theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසූතියෙන් පස්සේ මගේ මතක ශක්තියට මක් වෙලාද?

5 අවම කියවීම
ප්‍රසූතියෙන් පස්සේ මගේ මතක ශක්තියට මක් වෙලාද?ප්‍රසූතියෙන් පස්සේ මගේ මතක ශක්තියට මක් වෙලාද?

නිවැරදි මානසිකත්වය සහ හික්මවීම ප්‍රගුණ කිරීමෙන් අමතක වීම වරප්රසාදයකට හරවාගන්නට නව මවකට හැකි වනවා.

​ප්‍රසූතියෙන් පස්සෙ මතක ශක්තිය අඩු වෙලාද?

මට තේරෙන්නේ නෑ මගේ මතක ශක්තිට මොනවා වෙලාද කියලා. ඒ කාලේ නම් මම රකියා ස්ථානයේ රැස්වීම්වලට ආදිය ගියේ පොතක් පෑනක් වත් නැතිව. සියළු විස්තර ඡේදයක් ඡේදයක් ගානේ මතකයේ රැඳී තිබුනා. ඒ තරම් හොඳ මතක ශක්තියක් මට තිබුනත් දැන් නම් ඒ කාලේ හීනයක්. දැන් ඒකෙ අනෙක් පැත්ත මේ කරන දේ මේ මතක නෑ.

ඒ කාලේ බඩු ගන්න කඩේට යනකොට මොනවත් ලියා ගන්නවත් ලැයිස්තු හදන්නවත් අවශ්‍යවුනේ නැහැ. ඒ තරම් හොඳ මතක ශක්තියක් මට තිබුණ. හැම දේම තිබ්බේ මගේ මතකයේ.

නවමසක ගැබිණි කාලයත් ප්‍රසුතියෙන් පස්සේත් නවමසක් ගෙවා මට නම් දැන් හිතෙන්නේ මගේ ඇඟ විතරක් නෙවෙයි ඔලුවත් වෙනස් වෙලා කියලයි. කිසිම දෙයක් මතක නැහැ.

දරුවාගේ පියරු පෙට්ටිය මල්ලේ දමාගන්න අමතක වීමේ සිට මා උදේ දත් මැද්දාදැයි අමතක වීම දක්වා  මතක ශක්තිය හීන වන මට ලෙඩක්දැයි බයත් හිතෙනවා.

මගේ යෙහෙළියන් එක්ක මේ ගැන කිය කියා මටම මා හිනා වුනත් විටෙක මේ පශ්චාත්-ප්‍රසව අමතක වීම ගැන බයත් දැනේනේ මගේ එදිනෙදා ජීවිතයට මේ තත්ත්වය බාධාවක් වෙයිද කියා සිත් තැවුලක්ද ඇති කරමින්.

ප්‍රසූතියෙන් පස්සේ මගේ මතක ශක්තියට මක් වෙලාද?

ඉතින් මේ පශ්චාත්-ප්‍රසව අමතක වීමට හේතු වන සාධක මොනවාද?

මෙම පර්යේෂණ කණ්ඩායම මුරේ ්‍රසූතියට පසු මෙම පර්යේෂණ කණ්ඩායම විසින් කාන්තාවකගෙන් මූලය එහෙමත් නැත්නම් මවකගේ මුල ප්‍රසූතියට පෙර සහ පසු පර්යේෂණයකට භාජනය කළා මෙම පරීක්ෂණයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වුණා

බාර්සිලෝනා විශ්ව විද්යාලයේ එල්ස්ලීන් හෙක්සෙමා විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායමක් විසින් කාන්තාවකගේ ගර්භනී අවදියට පෙර සහ ප්‍රසුතියෙන් පසු මොළයේ ක්‍රියාකාරිත්වය ගැන පරීක්ෂණයක් සිදු කළා. එම පර්යේෂණයට අනුව කාන්තාවක් ගර්භණී වන විට මොළයේ භෞතික පරිවර්තනයක් සිදු වන බවට තහවුරු වුනා.   ඉතින් මෙහි තාක්ෂණික තොරතුරු පිළිබඳව දත්ත අපට වැදගත් නුවත්, මීට හේතුසාධක වන කරුණු ගැන අවධානය යොමු කරමු.

