theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?

5 අවම කියවීම
දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?

දරු උපතේදි සිදුවෙන ඉරියන ‌යෝනිය සුව කරගන්නේ ‌මෙහෙමයි

දරු ප්‍රසුතියේදි යෝනිය තුවාල වීම නිතර දකින්න ලැබෙන ගැටලුවකි.  සමහර කාන්තාවන් ඒ නිසා මානසිකව හා කායිකව පීඩා විදිනවා.

අන්න ඒ නිසාම අපි අද ඒ සම්බන්ධයෙන් රචිත ලිපියක් ඇසුරෙන් ‌මේ කාරණා ඔබ ‌වෙත ‌ගෙන එනවා.

අපේ රටේ ‌බොහොමයක් කාන්තාවන් සාමාන්‍ය දරු ප්‍රසුතියට මුහුණ ‌දෙන නිසා ‌මේ ‌තොරතුරු වැදගත් ‌වේවි.

බොහෝ විට සාමාන්‍ය දරු ප්‍රසුතියේදි දරුවා ගර්භාෂයෙන් පිටතට තල්ලු කරද්දි හෝ දරුවා බිහිවීම පහසු කිරීමට වෛද්‍යවරයා විසින් යොදන කැපුම් නිසා යෝනිය හා ඒ අවට තුවාලවීම සිදුවෙනවා.

මෙය ටිකක් වේදනාත්මකයි තමයි. ඒත් කලබල වෙන්න එපා. එය ඔබට ඉක්මනින්ම සුවකරගන්න පුළුවන්.

බොහෝ විට සාමාන්‍ය ප්‍රසුතියේදි දරුවාගේ හිස යෝනි මාර්ගය දිගේ පහලට තල්ලු කරන විට ඔබේ යෝනිය හා ගුදමාර්ගය අතර ඇති පෙරිනියල් නම් ඉතා සියුම් ප්‍රදේශය ඉරියාමකට ලක්වෙන්න විශාල ඉඩක් තියෙනවා.

දරු ප්‍රසුතිය සිදුවෙන කාන්තාවන්ගෙන් අඩක්ම සියුම් ඉරියාමක් හෝ අත්විදිනවා.

දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?

යෝනිය තුවාල වීම සිදුවෙන ආකාර

  • සම පමණක් ඉරියාම - පළමු මට්ටම
  • සම හා මාංශ පේශින් ඉරියාම - දෙවන මට්ටම
  • ගුද මාර්ගය දක්වා ඉරියාම - තුන්වන මට්ටමට 
  • ගුද මාර්ගය දක්වා මාංශ පේශි දක්වා ඉරියාම - සිව්වන මට්ටමට

යෝනිය හා පෙරිනියල් ප්‍රදේශ තුවාල වු විට වේදනාකාරී විය හැකි අතර සුව වීමට මද කාලයක් ගන්න පුළුවන්. ඒ සදහා ඉහළ සනීපාරක්ෂාවක් එක්ක නිසි රැකවරණයක් දීම වැදගත් ‌වෙනවා.

යෝනිය තුවාල වීම සුවපත් කරගැනීම

සෙන්ටි මීටර් 2 ක් නැතිනම් අගලකට වඩා ලොකු ඉරියාම් සදහා මැහුම් යොදන්න සිදුවෙනවා.  එය ප්‍රසුතිය සිදු වු වහාම ‌වෛද්‍යවරයා තීරණය කර කරනවා.

එම තුවාල සුව වෙන විට ඔබට එම ප්‍රදේශයේ මෘදුබවක් දැනෙන්න ගන්නවා.

මෙම තුවාල සුවවෙන්න දින 7 ත් 10 ත් අතර කාලයක් යනවා. 

සති කිහිපයක් වේදනාව දැනෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කලබල වෙන්න එපා.

ඔබේ පෙරිනියල් ප්‍රදේශය නිරෝගීව පවත්වා ගනිමින් වේදනාව සමනය කිරීම, ආසාදන වැලැක්වීම සහ සුව කිරීම සඳහා දරු ප්‍රසුතියෙන් පසු ඔබේ වෛද්‍යවරයාගේ හෝ හෙදියන්ගේ උපදෙස් පිළිපදින්න. ‌

රෝහලෙන් පිට ‌වෙන විට ඔබට ඒ හා සම්බන්ධ උපදෙස් ලැබේවි.

ඒ වගේම  ඔබ ගමේ සායනයේ ලියාපදිංචිව ඇත්නම් පවුල් ‌සෞඛ්‍ය ‌සේවිකාව වරින් වර ඇවිත් ‌මෙම තුවාල පරීක්ෂා කර බලනවා. ‌

මෙම තුවාල සුළු ‌කොට සලකන්න එපා ආසාදනය වීමෙන් ඔබට වඩා දරුණු තත්වයකට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්.

  • මුත්‍රා පිට කල පසුව උණුසුම් ජලයෙන් එම ප්‍රදේශය පිරිසිදු කරන්න.
  •  ඔබේ රෝහල විසින් අනුමත කරන ලද සනීපාරක්ෂක පෑඩ් සමඟ එන ගෝස් පෑඩ් හෝ ටිෂු භාවිතා කර ඇතිල්ලිමකින් තොරව පිසදමමින් වියළාගන්න.
  • අවම වශයෙන් සෑම පැය හතරක් හෝ හයක්වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න.
  • එම ප්‍රදේශය ස්පර්ශ නොකරමින් සුවවෙන්න දෙන්න. ස්පර්ශ කිරීමෙන් එය සුවවීමට කාලයක් ගතවෙන්න පුළුවන්.
  • මළපහ පිට කිරීමේදි ඔබේ අලුතින් යෙදු මැහුම් ඉරෙන්න පුළුවන් කියා බිය නොවන්න. ඒත් එසේ වෙන්නේ නැහැ. සැහැල්ලුවෙන් සුපුරුදු පරිදි ඉන්න.
  •   තුවාල සුවපත් වීම සදහා ධාන්‍ය වර්ග, නැවුම් පලතුරු සහ එළවළු වැනි ආහාර ආහාරයට එක්කර කරන්න. දියර වර්ග බොන්න. ඔබට සුවයක් දැනුන වහාම මදක් ඇවිදීම කරන්න. මළ මෘදුකාරකයක් හෝ මෘදු විරේචකයක් ගැනද ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

යෝනිය තුවාල වීම නිසා ඇතිවෙන  වේදනාව අඩු කිරීම 

දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?

