theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

3 අවම කියවීම
ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවිගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

මීට හේතූන් 7 ක්.

හැම අවස්ථාවක්ම දරුවා සහ සුරතලා එක්ක සසඳන්න බැරි වුනත් දරුවන් රැක බලා ගැනීමේදී සුරතලුන්ගෙන් ඔබේ දරුවන්ටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.

ගෙදර සුරතලෙක් සිටීම පවුලට තවත් සාමාජිකයෙකු ඉන්නවා වගේ. theAsianparent Sri Lanka අපි එහි හොඳ පැත්ත ඔබට කියන්නයි සුදානම් වෙන්නේ.

ආසාදනයන් ඇතිවීම වළකනවා

හුඟක් වෙලාවට සුරතලුන්ගෙන් අසාදන ඇතිවෙයි සිතන සමහර වෛද්‍යවරුන් මුලින්ම සුරතලුන් ගෙදරින් ඈත්කරන ලෙස පැවසුවත් නවීන අධ්‍යනයන්ට අනුව පළමු වසර තුළ සුරතලුන් සිටින පරිසරයක් තුළ දරුවා හැදී වැඩිම නිසා ජිවිතයේ පසුකාලීනව දරුවා ආසාදන වලට ගොදුරු වන ප්‍රමාණය අඩු බව පැවසෙනවා. ඉතින් දරුවාට මේ අත්දැකීම ජිවිතයට වටිනා බව දැන් ඔබට තේරෙනවා.

විවිධ රෝගී තත්වයන්ගෙන් වැළකීමට

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. අසාදන විතරක් නෙමෙයි විවිධ රෝග වර්ධනය වීමද වළකන්න සුරතලුන්ට පුළුවන්. දරුවා සුරතලෙකු සමග හැදී වැඩෙන පරිසරය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා. නමුත් මේ නිසා සුරතලුන්ගේ පිරිසිදු කම හා ගැවසෙන තැන් ගැන සැලකිලිමත් නොවිය යුතු යැයි සිතන්න එපා. හොඳින් රැකබලා ගන්න සුරතලෙකු නිසා බැක්ටීරියාවන්ගේ අවධානමක් එතරම් නැහැ. ඒ නිසා දරුවාට තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න හා බැක්ටීරියාවන් සමග ගමන් කරන්නත් පුහුණු වෙනවා.

ගුණ ධර්ම ඉගෙන ගන්නත් පුළුවන්

දරුවන් නොතේරුම් කම නිසා සමහර විට සුරතලාට කරදර කරනවා. ඒ වගේ අවස්ථාවන් වලදී පිඩාවන්ගෙන් දරුවට රිදෙන හැටි ඔවුන්ට කියා දෙන්න ඔබට පුළුවන්. මේ මගින් සුරතලා අපි වගේම නැතත් ඔවුන්ටත් අපිට වගේම හැඟීම් දැනීම් ඇති බව කියා දෙන්න පුළුවන්.

සුරතලා ආත්ම ශක්තිය වර්ධනය කරගන්න උදවු වෙනවා

සුරතලාගේ හැසිරීම ක්‍රියාකාරකම් දරුවන්ගේ සිත් ගන්නවා. ඒ වගේම ඔවුන් පවුලේ අයට කොයිතරම් ලෙන්ගතු දැයි පෙනෙන්නට තියෙනවා. දරුවා තනිවී පාලුවෙන් ඉන්න විට මේ සුරතල් ක්‍රියාකාරකම් ඔහුව තනි කරන්නේ නැහැ. ඔහු තනිවී නැති බව දරුවාට හැඟෙනවා.

ඉන් ඔහුට පරාජිත හැඟීමක් ඇතිවන්නේ නැහැ. දරුවා නැති විට ඔහුව සුරතලා සොයනවා. දරුවා දකින විට සුරතලාගේත් ප්‍රබෝධය සතුට වැඩිවෙනවා. මේ බැඳීම දරුවාව සතුටෙන් ආදරයෙන් තබනවා. සුරතලුන් ඇති නිවසක් නිතරම ආදරයෙන් පිරී තියෙනවා.

