theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

4 අවම කියවීම
පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

විශාදය සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් ඔබට පමණක් නොව ඔබේ දරුවනටත්, පවුලේ අයටත් සෙතක් අත්වන බැවින් දිගුකල් පවතින ගැටළුසහගත හැඟීම් වේ නම් වහාම වෛද්‍ය සහය ලබාගැනීමට යොමු වන්න.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි. Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි.  Dr. Dinu අද අපව දැනුවත් කරන්නේ මව්වරුන් සුලභ ලෙස මුහුණ පාන මුත් විවෘතව කතා කිරීමට පැකිලෙන පසු ප්‍රසව විශාදය හා සම්බන්ධ වැදගත් වන කරුණු සමුදායක් ගැනයි.

පසු ප්‍රසව විශාදය: Postnatal Depression

1. වෛද්‍යතුමියනි, මොකද්ද මේ ගර්භනී භාවය ආශ්‍රිත විශාදය (Postnatal Depression) කියන්නේ?  

දරුවෙක් ලැබුණු මවකට, දරුවා ලැබුණු විගස හෝ දරුවා ලැබීමට ආසන්නයේදී මානසිකව ඇතිවන පීඩාකාරී තත්වයක් තමයි පසු ප්‍රසව විශාදය කියන්නේ.

ප්‍රසූතියෙන් පසු ශරීරයේ ඇතිවන හෝර්මෝන වල වෙනස්වීම්, දරුවා රැකබලා ගැනීමේ අපහසුතා, නිදි මැරීම, මවගේ පසු-ප්‍රසව තුවාල නිසා ඇතිවන වේදනාවන්, දරුවාට කිරි මදි වීමේ ගැටළු සහ ජීවිතයට එක්වරම වගකීම රාශියක් ඇතිවීම ආදිය නිසා ඇතිවන පීඩනය නිසයි මෙම තත්ත්වය ඇතිවන්නේ.

මෙම තත්වය හඳුනාගෙන ඒ සඳහා නිසි පිළිවෙත් හෝ ප්‍රතිකාර ගැනීමෙන් බොහෝ අපහසුතා සහ අසහනකාරී තත්වයන් මගහරවා ගන්නට පුළුවන්.

2. සෑම මවකටම, ප්‍රසුතියෙන් පසු මෙයට මුහුණ දෙන්නට සිදු වේවිද?

ප්‍රසූතියෙන් පසු සෑම මවකටම යම් මට්ටමකට බියක්, මහන්සියක්, උද්වෙගකාරී බවක්, ආවේගශීලී බවක් ඇතිවෙන්නට පුළුවන්.

මේ චිත්ත තත්වය මවටත් දරුවාටත් හානිකර නොවන මට්ටමක නම් තිබේ නම් එය සාමන්‍යයි. මේ තත්වය අපි "Baby Blues" කියා හඳුන්වනවා. මෙය ඉක්මනින් මගහැරී යනවා. නමුත් නිසි ප්‍රතිකාර නොලැබූ විශාදය මාස ගනනක් හෝ අවුරුදු ගණනක් තිබෙන්න පුළුවන්.

3. පසු ප්‍රසව විශාදයේ මූලික ලක්ෂණ මොනවාද?

  • දරුවා ප්‍රවේසමින් බලාගැනීමට නොහැකිවේයැයි ඇතිවන බිය
  • දරුවා සිප ගැනීමට සහ තමන් ලඟින් තබා ගැනීමට අකමැති වීම
  • අහේතුකව ඇතිවන ශෝකී අදහස්, තමන් තනි වී ඇති බව සිතීම
  • නිතරම අහේතුකව තරහ යාම සහ හැඬීම
  • කෑම අරුචිය
  • නින්ද නොයාම
  • අන් අය සමග සුහදව කතා කිරීමට ඇති මැලි බව

4. අලුත් මවක් ඉහත ලක්ෂණ අත්දකින්නේ නම් කළ යුත්තේ කුමක්ද?

මවක් වෙන්නට සිටින සෑම කාන්තාවක්ම මෙම තත්වය ගැන දැනුවත් වී සිටීම ඉතාම වැදගත්. දරුවා ලැබුණු පසු මෙවැනි සිතුවිලි පහල වෙනවා නම් ඒ පිළිබඳව තමන්ට සමීප කෙනෙකුට පැවසීම ඉතාම වැදගත්.

දරුවා ලැබුණු පසු දරුවා තමන්ට නිතරම පෙනෙන තැනක තබාගන්න. ආදරයෙන් දරු නැලවිලි ගී කියන්න. දරුවාගේ වැඩ කටයුතු වලට මුල සිටම සක්‍රිය ලෙස සහභාගී වෙන්න. තමන්ට උදවු අවශ්‍ය වූ විට ඒ බව ලඟින් සිටින කෙනෙකුට පවසන්න.

මව්කිරි දීම පිළිබඳ ගැටළු ඇත්නම් ඒ ගැන වෛද්‍යවරයෙකුගේ හෝ පවුල් සෞක්‍ය සේවිකාවකගේ  අවවාද ලබාගන්න. සෑම විටම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න. මෙවැනි පීඩනයක් ඇති වූ විට ඒ ගැන තමන් හඳුනාගෙන මුල සිටම ක්‍රියා කිරීම, මවටත් දරුවාටත් දෙදෙනාටම සුභදායි වනු ඇත.

