theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

3 අවම කියවීම
ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තාප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

අධික ලෙස ප්‍රසුතියෙන් පසුව ලේ වහනය වීම නොනැවතීම නිසා මේ අම්මට ජීවිතය නැති වුණා. ඇයට ඇගේ දරු පැටියව දෙඅතට ගන්නවත් අවස්ථාවක් ලැබුනේ නැහැ.

අධික ලෙස ප්‍රසුතියෙන් පසුව ලේ වහනය වීම නොනැවතීම නිසා මේ අම්මට ජීවිතය නැති වුණා. ඇයට ඇගේ දරු පැටියව දෙඅතට ගන්නවත් අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඒත් මෙහෙම වෙන්න හේතුව මොකද්ද?

මැලේසියාවේ පීනැග් වල පිහිටි සෙබෙරැන්ග් ජයා නමැති රෝහලේ දී ආසිආන් නම් අම්මට මේ ඉතාම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්න සිදුවුණා. ඇය සුරතල් පුංචි දියණියක් ලෝකයට බිහිකලත් ඇගේ මුහුණ බලන්න ඇයට හැකියාව ලැබුනේ නැහැ. මේ නිසා ඇගේ පවුලේ අය විශාල කම්පනයකට පත් වුණා.

ඇය මිය ගියේ අධික රුධිරය වහනය වීම නිසා බව සනාථ වුණා. දරුවන් ඉන්න අම්මලා විදිහට කාන්තාවක් දරුවෙකු ලෝකයට බිහිකරන්න කොයිතරම් කැප කිරීමක් කරනවද කියලා මේ කතාව තවත් තහවුරු කරනවා. මේ පවුලේ අය විශේෂයෙන් ඇගේ සැමියා හා දරුවන් මෙය කොහොම දරාගන්න ඇත්ද කියලා මම හිතනවා වගේම ඔවුන්ට ජීවිතය අලුතින් පටන් ගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

ප්‍රසූත පසු කාලයේ ඇතිවන අධික ලේ වහනය කුමක්දැයි ඔබ දන්නවද?

වෛද්‍ය මොහොමද් රසාක් ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙකු වන අතර ඔහුට අනුව මෙම අධික ලෙස ලේ වහනය වීම ප්‍රසුතියට පෙර , පසු හෝ ප්‍රසුතිය අතරතුරදී සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් රුධිර වහනය ප්‍රසූතියෙන් පසු සිදුවීම සාමාන්‍ය තත්වයක්. විශාල ගැඹුරු කැපුම් මීට මූලිකවම හේතුවෙනවා. අනෙක් කරුණ වැදෑමහ ඉවත් කිරීමත් තවත් හේතුවක්. මේ අවස්ථා දෙකේදීම ප්‍රසූත පසු රුධිර වහනයක් සිදුවන්නට පුළුවන්.

  1. මූලික පසු ප්‍රසූත රුධිර වහනය - ප්‍රසූතියෙන් පසු පළමු පැය 24 තුළදී සිදුවිය හැකියි. (විශේෂයෙන් ඔබ රෝහල තුළ සිටින අතර තුර)
  2. පසු ප්‍රසූත රුධිර වහනය ප්‍රසුතියෙන් පළමු පැය 24 න් පසු සති 6ක පමණ කලක් ඇතිවන රුධිර වහනය (ඔබ යළි නිවසට පැමිණිය පසු)

සාමාන්‍ය ප්‍රසූතියක රුධිර මිලි ලීටර් 500ක් පමණත් සිසේරියන් සැත්කමකදී ලීටරයක පමණ රුධිර ප්‍රමාණයකුත් වහනය වෙනවා.

මේ භයානක අද්දැකීම ඇති වන්නේ ඇයි?

ගර්භණි මවකට ලැබිය යුතු සුවිශේෂී අවධානය නිසි ලෙස නිසි කාලය තුළ නොලැබීම නිසා මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි. මෙය දරු උපතින් පසුවත් බලපෑ හැකි තත්වයක්. මේ එලෙස භයානක හා පීඩාකාරී අත්දැකීමකට මුහුණ දීමට හේතුවන කාරණා.

  • වැදෑමහ සහ පෙකණි වල නිසි ලෙස ඉවත් නොවීම හා කැබලි ගර්භාෂය තුළ ඉතිරි වීම.
  • ලිංගේන්ද්‍රිය හෝ පිවිසුම් මාර්ගය අවට තුවාල වීම.
  • අවුරුදු 40 වැඩි මව්වරුන්.
  • දරු උපතට පෙර වැදෑමහ පහළින් පිහිටා තිබීම.
  • සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුවීම.
  • දරු උපතේදී සිදුවන අක්‍රමිකතා.
  • අඬු මගින් හා පීඩනය දී දරු උපත සිදුවන විට.
  • 4kg වැඩි දරු උපතකදී.
  • පෙර සිටම රුධිර වහනයක් පැවතීම.
  • රක්තහීනතාවය.
  • පස් වතාවකට වඩා ළදරු උපතකට බඳුන් වූ විට.

මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙන්න.

මේ තත්වය ජීවිත අවධානමක් ඇති සැලකිය යුතු තත්වයක්. 2005 වසරේ කරන ලද සමීක්ෂණ වලට අනුව 14% ක් මරණ වලට මෙම තත්වය හේතුවී ඇති බව සඳහන් වෙනවා. බොහෝ අය මෙම තත්වයට මුහුණ දෙනවද?

නමුත් එහි රෝග ලක්ෂණ ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් විශේෂයෙන් ප්‍රසුතියෙන් පැය 24 ඇතුළතදී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • රුධිර පීඩනයේ වෙනසක්.
  • නාඩි වැටීමේ වෙනසක්.
  • ක්ලාන්ත ගතිය හා කරකැවිල්ල.
  • ඇඟ ගැහීම හා දහදිය දැමීම.
  • අධික ලෙස රුධිරය වහනය.
  • කැබලි සහිතව රුධිර වහනය වීම.
  • සනීපාරක්ෂක තුවා නිතර මාරු කිරීම.
  • අමුතු දුගඳක් රුධිරයෙන් පිටවීම.
  • අධික මහන්සිය.

වෛද්‍ය උපදෙස්

වෛද්‍යවරුන් මේ තත්වයට උපදෙස් ලබා දෙන්නේ කෙසේද? මෙම තත්වය දැනගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. එහිදී ඔබට සින්ටොසිනොන් අඩංගු එන්නතක් ඔබට ලබාදෙනවා. ඉන් රුධිරය පිටවීම අඩුකරනවා.

ඒ වගේම ලිංගේන්ද්‍ර විවරය වෛද්‍යවරයා විසින් සම්බාහනය කර විවරය ඉක්මනින් පුළුල් වීමට අවශ්‍ය තෙරපීම් ලබාදෙනවා වගේම මෙවැනි තත්වයකදී පරීක්ෂණ සිදු කිරීමට නිර්දේශ වෙනවා. පවුලේ ඉන්න අය තුළ මෙවැනි තත්වයන් ඇත්නම් සියලු පහසුකම් සහිත රෝහලකට දරු උපත සඳහා ඇතුල්වීමට මවට උපදෙස් ලැබෙනවා.

ඒ වගේම ඔබට එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. යකඩ බහුල පීකුදු, කොළ පැහැති එළවළු, නිවිති වැනි ආහාර ගැනීම වැදගත්.

මවක් වන්නට පෙරුම් පුරන ඔබට ඇතිවිය හැකි අවධානම් ගැන අවබෝධයක් ලබාදෙන්න. theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා
බෙදාගන්න :
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

    පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

    පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it