නිරෝගී සංවේදී වර්ධනයක්

ඔබට බහුල සුරතලුන් හැර දුලබ ඉබ්බා, හාවා, ගිරවා වැනි සුරතලුන් ඉන්නත් පුළුවන්. නමුත් ඉන් දරුවාගේ වර්ධනයට වන අත්වැල එක වගෙයි. විශේෂයෙන් සුරතලුන්ගේ ක්‍රියාකාරකම් දරුවන්ට චිකිත්සාවක් වගෙයි. සංවේදී බුද්ධි වර්ධනයට එය ඉතා වැදගත්. විශේෂයෙන් ඔටිසම් තත්වයේ සිටින දරුවන්ට සුරතලුන් සමග ඇසුරු කිරීම ඉතා හොඳයි.

දරුවන් මිතුරෙකුට නැතිනම් තමන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුව සමග කල්ගෙවන්න ආසයි. දරුවාගේ හැඟීම් අඳුරන නිතරම ඔහුට ඇහුම්කන් දෙන අය සමග කතා කිරීමෙන් ඔවුන්ගේ හැඟීම් ශක්තිමත් වෙනවා.

දරුවන්ට ඔවුන්ගේ හැඟීම් බෙදාගන්න අවස්ථාවක් නැති විට ඔවුන්ට කේන්ති එනවා වගේම දරුවා ගහගන්න, නරකට හැසිරෙන්න ඇති ඉඩ වැඩියි. ඒ වගේම මේ නිසා දරුවා තුළ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා වගේම සතුටින් ඉන්නවා. අනෙක් දරුවන්ට වඩා දරුවා හුඟක් හොඳ දරුවෙක් වෙනවා. ඒ වගේම හුඟක් සතුටින් ඉන්න දරුවෙක් වෙනවා. 

ඉපදීම හා මරණය යන ජිවිත ස්වභාවයන් දරුවා වටහා ගන්නවා

ජීවිතය කැරකෙන ආකාරය තේරුම් ගන්න තවමත් දරුවාට හරි හැටි තේරෙන්නේ නැහැ. සුරතලාගේ මරණයත් පවුලකට දරාගන්න අමාරුයි. නමුත් ඉන් දරුවා වෙන්වීම ගැන ඉගෙන ගනීවි. සුරතලෙකුගේ මරණය නිසා දරුවා තවදුරටත් ඔහු අප අතර නැත්තේ ඇයි? මරණය වුනේ කොහොමද? අපිටත් ඒ වගේම වෙනවද? වැනි ප්‍රශ්න දරුවාට තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. ඒ පදනම මත දරුවා ලොකු මහත් වන විට වඩා ගැඹුරින් ලෝකය දකින්න ඉගෙන ගන්නවා.

පවුලේ බැඳීම් වැඩිකරනවා

පවුලේ හැමෝම සුරතලාට එකවගේ ආදරය කරනවා. හැමදෙනා අතරම සුරතලා පොදු මාතෘකාවක් වෙනවා. දරුවන් ලොකු වෙනකොට නිවසේ රැඳෙන්නේ නැහැ. නමුත් සුරතලාත් ඔබේ ජීවන රටාවට පුරුදු වෙනකොට මුළු පවුලටම ඔහුත් සමග ඉන්න වේලාවෙන් ටිකක් ඇවිදින්න යන්න එකතු කර ගන්න පුළුවන්. එවිට නිරායාසයෙන්ම පවුලේ එකතුවක් සිදුවෙනවා. වර්තමානයේ ජීව විද්‍යාත්මකවත් මේ බැඳීම් වල වටිනාකම් සනාථ කර තිබෙනවා.

සුරතලා නිසා පවුලේ බැඳීම්, මුණගැසීම්, කල් ගෙවීම් ඇති වෙනවා. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබට මේ සොඳුරු බැඳීමක අරුම ගෙන ආවේ ජීවිතය තවත් පුළුල් ලෙස දකින්නට ඔබේ සිතුවිලි අවදි කරමිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සුරතල් සතුන්
  • /
  • ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි
බෙදාගන්න :
  • ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

    ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

  • අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

    අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

  • ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

    ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

  • අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

    අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it