theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෙට්‍රල් කඳුලක් නැති වූ විට මගේ නෙතට කඳුලක් ඉනුවා! ඔබේ වාහනයේ අමතර ඉඩක් තියේද?

3 අවම කියවීම
පෙට්‍රල් කඳුලක් නැති වූ විට මගේ නෙතට කඳුලක් ඉනුවා! ඔබේ වාහනයේ අමතර ඉඩක් තියේද?පෙට්‍රල් කඳුලක් නැති වූ විට මගේ නෙතට කඳුලක් ඉනුවා! ඔබේ වාහනයේ අමතර ඉඩක් තියේද?

බෙදා හදා සාමුහිකව කටයුතු කිරීම තුලින් බෙදාගැනීම වැනි ගුණදම් නිරායාසයෙන්ම අප දරුවන් තුලද ස්ථාපිත කරනවා පමණක් නොව අසල්වාසීන් සමඟ නව මිතුදම්ද ගොඩනැගෙනවා නොවේද?

මේ ලියන්නේ මගේ බඩේ වේදනාවක් මැද්දේ, උදේ ඉඳල දකින ඉන්ධන ප්‍රශ්නය හා සම්බන්ධ විහිලු කාටූන්, විවධ කියමන්, Facebook posts සහ වීඩියෝ මගින් එන විහිලු දැකල හිනහ වෙලා මගේ බඩත් රිදෙනවා, ඇස්  දෙකෙන් කඳුලුත් එනවා.

මගේ එක් මිතුරෙක් joke එකක් බෙදා ගත්තේ පෙට්‍රල් පෝලිමේ පස්වෙනි පැයත් ගතකර හමාර වී දුරකථන බැටරියේ අන්තිම බාර් එක පාවිච්චි කරමින්. මෙවන් කී දෙනෙක් පැය ගණන් පෝලිම් වල ගත කරනවාද?

මෙතරම් ව්‍යසනයක් මැද්දේ අපේ රටේ සහෝදර ජනතාව ප්‍රගුණ කරගෙන ඇති ඉවසීමත්, හාස්‍යජනක බවත් මොහොතකට මාව මවිත කළා. කෙතරම් උතුම්ද?

මෙතරම් විහිලු තහළු කලත් පොදු ජනතාව මේ වන විට ඉමහත් අසීරුතාවයකට පත් වී තිබෙන්නේ පෙට්රෝල් පෝලිම් වල සිටීමත්, වැස්සත් වාහන තදබදයත් මේ සියල්ලම හමුවේය.

නිකරුනේ නිසොල්මනේ දහසකුත් ජනයා මානසික පීඩනයෙන් ගත කරන කාලය ඇතුන් ලවා වත් ඇදගන්නට බැහැ. මෙම අවාසනාවන්ත තත්වය සිය දහස් ජනයා මන්දගාමිව මරණයට පත් කරන සමුල ඝාතනයක් බඳු යැයි මට සිතෙන්නේ මේ නිසායි.

මේ තත්වය මෙතරම් බැරෑරුම් ලෙස දකින නියාවෙන් මේ සටහන ලියන්නේ නිකමට හෝ තෙල් නැව කලට වෙලාවට නාවොත් පවුලේ අප හැමට එක් වී කල හැකි යම් ක්‍රියාමාර්ග කිහිපයක් ගැන සඳහන් කරන්නටයි.

ඉන්ධන ප්‍රශ්නය ට විසඳුම් 5ක් 

1. ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම

මේ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. “යන ගමන කොහොම කෙටි කරන්නද?” ඔබ අසාවි? දිනපතා කල යුතු වැඩ කටයුතු පුංචි පොතක ලියාගන්න. අංක දමා ලියාගත් මේ ලැයිස්තුව අනුව එක ගමනින් කොපමණ වැඩ ප්‍රමාණයක් සිතා මතාම කල හැකි දැයි දැනගත් විට ඔබ මවිත වේවි.