රැකියාවක් කරන අම්මා

පශ්චාත්-ප්‍රසව අමතක වීමට තුඩු දෙන හේතු

1 හෝමෝන

අප දන්නවා ගර්භනි අවධියේ ඇතිවන හෝමෝන වෙනස්කම් මවකගේ සිරුරේ බොහෝ වෙනස් වීම්වලට හේතු කාරක වන බව. අමතක වීමටත් මෙම හෝමෝන විපර්යාස ප්‍රභල හේතු සාධකයක් බැව් සොයාගෙන තිබෙනවා.

2 වේදනාව

මෑතකදී නව මෙක්සිකෝ පාසලේ විශේෂඥ වෛද්ය ආචාර්ය ෂැරන් පෙලන් සඳහන් කළ ලිපියක සඳහන් වුයේ, "අමතක වීම වනාහි දරු ප්‍රසූතියේ වේදනාව හා පීඩාකාරී බව විඳ දරාගැනීමට කාන්තාවකගේ සිරුරේ සිදුවන ආරක්ෂක යාන්ත්රණයේ කොටසක් බවයි."

මෙය කියවීමෙන් පසු, පශ්චාත්-ප්‍රසව අමතක වීමේ සංසිද්ධිය ම සිහිපත් කලේ කෘතවේදී ලෙසයි. මක්නිසාද යත්, මව්වරුන් පිළිබඳ මතකයන් කලින් මෙන් තියුණු ලෙස පවතිනවා නම්, ඇතැම් මව්වරුන් නැවත ගැබ් ගැනීම සහ දරුවා ගර්භනී වීම ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇති බැවිනි.

3 ප්‍රමුඛතා

අලුත් මවකගේ මූලික ප්‍රමුඛතාව වන්නේ දරුවා රැකබලා ගැනීම සහ දරුවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. අලුත් දරුවෙකුගේ වැඩකටයුතු බහුලයි. දරුවාට නිතර මව්කිරිදීම, නිතර නිතර ඇඳුම් මාරු කිරීම, දරුවා නැහැවීම, සේදීම, දරුවාගේ ඇඳුම් නිතර සේදීම්, වියළීම, ඇස පස් කිරීම වැනි වැඩ රාජකාරි බොහොමයක් සිදු කරන්නට මවකට සිදු වෙනවා.

මෙතරම් රාජකාරි සමුදායක් හමුවේ මතක තබා ගැනීමේ ශක්තිය නිතැතින්ම අඩුවන්නේ මනසේ දරා ගන්නට ඇති දත්ත ප්‍රමාණය ඉමහත් වන බැවිනි.

4 තෙහෙට්ටුව

ඉහත කී රාජකාරි සමුදායක ඇතුළුව නිරන්තරයෙන් නිදි මැරීම, පැය දෙකෙන් දෙකට වැනි සුළු කාලයක් අතර දරුවාට මව්කිරි දීම වැනි කාර්ය භාර රැසක් මැද මවකට තෙහෙට්ටුව ඇතිවීම අතිශෝක්තියක් නොවේ. ඉතින් මවකට පමණක් නොවේ ඕනෑම කෙනෙක්ට තෙහෙට්ටුව නිසා අමතක වීම සිදුවන්නට පුළුවන්.

බිරිඳගේ මානසික පීඩනය

පශ්චාත්-ප්‍රසව අමතක වීම පාලනය කරගත හැකි ක්‍රම

ඉහත සාධක නිසා පශ්චාත් ප්‍රසව අමතක වීමට බොහෝ මව්වරුන්ට මුහුණ දෙන්නට සිදුවන බව අප දැන් දන්නවා

1 මේ ගැන උවමනාවට වැඩිය කනස්සලු වන්නට එපා

මෙය සාමාන්‍ය ක්‍රියාදාමයක් එම නිසා අනවශ්‍ය ලෙස කනස්සලු වීම අවශ්‍ය නැහැ. නව මවක් ලෙස ජිවිතයේ ඇති වන විශාල වෙනස් වීමට ඔබේ මුහුණ දෙන අකාරය ගැන ඔබම සතුටු වන්න. මෙය සාමාන්‍ය සංසිද්ධියක් බැවින් ඊට සතුටින් මුහුණ දෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

2 ලැයිස්තු, සටහන් ආදිය උපයෝගී කරගන්න

සේවාදායකයකු සමඟ හෝ රැස්වීමකදී හෝ වැදගත් කරුණු සටහන් කරගන්න. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයේ නෝට් ඇප් එක භාවිතා කරන්නට මා හුරු වී සිටිනවා. නමුත් හැම විටෙකම පෑනක් හා කඩදාසියක් ළඟ තබාගැනීම ප්‍රමාණවත්.