අයිස් තියන්න

 ඉදිමීම අඩු කිරීම අයිස්වලින් පිරුණු ශල්‍ය අත්වැසුම් හෝ සීතල පැකට්ටුවක් සහිත පෑඩ් එකක් තුවාලය මත මෘදුව තබන්න.

උණුසුම් කරන්න

අසහනය සමනය කිරීම සඳහා, දිනකට තුන් වතාවක්  විනාඩි 20 ක් බැගින් උණුසුම් බදුනක වාඩි වි ස්නානය කරන්න.

නැතිනම් උණුසුම් වතුරින් පොගවා මිරිකා ගත් පිරිසිදු රෙදි කඩකින් තවන්න.

තාප ලාම්පු නිරාවරණය උත්සාහ කිරීම තවත් ක්‍රමයක් වුවත් ඒ සදහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.

හිරිවට්ටන්න

ඔබේ වෛද්‍යවරයා එම ප්‍රදේශය නිර්වින්දනය කිරීමට නිර්දේශ කරන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒවා ස්ප්‍රේ  හෝ ආලේපන විදියට ලබා දෙන්න පුළුවන්.

එම ආලේපන උපදෙස් අනුව ආලේප කිරීමෙන් ඔබට එම ‌පෙදෙස තාවකාලිකව හිරි වට්ටගන්න පුළුවන්.

එය වෙහෙසට පත් කිරීමෙන් වළකින්න

 ඔබේ පැත්තට හැරි නිදාගන්න. වේදනාව ඇති වීම වළක්වා ගැනීමට  දිගු වේලාවක් සිටගෙන සිටීමට හෝ වාඩි වී නොසිටීමට උත්සාහ කරන්න. ඒ ආකාරයට තුවාලය සුවවෙන තුරු ‌වේදනාත්මක ඉරියව් මග හැර සිටින්න ඔබට පුළුවන්.

කුෂන් එකක් භාවිතා කරන්න

අර්ශස් සදහා වාඩි වී සිටීමට දෙන කුෂන් කොට්ටයක් මත  වාඩි වී සිටින විට ඔබට යම් සහනයක් ලබා ගන්න පුළුවන්.

යෝනිය තුවාල වීම වළක්වා ගැනීම

දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?

කේගල් ව්‍යායාම හා දරුවා ලැබීමට මාසයකට පෙර පෙරිනියම ප්‍රදේශයට සම්බාහනයක් සිදු කිරීමෙන් දරුවා ලැබීමේදි ඒ පෙදෙස හොදින් ඇදීමට හැකි පරිදි සකස් වෙනවා.

රුධිර සංසරණය උත්තේජනය වීමෙන් තුවාල ඉක්මනින් සුව වෙන නිසා දරු ප්‍රසුතියෙන් පසුවද දිගටම කේගල් ව්‍යායාම කරන්න.

ඔබේ පෙරිනියම රතු වී ඉදි මී ඇති නම් , අප්‍රසන්න ගන්ධයක් දැනේ නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

ඇමරිකානු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය (ACOG) මගින් යෝනි ප්‍රසූතියේදී සම්මත ප්‍රොටෝකෝලයක් ලෙස එපිසියෝටෝම හෝ ශල්‍ය කැපීම් තවදුරටත් නිර්දේශ කරන්නේ නැහැ.

නමුත් සමහර අවස්ථාවලදී බබාගේ ප්‍රමාණය හෝ පිහිටීම ගැටළු සහිත වෙන්න පුළුවන්. 

එවිට කැපුමක් යෙදීම අවශ්‍ය වෙන්න පුළුවන්.

ස්වභාවිකව යෝනිය ඉරි යෑම සිදුවන්නේ සියලුම උපත් වලින් සියයට 2 කටත් වඩා අඩු ප්‍රමාණයකිනි.

මෙම ඉරි යෑම් ඔබේ ගුද මාර්ගය දක්වා එනම් තුන්වන මට්ටමට හෝ  එහි මාංශ පේශිවලට එනම් සිව්වන මට්ටමට ලගා වීමෙන් මළපහ පිටකිරීමේ අපහසුතා හා ශ්‍රෝණි ‌වේදනවා ඇති වෙනවා.

සමහර විට මේ ඉරියෑම් ලිංගික සංසර්ගය අතර ඔබට වේදනා දෙන්න පුළුවන්.

ඒ නිසා දරු උපතකදි මෙවන් යෝනිය තුවාල වීමක් සිදුවුවහොත් ඉක්මනින් සුව කරගැනීමට කටයුතු කරන්න.

මේ සම්බන්ධව ඔබටත් අත්දැකීම් තියෙනවාද? නැතිනම් අදහස් දැක්වීමට කැමතිද? එසේනම් ඔබේ තොරතුරු බෙදා ගැනීමට පහතින් දැක්වෙන කමෙන්ට් තීරය ඒ සදහා භාවිතා කරන්න.

මුලාශ්‍ර - www.whattoexpect.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සාමාන්‍ය ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it