටික්) තත්වය ගැන නාරි හා ප්‍රසව වෛද්‍ය සමන් හේවා මහතා විසින් ලියන ලද ලිපියක් අපි අද ගෙන එනවා.

බොහෝදෙනෙකුට ගැටලුවක් වී ඇති පොලිසිස්ටික් (PCOS රෝගය) තත්ත්වය පිලිබඳව දැනගමු.

පොලිසිස්ටික් කියන රෝගය තමයි ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම කියන්නෙ.

ඩිම්බකෝෂ ඉදිමීම කියන්නෙත් මෙම රෝගී තත්වයමයි.

ඒත් මේ ගෙඩි ඉවත්කලයුතු භයානක ගනයට අයත් වන්නේ නැහැ.

මේවා තමයි නොමේරූ ඩිම්බ. ඩිම්බ මේරීම නිසිලෙස සිදු නොවීම හා නිසියාකාරව ඩිමබ පිටනොවීම නිසා තමයි මේ තත්වය හටගන්නේ.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

ඇයි එහෙම වෙන්නේ ?

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය මැදදී ඩිම්බයක් පිටවී චක්‍රය අවසානයේ රුධිර වහනය වීම තමයි සාමාන්‍ය ක්‍රමය.

එසේ වීමටනම් ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝමෝන නිසි ලෙස අඩු වැඩි වීම අනිවාර්යයෙන් වෙන්න ඕන.

නමුත් සමහර ජානමය ගැටලු නිසාත් සිරුරේ බර වැඩිවීම නිසාත් මෙම හෝමෝන සමබරතාව බිදී යන්න පුළුවන්.

එවිට ඩිම්බ පිටවීම නිසියාකාරව සිදුවන්නේ නැහැ . එවිට ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප්වීම මාස කිහිපයකට වරක් සිදුවෙන්න පුළුවන්.

PCOS රෝගය

ඔබ විවාහක කාන්තාවක්නම් ඔසප්වීම නිසියාකාරව සිදුනොවීම නිසා ඔබට දරුඵල ප්‍රමාද වෙන්න පුළුවන්.

මෙම තත්වය හදුන්වනේ polycystic ovarian syndrome යනුවෙනි.

මෙම තත්වය හදුනාගන්න පුළුවන් මූලික ලක්ෂණ

අක්‍රමවත් ආර්තවය

  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • ඩිම්බකෝෂවල පොලිසිස්ටික් හෙවත් ඉදිමීම .
  • හෝමෝන සමබරතාව බිදීයාම නිසා සිරුරේ පුරුෂ හෝමෝන අධික වීම.

මේ නිසා මුහුණේ කුරුලෑ අධික වීම, ශරීරයේ අධික ලෙස රෝම වැඩිවීම, සම අවපැහැ වීම, හා හිසකෙස් ගැලවීයාම සිදුවෙනවා.

ඩිම්බකෝෂවල පොලිසිස්ටික් තත්ත්වය හදුනාගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.

ඔබේ වෛද්‍යවරයා රෝග ඉතිහාසය විමසා ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් හෝ රුධිර පරීක්ෂණයක් මගින් මේ තත්වය හදුනාගන්න පුළුවන්.

පොලිසිස්ටික් තත්වය සදහා ප්‍රතිකාර

සිරුරේ බර වැඩිවීමට, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට, කුරුලෑ වැඩිවීමට බලපාන PCOS

ඔබ අවිවාහක නම් හෝ දැනට දරුවන් බලාපොරොත්තු නොවන කාන්තාවක්නම් කල යුතු ප්‍රතිකාර ඉතා සරලයි.

මම තත්වයෙන් මිදෙන්න පුළුවන් සරලම ස්වාභාවික ක්‍රමයනම් සිරුරේ බර අඩු කර ගැනීමයි.

ඒ සදහා කලයුතු හොදම හා ප්‍රායෝගික දේ හා කලයුතු ආකාරය වෛද්‍යවරයකු සම්බන්ධ කරගැනීමෙන් ඔබට දැනගන්නට පුළුවන්.

ඒ පිලිබඳව විවිධ හේතූන් නිසාවෙන් ලිපියෙන් සදහන් නොකිරීමට සිදුවේ.

ඊට අමතරව තෙල් හා සීනි අධික ආහාර අවම කිරීම, හා නිවැරැදි ව්‍යායාම වල නිරතවීම මගින් හෝමෝන සමබරතාව පවත්වාගෙන ඔබට මෙම තත්වයෙන් මිදෙන්නට පුළුවන්.

එතෙක් ඔබේ ඔසප් චක්‍රය නිවැරැදිව පවත්වාගෙන යාමට හා ශරීරයේ පුරුෂ හෝමෝන අධිකවීම පාලනය කර මෙයින් ඇතිවන අපහසුතාවයන් මගහරවා ගන්න ඔබට අවශ්‍ය ඖෂධ වෛද්‍යවරයකු මගින් ඔබව පරීක්ෂා කර ලබාගැනීමට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් ඔබ දරුවකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවක්නම් ප්‍රතිකාර කරන පිලිවෙල වෙනස්.

ආහාර නිසියාකාරව පාලනය කිරීම හා නිවැරැදි ව්‍යායාම වල නිරතව සිරුරේ බර අඩුකරගැනීම ඉතා වැදගත්.

මෙය පහසු කරගැනීමට මෙට්ෆෝමින් metformin වැනි ඖෂධ ඔබට අප විසින් ඔබව පරීක්ෂා කර ලබාදෙනවා.

නමුත් ඔසප් චක්‍රය ක්‍රමවත් වීම සදහා හෝමෝන වෙනුවට අප ඔබට ලබාදෙනේ ඩිම්බ මෝරන ඖෂධයි.

ඩිම්බ මේරීම මෙයින් සිදුනොවේනම් ලැපරොස්කොපි ප්‍රතිකාරය මගින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට සිදුවෙනවා.

මෙම විද්‍යාත්මක ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙකුට දරුවකුගේ සිහිනය සැබෑකරගන්න පුළුවන්.

මේ අනුව පොලිසිස්ටික් pcos යනු සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් තත්වයක් බව ඔබට වැටහෙනවා ඇති.

දීර්ඝ කාලීනව පොලිසිස්ටික් තත්වය පැවතීම නිසා දියවැඩියාව , අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග වලට ගොදුරුවීමට පුළුවන්.

මේ සදහා ඔබ නිවැරදි ක්‍රම මගින් සිරුරේ බර පාලනය කරගෙන පොලිසිස්ටික් අවධානමෙන් මිදෙන්න ඔබට පුළුවන්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

කවරයේ ඡායාරූපය සදහා ස්තුතිය  www.mayoclinic.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ව්‍යායාම
  • /
  • සිරුරේ බර වැඩිවීමට, ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට, කුරුලෑ වැඩිවීමට බලපාන PCOS
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it