theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

2 අවම කියවීම
තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්

ඔබ හදන කෑම එක දරුවට කවන එක ලේසි පහසු දෙයක් නොවෙයි. ඒත් මේ තොරතුරු වලින් පසු එය එතරම් අපහසු වෙන එකක් නැහැ.

දරුවන් කොහොමත් කෑම කන්න හොරයි. අම්මලා කෑම කන්න හොර දරුවා වෙනුවෙන් නොගන්න උත්සාහයක් නැති තරම්. ඒ නිසාම මේ පීඩනයෙන් ඔබව තරමක් හෝ මුදවන්න අම්මලා තාත්තාලා කෑම කන්න හොර දරුවා වෙනුවෙන් කරන දේවල් ගැන අපි අහලා බැලුවා.

බබාගේ කෑම

1. නිර්මාණශීලිව කෑම දෙන්න

චරිත ඔහුගේ අදහස් දක්වමින් කෑම කවන හැන්ද එක් එක් දවසට වෙනස් කිරීමෙන් වගේම කෑම වල ඝනත්වය හා අතට දැනෙන ආකාරයේ වෙනස්කම් වලිනුත් විවිධත්වයක් ඇති කරන්න පුළුවන් බව කිව්වා. දරුවන්ගේ ඇස පිනවීම නිසාම ඔවුන් ඊට කැමැත්තක් දක්වනවා. රසවත් ලෙස කෑම පෙන්වීම නිසා දරුවන් කෑම කන්න අදිමදි කරන්නේ නැහැ.

2. උපායශීලි වෙන්න

හුඟක් දරුවන් කොළ ජාති කන්න අකමැතියි. ඒ නිසා කාංචනා නම් අම්මාගේ අදහසට අනුව ඇය කෑම වලට මේ කොළ පැහැති ගුණාධික කෑම මුසු කරනවලු. උදාහරණයක් ලෙස කට්ලට්, ෆ්‍රයිඩ් රයිස්, පැටිස් වගේම ගෙදර හදන සුප් එකටත් දරුවන්ට නොදැනෙන ලෙස පලා එකතු කිරීමෙන් පෝෂණයෙන් පිරි කෑම වේලක් දෙන්න පුළුවන්. ඒ නිසා ඍජුවම පලා කන ලෙස දරුවාට ඇවිටිලි කරනවට වඩා ඔවුන් කැමති දේවල් සමග පලා මුසු කිරීම හොඳ උපායක්.

දරුවන්ට

3. ඔවුන්වත් ක්‍රියා පිළිවෙතට යොමු කරන්න

ශාමිනී  කියන විදිහට අපි ගෙදරදීම අපේ භෝග වවාගන්නවා නම් ඊට දරුවනුත් එක කරගන්න පුළුවන්. ඔවුන් වගාකරන එළවළු කෑමට ගන්න ඔවුන් කැමති වෙනවා. නැතිනම් ගෙවත්තෙන් නෙලා ගත් කොළ ටිකක් මලවලා, නැතිනම් සම්බෝලයක් හදලා ඔන්න අද අපි හැදුවේ පුතා වවපු ගොටුකොළ වලින් සම්බෝලයක්. ඉතින් දරුවා නිරායාසයෙන්ම ඊට කැමති වෙනවා. පුංචි ආඩම්බරයකුත් හිතට එනවනේ.

4. සෙමෙන් නමුත් සවිමත් කරන්න

දීප්ති පවසන ආකාරයට දරුවන් ප්‍රතික්ෂේප කරන ආහාර කන්න ඔවුන්ට බල කරන්න එපා. සමහර විටෙක ඔබට ආහාර හදන පිළිවෙළ වෙනස් කරන්න පුළුවන්. නැතිනම් සමහර විටෙක දරුවන් සමහර ආහාර ජිවිත කාලය පුරාවටම පිළිකුල් කරන්නෙ බලහත්කාරයෙන් ඒ කෑම දරුවන්ට කවන්න උත්සාහ කරන නිසයි. ඒ නිසා දෙමාපියන්ගේ ඉවසීමත් දරුවන් කෑම වලට පුරුදු කිරීමේදී වැදගත් වෙනවා.

දරුවන්ගේ ආහාර

5. රස ගැන කතා නොකර ඉන්න

ෆාරා  කියන අම්මාගේ අදහසට අනුව කෑම රසට වඩා එහි වර්ණය ආදිය ගැන දරුවාගේ අවධානය යොමු කළයුතු යි. ඒ නිසා දරුවා නොදැනුවත්වම ඔහු අකමැති මාතෘකාවෙන් ඔහුව ඈත් වෙනවා. අනෙක් අතට දරුවට රසට වඩා පාට හිතේ නිදන්ගත වෙනවා. අනෙක් අතට එවැනි දරුවා කැමතිම ආහාරයන් සමග අකමැති ආහාරත් පිළිගැන්වීමට ඔබට උත්සාහ කර බලන්න පුළුවන්.

මේ උපදෙස් හා අදහස් ඔබත් ක්‍රියාත්මක කර බලන්න. වෙනදාට වඩා දරුවා ආහාර වලට උනන්දුවක් දක්වන බව ඔබට දැනේවි. theAsianparent Sri Lanka නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් හැමදාම කැපවෙන හේතුවත් ඒකමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • තෝරා බේරා ආහාර ගන්නා දරුවන් හැම කෑමකටම හුරු කරන්න ඉඟි 5 ක්
බෙදාගන්න :
  • කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

    කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

  • කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

    කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

  • කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

    කෑම කන්න හොර පොඩි පැටියා වෙනුවෙන් මේ දේවල් අනුගමනය කරලා බලන්න

  • කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

    කෑමට හොර මගේ බබාලව කෑමට හුරු කළේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it