theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

5 අවම කියවීම
වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයිවේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

ඍජු වු ශිෂ්ණය ප්‍රබල පහරකින් තුවාල විය හැකියි.

ශිෂ්ණය තුවාල වීම සිදුවෙන බව ඔබ දන්නවාද? ඔව් ඇත්තෙන්ම එය මෘදු අවයවයක්. එය ඍජුව ඇති විට තුවාල වීමේ අවදානම වැඩියි.

පසුගිය දා ළදරුවෙකු සිය තාත්තාගේ ඔඩොක්කුවට පැනපු පාර ඔහුගේ ශිෂ්ණයේ මෘදු පටක තුවාල වීමකට ලක්වුනා. 

පියවරුනි ඔබ මෙය කියවන බව අපි දන්නවා. ඒ වගේම මේ ලිපිය ඔබට වැදගත් වේවි. 

සමහර දාට ඔබ උදේ නැගිටින විට ඔබේ ශිෂ්ණය පිබිදීමකට ලක් වී තියෙන්න පුළුවන්.

උද්දීපනය වු ඔබගේ මෘදු ස්පර්ශයන් ඔබේ බිරිද පුදුමයට පත් කරන විට හැගීම් නිවා ගන්න පෙර ඔබේ පුංචි පැටියා කාමරයට දුව එනවා වෙන්න පුළුවන්.

අන්න එතකොට ඔබට මතක් වේවි ඔබ තුල හිටපු දගකාර යෞවනයා  දැන් තාත්තෙක් කියලා. නමුත් ඇද පුරා දුවමින් හැම තැනටම පනින පුංචි පැටියා නිසා ඔබේ අවදිව සිටින පිරිමි අවයවයේ මෘදු පටක තුවාල වුනොත් ?

පියවරුනි මෙය සැලකිලිමත්ව කියවන්න.

වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

ශිෂ්ණය තුවාල වීම: සියල්ල ඇරඹුනේ ව්‍යාඝ්‍රා මාත්‍රාවෙනි

ව්‍යාඝ්‍රා  යනු පුරුෂයින්ගේ ලිංගික බෙලහීනතාවය දුරු කර ශිෂ්ණය ඍජුවීම සදහා භාවිතා කරන ඖෂධයකි.

සාමාන්‍යයෙන් එහිදි ලිංගික කාර්යය නිම වු පසු ශිෂ්ණය යථා තත්වයට පත්වෙනවා. නමුත් එසේ නොවුනොත්?

ශ්‍රි ලංකාව තුලද පසුගිය දවස් වල මෙවැනි තත්වයක් ගැන සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහ කල නිසා ඔබට මෙය අමුතුවෙන් පහදා දිය යුතුයැයි නොසිතමි.

ලිංගික දුබලතාවයකින් පෙළුණු 36 හැවිරිදි ඉන්දියානු පියෙක් එක් රාත්‍රියක ව්‍යාඝ්‍රා පෙති 100mg (සාමාන්‍ය මාත්‍රාව) ලබා ගත්තා.

නමුත් ලිංගිකව හැසිරීම නිමවීමෙන් පසු ඔහුගේ ශිෂ්ණයේ ඍජුවීම පහව ගියේ නැහැ. එනම් එය යථා තත්වය පත්වුනේ නැහැ.

ඔහු එය යථා තත්වය පත් කර ගැනීමට දැඩි ලෙස උත්සහ කර ඇතත් එය ඵලක් වී නොමැති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වාර්තා කරනවා.

අවසානයේදී ඔහු ශිෂේණය ඉබේම යථා තත්වයට පත්වේ යැයි සිතමින් නින්දට ගියා. කෙසේවෙතත්, පසුදා උදෑසන කාමරයට ආ  ඔහුගේ දරුවා ඔහු වැළඳ ගත්තා .

නමුත් ඔහු වැරදීමකින් පැන්නේ සිය පියාගේ ඍජු වී තිබු ශිෂ්ණය මතටයි. එහිදි මෙම පියාගේ ශිෂ්ණයේ මෘදු පටක තුවාල වුනා.

තාත්තාට එකවරම ඔහුගේ යටි බඩ ප්‍රදේශයේ දරුණු වේදනාවක් දැනුනා. මෙම අවසනාවන්ත සිදුවීමෙන් දින දෙකකට පසු ඔහු රෝහල් ගත වුනා.

ඒ වන විටත් ඔහුගේ ශිෂ්ණය ඉදිමී කැක්කුම දුන් අතර විකෘති වී තිබුනා. 

ඉන්දියාවේ කිං ජෝර්ජ් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් ඔහුගේ ශිෂ්ණය පරීක්ෂා කළා.

මෙම පුද්ගලයා eggplant deformity” පෙළෙන බව ඔවුන් සොයා ගත්තා. ඔවුන් නිගමනය කළේ ඔහුට ශිෂ්ණයේ තුවාල වීමක් සිදුව ඇති බවයි.

ශිෂේණය ඍපු පටක තුවාලවීම

ඍජු වු ශිෂේණය තද පහරකින් වුවත් තුවාල වෙන්න පුළුවන්. එනම් ශිෂ්ණයේ මෘදු පටක වලට හානි වෙන්න පුළුවන්.

ශිෂ්ණය සිලින්ඩරාකාර නල තුනකින් සමන්විතයි. ශිෂේණය ඍජු වන විට, මෙම නල තුනෙන් දෙකක් රුධිරයෙන් පිරියයි.