3 දිනපතා දින දර්ශනයක් පාවිච්චි කරන්න

ජංගම දුරකථනයේ කැලැන්ඩරයක් පාවිච්චි කිරීමෙන් මතක තබාගත යුතු වේලාවල්, වැදගත් අවස්ථා, බෙහෙත් දෙන වෙලාවල් ආදිය අලාම් (Alarm) එකක් තබා ගැනීමෙන් මග හැරෙන්නේ නැත.

4 පිළිවෙලට දේවල් තබාගන්න

නිවසේ සියලු දේට නියමිත් ස්ථානයක් යොදා ගැනීමෙන් යම් යම් දේවල් නැති වීම වළක්වාගන්න පුළුවන්. මුලින්ම මනස තුල සැම දේටම නියමිත් ස්ථානයක් වෙන් කරවාගන්න. නිදසුනක් ලෙස මගේ ගෙදර යතුර මගේ මල්ලේ ඉදිරිපස සාක්කුවේ දැමීම, මා මනසින් නිතර නිතර සිදු කළා. දැන් මම ඇතුලේ නිවසේ අයත් ගෙදර යතුර ඇත්තේ එම සාක්කුවේ කියා හොඳින් දැනුවත්.

5 ඔබේම රූප කතාවක් සකසාගන්න

දේදුන්නේ පාට මතක තබාගන්න අප VIBGYOR යොදාගන්නා සේ ඔබට වැදගත් දේ මතක තබාගන්නට පහසු රූප ක්‍රම පාවිච්චි කල හැකිය.

4 ඡායාරූප ගන්න

නූතන ජංගම දුරකථන සමඟ මෙය ඉතා පහසු කාර්යයක්. නිදසුනක් ලෙස අපි වාහනය නැවැත්වූ විට parking slot අංකයේ ඡායාරූපක් ගන්නට  හුරු වී සිටිනවා. බිල්පත්, වෛද්‍ය බෙහෙත් වටෝරු වල ඡායාරූපයක් කොයි එකටත් ගන්නවා. කොලේ නැති වුවත් ඡායාරූපය අප ළඟ තිබෙන නිසා.

5 උදව් ගන්න

ගෙදර දොරේ හා දූ දරුවන්ගේ වැඩකටයුතු සියල්ලම තම දෑතින්ම කරන්නට විශේෂයෙන් ලංකාවේ මව්වරුන් බොහොමයක් හුරු වී සිටිනවා. නමුත් පවුලේ අයගෙන් උදව් ගැනීම, අනෙක් අයත් ගෙදර වැඩට සම්මාදම් වීම, සාර්ථක පවුලක ලක්ෂණයක්. මේ නිසා වැඩ බෙදාගන්නට, උදව් ලබාගන්නට  පකිලිය යුතු නැහැ. වැඩ බෙදී මානසික ආතතිය අඩු විම මතක ශක්තිය වැඩි කිරීමට හේතු වනවා.

සෑම නව මවකටම පශ්චාත්-ප්‍රසව අමතක වීම යනු අපේක්ෂිත අභියෝගයක් වනවා. නමුත් නිවැරදි මානසිකත්වය සහ හික්මවීම ප්‍රගුණ කිරීමෙන් අමතක වීම වරප්රසාදයකට හරවාගන්නට නව මවකට හැකි වනවා. වැඩි කල් යන්නට මත්තෙන් මෙම අමතක වීම අප ජීවිතයේ සොඳුරු මතකයක් පමණක් වනු ඇත.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • ප්‍රසූතියෙන් පස්සේ මගේ මතක ශක්තියට මක් වෙලාද?
බෙදාගන්න :
  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

    ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

    ප්‍රසුතියෙන් පසු අධික රුධිර වහනය නිසා පැටියව අතට ගන්නටත් පෙර අම්මා මෙලොවින් සමුගත්තා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it