2. අත්‍යවශ්‍ය කාර්යය බොහොමයක් අන්තර්ජාලය හරහා කරගත හැක

මා දන්නා බොහෝ අයවලුන් පුරුද්දක් සේ තවමත් නොයෙක් බිල්පත් ගෙවීමට සහ අනීකුත් විවිධ සේවා ලබාගැනීමට මුලින්ම බැංකුවට ගොස්, මුදල් ලබාගෙන, එතනින් අදාල මධ්‍යස්ථානයට ගොස්, පෝලිම් වල හිඳ ගනුදෙනු කරනු ලබනවා.

මෙයින් සිදු වන්නේ කාලය, ශ්‍රමය සහ මුදල් යන සියල්ලා නාස්ති වීමක්. මෙවන් සේවා 90%ම ඔබේ බැංකුව හරහා අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම ලබාගත හැකි වනවා. බොත්තමක් ඔබන සැනින් කරගත හැකි මේ දේවල් ගැන දැනුවත් වී ඔබේ කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කරගන්න.

3. නිවසේ සිට රාජකාරී කිරීම

ඔබ රකියා ස්ථානයක විධායක නිලධාරියෙක් නම් මෙය සලකා බැලිය හැකියි. වෙනසක් කිරීමෙන් ඔබවැනි වෙනත් ආයතනද මෙවන් සමාජ කර්තව කිරීමට යොමු වන අතර ඔබ එයින් සමාජයට කරන්නේ විශාල සේවයක්.

4. වාහන සහයෝගිතාව (Car Pooling)

බටහිර රටවල නම් මෙය බොහොම ප්‍රසිද්ධ සාමුහික ක්‍රියාවක්. මා ජිවැහැ වන නිවාස සංකීර්ණයේ හැමෝම අලුත් පදිංචිකරුවන් නිසා එක්කෙනාට එක්කෙනා වැඩිය හඳුනන්නේ නැහැ. නමුත් බොහෝ නිවෙස් වල එකම පාසලට යන දරුවන් වැඩිපුර සිටිනවා.

මේ ව්‍යසනය අතරේ පවා මා ඇතුළුව අනෙක් හැමෝම එක නිවසකින් එක වාහනය බැගින් එකම ඉසව්වට ධාවනය කරනු දැක මගේ හදවත හඬා වැටුනේ, අන්‍යයන් හා සහයෝගයෙන් Car lift එකක් හෝ Car Pool ක්‍රමයක් සකසා ගත්තා නම් මේ වාහන ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය සහ එකිනෙකාගේ කාලය අඩකටත් වැඩි ප්‍රමාණයක් ඉතිරි වනබව සිහි වුනු විටයි.

මෙම ඉතිරියට අමතරව බෙදා හදා සාමුහිකව කටයුතු කරන අකාරය වැනි ගුණදම් නිරායාසයෙන්ම අප දරුවන් තුලද ස්ථාපිත කරනවා පමණක් නොව අසල්වාසීන් සමඟ නව මිතුදම්ද ගොඩනැගෙනවා නොවේද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉතින් රට ලෝකය වෙනස් කරන්නට අපගේම ගෙදරින් පුංචි වෙනසකින් පටන් ගනිමු. ඔබේ වාහනයේ ඉඩ කඩ තිබේ නම් තව කෙනෙක් සමඟ ඔබේ ගමන් ගාස්තුව බෙදාගෙන ගමන් කරන්නට කැමති නම්, ඔබේ කැමැත්ත අපට දන්වන්න. අපි ඊට උදව් කරන්නම්.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • පෙට්‍රල් කඳුලක් නැති වූ විට මගේ නෙතට කඳුලක් ඉනුවා! ඔබේ වාහනයේ අමතර ඉඩක් තියේද?
බෙදාගන්න :
  • ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

    ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

  • ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

    ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

  • ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

    ලංකාවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ නව ජීවිතයට හුරු වන්නේ කෙසේද

  • ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

    ගෑස් වලින් මිදෙන්න දරුවාට උදව් වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it