theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

4 අවම කියවීම
මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයිමීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

මෑත කාලයේ බොහෝ මව්වරු මේ සත්කාරයෙන් උසස්‌ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. දරුවෙක් සුවෙන් සතුටින් ඉන්නවා තරම් සතුටක් අම්මලට කොහෙන්ද?

මීපැණි වල ගුණ මෙතෙකැයි කියන්නට බැහැ, විශේෂයෙන් බබාලට හැදෙන සෙම කැස්ස (phlegmy cough) සඳහා. 

දරුවන්ට සෙමත් එක්ක එන කල් පවතින කැස්ස (සෙම කැස්ස/ phlegmy cough) අම්මලට අහගෙන ඉන්න අමාරුයි. එතකොට අම්මලාගේ පපුවත් රිදෙන්න ගන්නවා. ඒ වෙනුවෙන් මේ ස්වාභවික සත්කාරය කරලා බලන්න. දරුවට ඉක්මන් සුවයක් ලැබෙවි.

ෆාමසි වල නොයෙක් වර්ගයේ සිරප් වර්ග සෙම කැස්ස ට තිබුනට දරුවන්ට බොහෝ බෙහෙත් වර්ග හැකිතරම් නොදී ස්වාභවිකව සුවයක් ලබා දෙන්න පුළුවන් නම් දිගු කාලිනව එක හරිම වැදගත් වෙනවා.

එක නිසාමයි කාලාන්තරයක් තිස්සේ විවිධ සත්කාරයන් සඳහා යොදා ගන්නා මී පැණි* වලින් හදාගන්න පුළුවන් මීපැණි වල ගුණ පෙන්වන බෙහෙතක් ගැන අපි ඔබට කියන්නේ.

මෑත කාලයේ බොහෝ මව්වරු මේ සත්කාරයෙන් උසස්‌ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. දරුවෙක් සුවෙන් සතුටින් ඉන්නවා තරම් සතුටක් අම්මලට කොහෙන්ද?

*වයසෙන් අවුරුදු 1ට අඩු බබාලට මී පැණි අහාරයට දීමෙන්  botulism නැමති භයානක රෝගය ඇති විය හැක. මෙම ප්‍රතිකාරය කරද්දී, මෙය  මතක තබාගන්න. 

මී පැණි සත්කාරයේ ඇතුල් පැත්ත: සෙම කැස්ස

එදා පටන් අද දක්වාම මී පැණි වල ඇති සුවකිරීමේ ආශ්චර්යමත් හැකියාව අප්‍රමාණයි. විශේෂයෙන් කැස්සට. මේ සත්කාරයේ මි පැණි කැපී පෙනෙන්නෙත් ඒ නිසාමයි. මේක අම්මලට ගෙදරදී ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් බෙහෙතක්.

එක රැයකින් මේ කරදරකාරී ඔබේ හිත රිදවන කැස්ස නවත්තන්න පුළුවන්. දරුවන්ට මෙය ඉතා හොඳ සුවයක් ලබා දෙන අතරම එහි ඇති උණුසුම් කිරීමේ ගුණාංගය හා සෙමට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව මේ ඉක්මන් සුවයට හේතු වෙනවා.

සෙම කැස්ස

මී පැණි වල ගුණ පෙන්වන මේ සෙම කැස්ස සත්කාරය හදාගන්න විදිහ

අවශ්‍ය දේවල්: මී පැණි, පිටි, එළවලු තෙල්, ගොස් කැබැල්ලක්, ප්ලාස්ටර් පටියක් සහ නැප්කින් එකක් හෝ රෙදි කඩක්.

පළමු පියවර: පිටි ටිකකට මී පැණි ටිකක් දමා ඔබේ අතේ නොඇලෙන ප්‍රමාණයට මිශ්‍ර කරන්න.

දෙවන පියවර: එළවලු තෙල් ස්වල්පයක් ඊට මිශ්‍ර කර නැවත එය හොඳට කලවම් කරන්න.

තුන්වන පියවර: මිශ්‍රණය නැප්කින් එක මතට දමා එය ගොස් කැබැල්ලෙන් ඔතන්න.

හතරවන පියවර: ගොස් (gauze) කැබැල්ලෙන් ඔතන ලද මිශ්‍රණය පපුවේ හෝ පිටුපසට ප්ලාස්ටර් වලින් අලවන්න. ඉන් පසු සැහැල්ලු රාත්‍රී ඇඳුමක් අන්දන්න.

මෙහි වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට දරුවාගේ පපු ප්‍රදේශයට උඩින් රාත්‍රී නින්දට පෙර ඇලවීම ඉතාම සුදුසුයි. පැය දෙකකින් හෝ තුනකින් එය ගලවා ඉවත් කරන්න පුළුවන්.

