theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?

4 අවම කියවීම
ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?

ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම ගැන අප බොහෝ දෙනෙක්ගේ පූර්ව නිගමනවලට හා මිථ්‍යාවන් බොහොමයක් තියෙනවා. නමුත් එය එතරම් පිළිකුල් සහගත නොවන බව ඔබ දැන සිටියාද?

ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන අප බොහෝ දෙනෙක්ගේ පූර්ව නිගමන හා මිථ්‍යාවන් බොහොමයක් තියෙනවා. නමුත් ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම පිළිකුල් සහගත නොවන බව ඔබ දැන සිටියාද?

ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම අති විශිෂ්ඨ බව කියන හේතු  7 ක්

1. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම කිසිසේත්ම අවුල් සහගත බවක් නැහැ.

ඔබේ සනීපාරක්ෂක තුවා උපකරණ දකින ඔබට ඇතිවෙන හැගීමක් වෙන එකක් වෙන්න  පුළුවන්.
නමුත්  ඔසප් කාලය තුල පිටවෙන ඔසප් රුධිරයේ සාමාන්‍ය පරිමාව මිලි ලීටර් 35 ක් බව ඔබ දැන සිටියාද?
එය දින කිහිපයක් තිස්සේ පිටවෙන ඔසප් තරල මේස හැදි හැදි 2.4 ක් විතරයි. ඇත්ත වශයෙන්ම, ඔබේ කලවා මත සහ ඔබේ පුරුෂයාගේ ශිෂේණය මත රුධිරය ටිකක් හෝ ඇතිරිලි මත රුධිරය  බින්දුවක් හෝ 2 ක් ගෑවෙන්න පුළුවන්. නමුත් ඒ නිසා ඔබ සහ ඔබේ සහකරු රුධිරයෙන් තෙමෙන්නේ නැහැ.
ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?

2. එය ශරීර තරලයක් විතරයි

එහි තරමක් වෙනස් ගන්ධයක් තියෙන්න පුළුවන්. නමුත් ඔසප් රුධිරය කියන්නේ දීප්තිමත් වර්ණ සහිත ශරීර තරලයක් පමණයි. ඒ වගේම එය කාන්තාවක් වීමේ විශාල කාර්ය භාරයකි.
ඔබට සහ ඔබේ සහකරුට ඒ ගැන පිළිකුලක් නොමැති නම් ඔබ එසේ නොකර සිටින්නේ ඇයි?

3. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ඔබේ  මස්පිඩු පෙරලීම සහ හිසරදය සමනය කිරීමට උපකාරී වෙනවා.

බොහෝ කාන්තාවන් මේක ඇහුවාට පස්සේ නම් මෙම කාලය තුල එකතු වීම කැමති වේවි.
ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම ඔසප් කාලයේ ඇතිවෙන මස්පිඩු  පෙරලීම සමනය කරනවා.
ඔබ ලිංගික උද්දීපනයේ උච්චතම අවස්ථාවට ලඟා වෙන විට, ඔබේ සිරුර  එන්ඩොර්ෆින් (endorphins) නිකුත් කරනවා. ඔක්සිටොසින් සහ ඩොපමයින් වැනි හොඳ හැඟිම් දෙන හෝමෝන මඟින් ඔබේ ඔසප් කාලයේ දැනෙන  වේදනාවන් සමනය කරනවා. එයට ඔබේ ඉරුවාරදය අඩු කරන්න  පුළුවන් කියා දන්නවාද ?
සමහර  කාන්තාවන්ට ඇතිවෙන ඉරුවාරදය සහ දවසට කිහිප වරක් කඩින් කඩ ඇති වෙන හිසරදයේ( cluster headache) වේදනාව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අඩු වෙන බව 2013 දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් නිගමනය වුනා. එය ඔබගේ මානසිකත්වය  ඉහළ නැංවීමටත්, දුක හෝ මානසික අවපීඩනය වැනි හැඟීම් වලට සහනය ලබා දීමටත් කටයුතු කරනවා.
ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?

4. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම තුළ වැඩි සතුටක් ලැබෙනවා. 

බොහෝ කාන්තාවන්  මාසයේ මේ කාලය තුළ ලිංගිකව උද්දීපනය වන අතර ස්පර්ශයට සංවේදී වෙනවා. හෝමෝන මට්ටම වෙනස් වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා.
ඔසප් කාලය තුල ලිංගිකව එකතු වෙන  කාන්තාවන් ද වැඩි ලිංගික ආශාවක්  අත් විදින අතර වඩා ප්‍රබල ලිංගික උද්දීපනයක් ලබාගන්නවා. එසේම, සමාජය  වැඩිය පිළිනොගන්නා දෙයක්  නිසා එය වඩාත් ආකර්ෂණීය දෙයක් වෙනවා නේද?

5. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම නිසා ඔසප් වෙන දින ගණන අඩුවෙනවා.

ඔබ ඔසප් වීම පිළිකුල් කරනවා නම්, මෙය ඔබ සඳහයි. ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම ඔබේ ඔසප් වෙන කාල සීමාව දිනක් හෝ දින දෙකකට සීමා කරනවා. ඔබ ලිංගික උත්තේජනයට  පත් වු විට, ඔබේ ගර්භාෂය හැකිලෙන අතර, එමඟින් ඔසප් වීමට අදාල පටල හා රුධිරය වේගයෙන් පිට වීම මෙයට හේතුවෙනවා.
හොඳ ලිංගික ජීවිතයක්

6. ලිහිසි තෙල් (lubricant) අවශ්‍ය නොවේ.

ඔබ ඔසප් කාලය තුල ලිංගිකව එකතු වෙනවා නම් ඔබේ ලිහිසි තෙල් අවශ්‍යතාවය අඩුවෙනවා.
ඔසප් පිට කිරීම් ප්‍රමාණවත් ලිහිසි කිරීමක් ලබා දීම එයට හේතු වෙනවා.

7. ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම නිසා ඔබ හා ඔබේ සහකරු සමඟ ඇති බැඳීම ශක්තිමත් කරනවා.

ඔබේ ඔසප් කාලය තුල ඔබේ සහකරු අතේ දුරින් තබා ගැනීම තව දුරටත් අවශ්‍ය නොවේවි.
එසේම, ඔබට ඔබේ සහකරු සමඟ ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම නිසා කාන්තාවක් තම සහකරු සමඟ සුපිරි සැප පහසුවක් ඇති කර ගන්නවා.
ඒ වගේම ඒ මඟින් ඔබ දෙපල අතර ඇති බැඳීම වගේම ආදරය පිළිබඳ හැඟීම හා සමීපභාවය ශක්තිමත් කරනවා.

ඔසප් කාලය තුල එක්වීම තුල ගත යුතු පෙර පූර්වාරක්ෂාවන් හා ඔසප් කාලය තුල ලිංගිකව එකතු වීම පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න.

1. කොන්ඩම් භාවිතා කරන්න.

ඔසප් කාලය තුල එකතු වීමේදී HIV වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිතව බෝවන රෝග) සම්ප්‍රේෂණය වීමේ අවදානමක් තියෙන නිසා කොන්ඩම් භාවිතා කිරීම සහ ආරක්ෂිත ලෙස ලිංගික හැසිරීම නිර්දේශ කරනවා.
ඔසප් රුධිරයේ වෛරස් තියෙන්න පුළුවන්. ඔබේ සහකරු ඔහුගේ  ශිෂ්ණයේ රුධිරය තැවරෙනවාට බියක් ඇත්නම් කොන්ඩම් එකක් පැළඳීමද සුදුසු වෙනවා.

2 ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම  නිසා ගර්භණී වීමේ අවදානමක් තියෙනවා.

ඔසප් කාලය තුල එකතු වීම නිසා ගැබ් ගැනීම සිදු  නොවේයැයි  පැවසීම මිථ්‍යාවකි.
මෙය සත්‍ය වු අවස්ථා තියෙනවා මෙන්ම ඉදිරියේදී එවැනි අවස්ථා බලාපොරොත්තු වෙන්නත්
පුළුවන්.
ඔබට කෙටි ඔසප් චක්‍රයක් (දින 21-24) තිබේද? සාමාන්‍යයෙන්  ඔසප් අවසාන වීම සමග ඩිම්බයක් පිටවෙනවා. තවද ශුක්‍රාණුවකට කාන්තාවකගේ ශරීරය තුළ දින 3-5 දක්වා ජීවත් වෙන්න පුළුවන්බ ව අපි දන්නවා.
ඒ නිසා  ඔබේ ඔසප් කාලය අවසන් වීමේදී අනාරක්ෂිතව ලිංගිකව එකතු වුවේ නම්, මේ සියල්ල එකට සිදු වී නම් ගැබ් ගැනීමක් බොහෝ දුරට වෙන්න පුළුවන්.

3. තුවායක් භාවිතා කරන්න.

එම  පැල්ලම් ගැන හිතනවා නම් තුවායක් භාවිතා කරන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔසප් කාලය තුල ලිංගිකව එක්වීම ගැන දැනුවත්ද?
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

    ගැබිණි මව්වරු වැළකිය යුතු ලිංගික ඉරියව්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it