ඒ එක්කම මෙම නල වටා ඇති පටක ද එකවර විශාල වෙනවා.

එවිට ශිෂේණයට යම් වේගවත් පහරක් වැදුනොත් , එය නැමි යන්න පුළුවන්. සමහර විට නලවල අතිරික්ත පීඩනය ඇති වී ඒවා පුපුරා යන්න පුළුවන්.

පුරුෂයා ඕනෑවට වඩා වැඩි වේගයකින් සිය ශිෂ්ණය  කාන්තාවකගේ ශ්‍රෝණි අස්ථිය ගැටෙන සේ ඇතුල් කල හොත් ලිංගිකව එක්වීමේදී පවා මෙසේ වන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ලිංගික එක්වීමක් නිසා  මෙලෙස තුවාල ලබා ගන්නා රෝගීන්ට සාමාන්‍යයෙන් තියුණු වේදනාවක් දැනෙන අතර යමක් පැලී යන ශබ්දයක්ද ඇසෙනවා.

රෝග ලක්ෂණ ඉදිරි පැය කිහිපය තුළ ඉක්මනින් පහල වෙන්න පුළුවන්.

36 හැවිරිදි ඉන්දියානු තාත්තාගේ ශිෂ්ණයේ එක් නලයක් සෙන්ටි මීටර් එකක් පමණ ඉරි තිබු අතර එහි ‌ලේ කැටියක් ඇති බව  වෛද්‍යවරු සොයාගත්තා.  

වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

මෙය දැන ගත් වහාම වෛද්‍යවරු ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර  රුධිර කැටිය ඉවත් කර විවරය මසා දැමුවා.

එය සාර්ථක වු අතර ඔහු දැන් සුවෙන් පසුවෙනවා.

ඔබේ ශිෂ්ණය තුවාල වීම වු විට කළ යුතු දේවල්

වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

මෙවැනි තුවාලයක් සිදු වුවහොත් කලබල වෙන්න එපා. මෙය වේදනාත්මකයි තමයි නමුත් එය යථා තත්වයට පත් කරන්න පුළුවන්.

මේ කාරණා මතක තබාගන්න.

1.බලාගෙන ඉන්න එපා. ඔබේ ශිෂ්ණය තුවාල වී ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවෙන්න.

එය ප්‍රතිකාර නොකර තබා ගත් විට කල් ගත වෙද්දි තත්වය තවත් අයහපත් වේවි.

ඒ මගින්  කැළැල් ඇති විය හැකි අතර එය ඔබේ ශිෂේණය වක්‍ර වීමට හේතු වෙන්න පුළුවන්. නැතිනම් තුවාල වු පටක නිසා ශිෂ්ණය ඍජු වීම අඩාල වෙන්න පුළුවන්.

2.සලකුණු දැනුවත් වෙන්න. වඩාත්ම පැහැදිලිව පෙනෙන සලකුණු වන්නේ අධික වේදනාව සහ ඉදිමීමයි.

එය සිදු වන විට ඔබට ශබ්දයක් ඇසෙන්න ඉඩ තියෙනවා.

සමහර අවස්ථාවලදී, ඔබ මුත්‍රා කිරීමේදී රුධිරය පිටවේ  නම්, එයින් අදහස් වන්නේ ඔබේ මුත්‍රා නාලයට හානි සිදුවී ඇති බවයි.

මෙම සලකුණු දුටු වහාම වෛද්‍යවරයෙකු වෙත යන්න.

3.වෛද්‍යවරුන්ට එය යථා තත්වයට පත් කරන්න පුළුවන්. ශිෂේණයේ ඉරියෑම් සැත්කමකින් සකස් කරන්න අවශ්‍ය වෙනවා. 

සැත්කමට බිය වෙන්න එපා. ඔබ ප්‍රතිකාර වලට යොමු නොවීමෙන් සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

පැය 72 ක් තුළ වෛද්‍යවරයෙකු වෙත යාම වඩාත් සුදුසුයි.

4.සැත්කමෙන්  පසුත් ඔබට සංසර්ගයේ යෙදෙන්න පුළුවන්.

අවසාන වශයෙන්, ඔබේ ශිෂ්ණය ඉරි යෑම නිවැරදි කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය කරන්නේ නම්, එම සැත්කමෙන් සති හතරකට හෝ හයකට පසු ලිංගිකව හැසිරීමට ඔබට පුළුවන්.

එය ටිකක්  දිගු කාලයක් නේද? නමුත් කණගාටු වීමට වඩා ආරක්ෂිතව සිටීම හොදයි.

ශිෂ්ණය තුවාල වීම ගැන ‌මේ වැදගත් දැනුවත් කිරීම පියවරුන් සදහාමයි.

ප්‍රතිකාර ලබා ගැනීමට වඩා වළක්වා ගැනීම වැදගත් බව මතක් කරන අතර හදිසි අවස්ථාවකදි ක්‍රියා කල යුතු ආකාරය ගැන අප ලබා දී ඇති ‌තොරතුරු ඔබට වැදගත් ‌වේවි කියලා අප හිතනවා.

‌මේ ගැන ඔබ ලගත් අදහස් තිබේ නම් අනිවාර්යයෙන්ම අප හා ‌බෙදාගන්න අමතක කරන්න එපා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි
බෙදාගන්න :
  • පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

    පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

  • පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

    පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it