වැඩිහිටියෙකුට නම් එය මුළු රාත්‍රිය පුරාම තබා ගත්තට වරදක් නැහැ. මෙම ප්‍රතිකර්මය මස 6 න් ඉහළ දරුවන්ට යොදාගෙන ඉතා හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. නමුත් ඔබේ පුංචි පැටියට සත්කාරයක් කරද්දී නිතරම වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් කරන්න මතක තබා ගන්න.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

සිංගප්පුරුවේ රෝචල් ලිම් කියන අම්මා මේ සත්කාරය යොදා ගත් ආකාරය ගැන ඇය එහි ප්‍රතිඵල අත්විඳපු හැටි, ඇගේ ෆේස් බුක් ගිණුමේ මිතුරන් අතර බෙදාගෙන තිබුනා. එළවලු තෙල් වෙනුවට ඇය නොඉඳුල් පොල් තෙල් (වර්ජින් කොකනට් ඔයිල්/ virgin coconut oil) යොදාගෙන තිබුණා.

ඒ වගේම පැණි හා පිටි මිශ්‍රණයට ඉඟුරු ඉස්ම ටිකක් එක්කරලා. ඇය ඇගේ ගිණුමේ මෙහෙම කියල තිබුණා: "සාමාන්‍යයෙන් රෑට කැස්ස පටන්  ගත්තම අහන් ඉන්න බැරි විදිහට එක දිගටම කහිනවා. එත් ඊයේ රෑ සත්කාරයෙන් පස්සේ පැය හතරකින් විතර ඔහුගේ කැස්ස මට අහුනෙම නැහැ. ඔහුගේ නහය අවහිර වෙලත් නැහැ. සෙම නිසා ඇහෙන ශබ්දයත් නැහැ. මේ නිසාම අපි ඒ බව තහවුරු කරගන්න නැවතත් ඇය සම්බන්ද කරගත්තා."

ඇය කිව්වේ ඉඟුරු ඉස්ම ටිකක් දැම්මහම එහි ක්‍රියාකාරිත්වය තවත් වැඩි වුණා කියලයි. ඉඟුරු කාලයක් පුරා කැස්ස , උගුරේ අමාරු වලට ඉතා ගුණදායක බෙහෙතක්.

මී පැණි වල ගුණ ගැන වෛද්‍යවරුන් කියන්නේ මොනවද කියලත් අපි හොයල බැලුවා.

සිංගපූරුවේ කින්ඩර් සයනයේ ළමා රෝග වෛද්‍ය විශේෂඥ ප්‍රදීප් රාවුට් කියා සිටියේ මෙහි සාර්ථකත්වය පිලිබඳ වාර්තා නොවුනත් සායනික පරීක්ෂණ මගින් ද අවුරුද්දට වැඩි දරුවන්ගේ  සිට මී පැණි මගින් කැස්සට සහනයක් ලබා ගැනීමේ ගුණ ඇති බව සොයාගෙන ඇති බවයි.

ඔහු තව දුරටත් කිවුවේ මී පැණි කියන්නේ මිලෙන් අඩු ගුණයෙන් ඉතා ඉහල ආරක්‍ෂිත බෙහෙතක් කියලයි. එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණයන් නිසා සුවකිරීමේ හැකියාව ඉහළ බව ඔහු පවසනවා.

මේ සත්කාරය අභ්‍යන්තර වශයෙන් භාවිතයට නොගත යුතු බව අපි ඔබට මතක් කරන අතරම වයස අවුරුදු 1 ට අඩු දරුවන්ට මී පැණි කෑමට දීම ද අනුමත කරන්නේ නැහැ.

ඔබත් ඔබේ දරුවට මේ ස්වාභාවික ප්‍රතිකාරය හරියනව ද කියල බලන්න. අභ්‍යන්තරයෙන් සුවය ලබන්න බාහිර ආලේපන ගලවන්න අද නෙමෙයි එදා ඉඳන් අපේ අම්මලා පුරුදු වෙලා තිබුණේ ඉන් අපේ දරුවන්ට වන හානි අවම කරගන්නයි.

ඉතින් theAsianparent Sri Lanka අපිත් නිතරම උත්සහ කරන්නේ ඔබව සුදුසුම ලෙසින් දැනුවත් කරන්නයි.`

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි
බෙදාගන්න :
  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • The honey wrap: Is it an effective treatment for phlegmy coughs in kids?

    The honey wrap: Is it an effective treatment for phlegmy coughs in kids?

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • The honey wrap: Is it an effective treatment for phlegmy coughs in kids?

    The honey wrap: Is it an effective treatment for phlegmy coughs in kids?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it