තමාට මෙම පීඩනය දරාගැනීමට අපහසු නම් වෛද්‍ය අවවාද ලබාගැනීමට කිසිවිටක මැලි විය යුතු නැහැ.

5 පවුලේ සාමාජිකයින් හට පසු-ප්‍රසව විශාදයට ලක් වූ මවකට උදව් කළ හැක්කේ කෙසේද?

පවුලේ සාමාජිකයන් අලුත් මවකගේ මෙවැනි හැසිරීමක් දුටු විට ඇයට සමීපව කටයුතු කිරීම වැදගත්. ස්වාමියාට ඇයගේ උත්සාහයන් වර්ණනා කිරීම, දරුවාගේ වැඩ කටයුතු වලට අත දීමෙන් ආදිය මෙවන් මවකට උපකාර කරන්නට පුළුවන්.

මෙවැනි හැසිරීමක් ඇති මවක් තනි නොකර සිටීමත් ඇය සමග සමීපව කතාකිරීමත් ඉතාම වැදගත්. යම් හෙයකින් මෙවැනි මවකගේ හැසිරීම අසාමාන්‍ය අතට හැරෙනවා කියා දැනෙනවා නම් නොපැකිලී වෛද්‍ය උපදෙස් නිසි කලට ලබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යයි.

6. වෛද්‍යවරුන් විසින් මවක් පසු-ප්‍රසව විශාදයෙන් පෙලේදැයි නිගමනය කරන්නේ කෙසේද? 

වෛද්‍යවරයෙකු හමු වූ විට ඔහු/ඇය මව සමග කතා කර මවට ඇතිවන සිතුවිලි පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුව තමයි නිගමනයකට එළඹෙන්නේ.

7. පසු-ප්‍රසව විශාදයට ප්‍රතිකාර තිබේද? ඒ මොනවාද?

උපදේශනය මෙන්ම ඖෂධීය ප්‍රතිකාර ක්‍රමත් තිබෙනවා. වෛද්‍යවරයා ප්‍රතිකර්මය නිර්ණය කරන්නේ රෝගී තත්වය මතයි.

8. පසු-ප්‍රසව විශාදය නිවැරදිව තේරුම් නොගෙන, අවශ්‍ය ප්‍රතිකාර මගහැරුණහොත් විය හැක්කේ කුමක්ද?

දීර්ග කාලීනව විශාදයෙන් පෙලීමෙන් මවගේ මානසික තත්වය ඉතාමත් පහත වැටෙන්න පුළුවන්. ඊට අමතරව මේ තත්වය දරුවාටත් හානි දායක වෙන්න පුළුවන්.

විශාදයෙන් පෙලෙන මවක් සිතාමතා දරුවාට හානි පමුණුවන්නේ නැහැ. එය පවුලේ අන් සාමාජිකයින් හොඳින් තේරුම් ගත යුතුයි. නිසි කලට නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් විශාදය සුව කල හැකියි.

9. වෛද්‍යතුමියනි, අලුත් මවුවරුනට දිය යුතු විශේෂ පණිවුඩයක් තිබෙනවාද?

ප්‍රතිකාර ක්‍රම තිබියදී කිසිම මවක් මෙවැනි උග්‍ර මානසික පීඩනයකින් ජීවත් වීම අවශ්‍ය නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

තමාට මෙවැනි සිතුවිලි පහළ වෙනවා නම් එය කිසිවිටකත් සඟවන්න එපා. තමාට සමීප කෙනෙකුට මේ බව පවසන්න.

 

දරුවාගේ වැඩ කටයුතු වලදී උදවු අවශ්‍ය වූ විට ඒ බව අන් අයට පවසන්න. දරුවා ලැබුණු පසුවත් දිනකට පැයක් වත් තමන්ගේ කටයුතු සඳහා වෙන් කර ගන්න.

තමන්ගේ ආගම් ආශ්‍රිත වතාවත් කරන්න. දරුවාගේ බර, කිරි බීම, ගුඩුස් නොයාම, දරුවා අහේතුකව හැඬීම යන කාරණා සියල්ල ගැනම ගැටළු ඇති නම් ඒ පිළිබඳව පළපුරුදු වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අන් අයගේ සැසඳීම් සහ විවේචනයන් සිතට නොගන්න. විශාදය සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තමන්ට පමණක් නොව තමාගේ දරුවාටත් සෙතක් අත්වන බව මතක තබා ගන්න.

පසු ප්‍රසව විශාදය නැතහොත් පස්චාත්-ප්‍රසව විශාදය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මානසික ගැටළු
  • /
  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?
බෙදාගන්න :
  • දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

    දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

  • දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

    දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

  • දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

    දස මසැති නිවුන් දරුවන් ඝාතනයට මව සැක කෙරේ; පශ්චාත් ප්‍රසව විශාදය ගැන ඔබ දන්නවාද?

  • දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

    දරු ප්‍රසූතියෙන් පසු සුවය ලබන්න වසරක්වත් යනවා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it