theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

2 අවම කියවීම
බෙදාගන්න :
•••
රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

රස මෙන්ම ගුණෙන්ද පිරිපුන් මේ ඉතාලි ක්‍රමයට සැදු පැස්ටා එක පවුලේ සැවොම රස විඳිනවා නියතයි.

අපි ඉතාලි කෑමක් කාපු වෙලාවක Pesto Sauce වලින් සැදු පැස්ටා එකක් රස වින්ද. මෙය බොහෝ රසවත් හා ගුණවත් නිසා මම මේක හැකි වෙලාවට ගෙදර හදනවා. මොකද මේක හදන්න ගන්න බෙසිල් කොළ නිතරම වෙළඳපොලේ ගන්න නැහැ.

පසුගියදා Keells Super එකේ පලා වර්ග තෝරනකොට නැවුම් බෙසිල් කොළ  ඇවිත් තිබුන නිසා මේ පැස්ටා එක හදල සාදන ක්‍රමය ඔබ සමඟ බෙදා ගන්නට හිතුවේ පවුලේ බාල මහළු කාටත්ව එකසේ ගුණ දෙන කෑමක් නිසයි.

රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

බේසිල් කොළ පලා ගොඩේ නම් කර තිබෙන නිසා ඔබට හොයා ගන්නට අපහසු නොවන අතර පෙනුමට ඒවා මෙන්න මේ වගෙයි.

රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

පෙස්ටෝ පැස්ටා: අවශ්‍ය ද්‍රව්‍ය

  • Pasta හෝ Spaghetti 300g
  • බෙසිල් කොළ - අහුරක් පමණ 
  • පයින් ඇට නැතහොත් වෝල්නට් ඇට අහුරක් පමණ (හැව්ලොක් පාරේ ඩික්මන් මංසන්ධියෙන් හෝ ගුඩ් මාකට්හි What On Earth කුටියෙන් මෙම ඇට වර්ග මිලදී ගන්න පුළුවන්) *පයින් ඇට වෙනුවට වෝල්නට් හෝ කජු භාවිතා කරන්නද පුළුවන්
  • ඔලිව් තෙල් - කෝප්ප භාගයක්
  • සුදුළුනු බික් තුනක්
  • ෆ්‍රෙෂ් ක්‍රීම් - කෝප්ප භාගයක්
  • කොටු කපා ගත් තක්කාලි  ගෙඩි - 2ක්
  • ලුනු ගම්මිරිස් (අවශ්‍ය පමණින්)
  • මීට් බෝල්ස් 200g (හතරට කපාගත්)
  • ලොකු ළුණු ගෙඩි 1ක් (කොටු කපාගත්)

සාදන ක්‍රමය

1. මුලින්ම පැකට්ටුවේ කියා ඇති පරිදි පැස්ටා හෝ spaghetti පිස ගන්න.

2. දැන් පයින් ඇට ටික කබලේ යන්තම් දුඹුරු පැහැ ගැන්වෙන තුරු බැදගන්න. (මෙය බැද ගන්නේ නැතිව වුවද පාවිච්චි කල හැක)

3. බෙසිල් කොළ, පයින් ඇට, සුදුළුනු බික් දෙකක් සහ ඔලිව් තෙල් බ්ලෙන්ඩරයේ දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ලුනු අවශ්‍ය පමණට යොදා ගන්න. මේ ඔබ සදා ගත්තේ චීස් රහිත පෙස්ටෝ සෝස් එකයි.

රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු

මෙයට පාමෙසන් චීස් මේස හැඳි තුනක් එක් කර ගැනීමෙන් තවත් රසවත් වනවා

5. දැන් තෙල් ටිකක් ලිප තබා සුදුළුනු බික් එකක් තෙම්පරාදු කර එයටම කපා ගත් ළුණු සහ මීට් බෝල්ස් එක් කොට තෙම්පරාදු කරගන්න. මෙයට කපා ගත් තක්කාලි එක් කර හොඳින් කලවම් කර ගන්න. ලුනු, ගම්මිරිස් ඇති පමණ යොදා ගන්න.

6. මිශ්‍රණයට ෆ්‍රෙෂ් ක්‍රීම් එක් කොට තම්බා ගත් pasta/spaghetti ටික ඊට එක් කර ගන්න.

7. දැන් මෙය පෙස්ටෝ සෝස් එක සමඟ මිශ්‍ර කොට හෝ වෙනම හෝ මේසයට පිළිගන්වන්න.

මෙම පැස්ටා එකේ විශේෂත්වය වන්නේ එහි විශේෂ ගුණයයි. පයින් ඇට, බෙසිල් කොල හා සංතෘප්ත මේදය සහිත ඔලිව් තෙල් යන මේ සියල්ලම ඉතාම පෝෂ්‍යදායි වන අතර වෙනස්ම රසයක් ගෙන දෙන මේ රෙසිපිය ඔයාල අද හෙටම අත් හදා බලයි කියා අප විශ්වාස කරනවා.

Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • රසවත්, ගුණවත් පෙස්ටෝ පැස්ටා එකක් හදමු
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • මස් නොකන ඔබට කියාපු recipe එක!

    මස් නොකන ඔබට කියාපු recipe එක!

  • Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

    Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

single
  • මස් නොකන ඔබට කියාපු recipe එක!

    මස් නොකන ඔබට කියාපු recipe එක!

  • Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

    Hubby's kitchen වෙතින් හවස තේ වේලාවට රසවත් රෙසපි 4 ක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor