theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

5 අවම කියවීම
බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලුබබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

ඔහු ඔබෙන් ඈත් වන්නේ ප්‍රසූතියෙන් පසු ඔබ ආකර්ෂණීය නොමැති නිසා යැයි ඔබට සිතේවි. නමුත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් විය හැකිය

උපදේශන සේවා ආයතනයක ලේඛකයෙකු ලෙස විවිධාකාර මාතෘකා ඔස්සේ අදහස් දක්වන බොහෝ දෙනා මට හමුවනවා. කෙසේ වෙතත් මින් මාතෘකා කිහිපයක්,. බොහෝ විට අනෙක් ඒවාට වඩා ඉස්මතු වන අතර ඇතැම් විට මෙම මාතෘකා පිළිබඳ පාඨකයන්ගේ අදහස් බොහෝමයක් එකිනෙකට බෙහෙවින් සමාන වනවා. එවැනි එක් මාතෘකාවක් වන්නේ දරුවන් බිහි කිරීමෙන් පසුව නැතහොත් ප්‍රසූතියෙන් පසු ලිංගික ගැටළු සම්බන්ධවයි.

ප්‍රසූතියෙන් පසු ලිංගික ගැටළු

තම ස්වාමිපුරුෂයින් තමන් කෙරෙහි ආකර්ෂණය නොවන බවට කාන්තාවන් කරන ප්‍රකාශයයි.

එබැවින් ඔව්හු තවදුරටත් ඔවුන්ට ආදරය නොකරන බවක් හැඟෙන බව එම කාන්තාවන් පවසයි .

මේ ආකාරයේ අදහස් දැක්වීම් බොහොමයක් පසුගිය වසර හෝ දෙක තුළ දරු ප්‍රසූතියක් සිදු කළ කාන්තාවන්ගෙන් අසන්නට ලැබුණි.

කාන්තාවකගේ අත්දැකීමක් අනුව ප්‍රසූතියෙන් පසු ලිංගික ගැටළු වලට උදාහරණයක්:

අපි එකට ඉන්න අරන් අවුරුදු 10ක් වෙනවා. විවාහ වෙලා වසර 7ක්. අපට අවුරුදු දෙකක් වෙන්න එන ලස්සන චූටි දුවක් ඉන්නවා.

අපි ලිංගිකව හැඉරුනේ සතියකට එක් වරක් පමණ.

එය මට අවශ්‍ය තරම් නොවූ නමුත් මට සෑහීමකට පත් වෙන්නට එය ප්‍රමාණවත් වුණා. මම ගැබ්ගත් විට ඔහුට සියළු දේ ගැන තිබූ උනන්දුව නැති වුණා.

මම එතරම් විශාල නොවූවත් ඔහු මා නිතරම ලස්සන බව නිතරම මට පැවසුවා.

නමුත්, මම ගැඹුරින් හදුනාගත්තේ එය ඇපෙන් බේරෙන්නට වගේ කී දෙයක් ලෙසයි. දරුවා ඉපදී සති 6 ක් ගතවන විට මා IUD එකක් කරගත්තා.

මම සති අන්තය එනතෙක් බලා සිටියේ පුදුමාකාර නොඉවසිල්ලකින්! කනගාටුවට කරුණ නම්, මම කලකිරීමට පත්වුණා - මේ වන විටත්,  තවමත් උහුගේ උනන්දුවක් තිබුනේ නැහැ.

බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු

මුල් බරට එන්නට මට තව  රාත්තල් 10 ක් අඩු කරගන්නට තුබුණු නිසා මම පෞද්ගලික පුහුණුකරුවෙකු කුලියට ගෙන වෙහෙස මහන්සි වී ඒ ඉලක්කය වෙත වැඩ කරන්නට පටන් ගත්තා.

මේ මොහොතේ මගේ වයස අවුරුදු 34 යි. මගේ ජීවිතයේ හොඳම හැඩය තිබුණු කාලයක්.

මිනිසුන් නිතරම හිස් හරවා නැවත වරක් මා දෙස බලන්නට පසුබට වුණේ නැහැ. කනගාටුවට කරුණක් නම් මගේ ස්වාමිපුරුෂයාට තවමත් උනන්දුවක් නැති බවයි.”  අනූෂා

දරුවෙකු ලැබීම ලෝකයේ වඩාත්ම ස්වාභාවික දෙයයි. නමුත් එය ජීවිතයේ සියල්ල වෙනස් කරයි.

එමෙන්ම එය විශේෂයෙන් සහකරුවන් යුවළකගේ ලිංගික ජීවිතයට හානියක් විය හැකියි.

මගේ ලිපි වලට අදහස් දැක්වීමේදී, අනූෂා මෙන්ම තවත් බොහෝ කාන්තාවන් නිගමනය කරන්නේ “දරුවා ලැබීමෙන් පසු වැඩි වූ බර නිසා තම ස්වාමිපුරුෂයා තමාට ආකර්ශනය නොවන” බවයි.

එක්කෝ ගර්භණීව සිටියදී වැඩිපුර බර වැඩි වීම හෝ දරුවාට ප්‍රසූත කිරීමෙන් පසුව බර වැඩි වීම නිසා. මෙය සත්‍යයක් විය හැකි නමුත්, සලකා බැලිය යුතු තවත් කරුණු කිහිපයක් ඇතැයි මම සිතනවා.

දරුවාට (සහ ඔබට) වේදනාවක් ඇතිවේයැයි ස්වාමිපුරුෂයා බියෙන් පසුවේ

අනූෂා පවසන්න ඈ ගැබ්ගත් පසු තම ස්වාමිපුරුෂයාට “සියලු උනන්දුව නැති වූ” බවත් එය "the 'ick' factor” සාධකය ලෙස හඳුන්වන බවත්ය.

ඇත්ත වශයෙන්ම, ඔහු සැබවින්ම ලිංගිකව හැසිරීමට බිය වන්නට ඇති. ගර්භනී සමයේ මුල් අවධියේදී පවා ලිංගික හැසිරීම නිසා දරුවාට හෝ ඔබට යම් හානියක් වේ යැයි පිරිමින් බිය වීම සාමාන්‍ය දෙයකි.

දුර ප්‍රමාණය තරමක් විනිශ්චය කිරීම සඳහා බොහෝ දෙනෙකු අපොහොසත් වුවත්, සමහර පිරිමින්ට දරුවාට රිදවීමට තරම් ළංවීමට ශාරීරිකව නොහැකි බව වටහා ගන්නෙ නැහැ.

දරු ප්‍රසූතිය දැකීම ඇතැම් පිරිමින්ට මානසිකව බලාපාන්නකි

දරුවා ඉපදී සති 6 කට පසුව ඇය නැවත ලිංගිකව හැසිරීමට සුදානම් වූ නමුත් ඇගේ සැමියා ඒ ගැන උනන්දු නොවූ බව අනූෂා සඳහන් කරයි. සලකා බැලිය යුතු තවත් වැදගත් දෙයක් නම් ඔහු අනූෂා දරුවා ප්‍රසූත කරන ආකාරය බලා සිටීමයි.

ඔව්, එය ආශ්චර්යමත් හා ලස්සනයි. නියත වශයෙන්ම - නමුත් එයද ටිකක් අභියෝගාත්මක අවස්ථාවක්. බොහෝ පිරිමින්ට උපත පිළිබඳ  ඩ්‍රෝම් එකක සිට බලන්නා සේ දෘෂ්ටියක් ලැබේ.

පිරිමි වඳභාවය

මේ අතර, දරු ප්‍රසූතියේදී ඔවුන්ගේ සහකරුගේ ශරීරයේ සිදුවන විස්මිත වෙනස්කම් සමීපව බැලීම දුෂ්කර වනවා. මෙය දැකබලාගැනීම ඔවුන්ට අපහසු විය හැකි අතර පිරිමින්ට එම රූප ඔවුන්ගේ මනසින් ඉවත් කර ගැනීම පවා දුෂ්කර විය හැකියි.

විශේෂයෙන් ඔබ නැවත ලිංගිකව හැසිරීමට සූදානම් වන විට එය වඩාත් අභියෝගාත්මක වනවා. ඒ නිසා ඔබේ ස්වාමිපුරුෂයා දරුවා ලැබුනු පසුව ඔබව ආකර්ශනීය කර ගන්නට පසුබට වනවා. නමුත් ඔබගේ දරු ප්‍රසූතිය ගැන ඔහුට තවමත් අමතක වී නැත.

එය ඔබගේ ආකර්ෂණීය නොවන බව නොවේ; ඔහුට වරදකාරී හැඟීමක් ඇති වන බැවිනි

දරු ප්‍රසූතිය නැරඹීම අතරතුරදී තම භාර්යාවන්ගේ ප්‍රසූත වේදනාව සහ දරු ප්‍රසූතිය ඉදිරියට යන විට පිරිමින්ට හැඟෙන ආකාරය මිශ්‍ර හැඟීම් සමුදායකින් සමන්විත වේ.

දරු ප්‍රසූතියේදී තම භාර්යාවට වේදනාවක් දැනෙන විට හෝ තමන් නිසා ගැබ් ගත් ඇයට උපකාරයක් කළ නොහැකි වීමෙන් ඔවුන්ට වරදකරුවෙකු වූවා සේ හැඟීමක් ඇතිවේ.

මන්ද, බොහෝ පුරුෂයින්ට මේ අවස්ථාවේ යමක් කිරීමට හැකියාවක් නැත.ලිංගික හැසිරීම තුළින් අප ගැබ් ගන්නා බැවින්, සමහර පිරිමින් නැවත ලිංගිකව හැසිරීමට එතරම් ඉක්මනින් සූදානම් නොවිය හැකි බව තේරුම් ගත හැකිය.

එහෙත්, තවත් සමහර සහකරුවන් තම සහකාරියට හැඟෙන්නේ කෙසේද සහ ඇයි කියා පවසනවාට වඩා, සමහර පිරිමින් එය වළක්වා ඔවුන්ගේ හවුල්කරුවන් අතේ දුරින් තබාගනු ඇත.

ඔවුන් ඒ ගැන ආතතියෙන් හා කනස්සල්ලෙන් පසුවන බව ඔවුන්ම වටහා නොගනී.

එවිට ඔවුන්ගේ සහකාරියන්, “මගේ ගැබ් ගැනීමෙන් පසු මගේ ස්වාමිපුරුෂයා මා වෙත ආකර්ෂණය නොවන්නේ ඇයි?” කියා අසති.

බොහෝ පිරිමින්ට මෙය හැඟෙන්නේ කෙසේදැයි නොදැන සිටිය හැකි අතර, මේ ගැන පැවසීම ගැන ඔවුන්ට වරදකාරි හැඟීමක් ඇති විය හැකිය.

මම රවීගෙන් ඇසුවේ මේ ගැන පුරුෂයෙකුගේ ප්‍රතිචාරයකුමක් වේවිද යන්නයි. ඔහු පැවසූ දේ මෙන්න: "ගැටලුව වන්නේ ඔහු ලිංගික හැසිරීම කෙරෙහි දක්වන උනන්දුව ගැන මිස ඔහු තම සහකාරියට ආදරය කරනවාද නැද්ද යන්න ගැන නොවන බව මතක තබා ගන්න.

ඒවා වෙනස් කාරණා දෙකක් වේ. ස්වාමිපුරුෂයන් වෙනත් හේතූන් කෙරෙහි උනන්දුවක් නොදක්වයි.

ගර්භණී සමයේදී ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීම සමඟ කටයුතු කිරීමට පිරිමින්ට ක්‍රම සොයා ගැනීම අසාමාන්‍ය දෙයක් නොවන අතර පසුව ඔහුගේ උනන්දුව අඩු වීමටද මෙය හේතු වේ.

ප්‍රසූතියෙන් පසු ලිංගික ගැටළු ගැන නිගමනවලට ඒමට පෙර, මේ දේවල් උත්සාහ කරන්න:

  • දරුවා ලැබීමට පෙර හා පසු ඔබේ ලිංගික ජීවිතය සංසන්දනය කරන්න එපා; දරුවෙකු ලැබීමෙන් පසු ලිංගිකව හැසිරීම පිරිමින්ට වෙනස් විය හැකිය. නමුත් වෙනස් දෙයට නරක යැයි හෝ සාමාන්‍ය හෝ අසාමාන්‍යද යන්න හෝ අදහස් කළ යුතු නැත.
  • ඔහුගෙන් විමසන්න: ගැබ් ගැනීමක් පුරුෂයෙකුට බලපාන්නේ කෙසේද යන්න ගැන ඔබේ ස්වාමිපුරුෂයා සිතන්නේ කුමක්දැයි විමසන්න. අළුත් බබාගේ පැමිණීම, ඔහු ඔබ කෙරෙහි ඇති ආකර්ෂණයට හෝ ලිංගිකහැසිරීම කෙරෙහි උනන්දුවට බලපෑමක් අතිකර තිබෙනාවාද යන්න ගැන ඔහුගෙන් විමසීමට බිය නොවන්න.
  • ඔබ දැන් ගැබ්ගෙන ඇත්නම්, ඊළඟ වතාවේ ඔබ දෙදෙනාම වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යන විට ඔබේ වෛද්‍යවරයාගෙන් ලිංගික කාරණා හා ලිංඟික හැසිරීම ගැන විමසන්න. එවිට ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබට කරුණු පැහැදිළි කරනු ඇත.

මගේ ස්වාමිපුරුෂයා දරුවා ලැබීමෙන් පසුව මා වෙත ආකර්ශනය නොවනවා යන හැඟීම දුෂ්කර විය හැකි නමුත් ඔබ දෙදෙනාම ඔබේ නව ජීවිතයට හැඩගැසෙන විට ටිකක් ඉවසිලිවන්ත වන්න.

එය සාමාන්‍යයෙන් එලෙසම නොපවතින අතර ඔබ ඔහුට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව හා එය සාමාන්‍ය අතට හැරීමට කොපමණ කාලයක් ගතවේද යන්න විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය.

මූලාශ්‍ර:guystuffcounseling.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • බබා ලැබුනාට පස්සේ මගේ සැමියාට මා ආකර්ෂණීය නැතිලු
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

    දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

  • දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

    දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it