දරු උපත වූ සැනින් සමහර මව්වරුන්ට අත්දකින්නට ලැබෙන පුදුම හිතෙන කාරණා 6 ක්

දරු උපත වූ සැනින් සමහර මව්වරුන්ට අත්දකින්නට ලැබෙන පුදුම හිතෙන කාරණා 6 ක්

සමහර විට මේ වන විටත් දරු උපත වූ සැනින් සිදුවන දේ ගැන ඔබ කියවා දැනගෙන තිබෙන්න පුළුවන්. මේ ඒ දැනුම තවත් පුළුල් කර ගන්නට ඔබට දැනගත හැකි පුදුම හිතෙන කාරණා 6 ක් .

සමහර විට මේ වන විටත් දරු උපත වූ සැනින් සිදුවන දේ ගැන ඔබ කියවා දැනගෙන තිබෙන්න පුළුවන්. මේ ඒ දැනුම තවත් පුළුල් කර ගන්නට ඔබට දැනගත හැකි පුදුම හිතෙන කාරණා 6 ක් .

1. හුඟක් රුධිරය දකින්න තිබේවි

දරු උපත වූ සැනින් රුධිර වහනය වීම සාමාන්‍යයි. වෛද්‍ය මයිකල් හකාකාගේ Expecting 441: Clear Answers & Smart Advice for Your Pregnancy නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි පළමු මිනිත්තු 10 ඇතුලත ලොකු අයිස්ක්‍රීම් පෙට්ටියක ප්‍රමාණයේ රුධිර ප්‍රමාණයක් වහනය විය හැකි බව පැවසෙනවා. සමහර විට එය ඊට වඩා වැඩි වන්නටත් පුළුවන්.

කාන්තා රුධිර වහනය

ප්‍රසූතියෙන් දින ගණනාවක් යන තුරුත් මෙලෙස ලේ වහනය වීම ඔබට අත්දකින්නට සිදුවේවි. මේ සාමාන්‍ය තත්වයක් වගේම ඔබ ඉඳගෙන ඉන්න විටත්, කිරි දෙන විටත් රුධිරය වහනය වනු ඔබට දැනෙන්න පුළුවන්. මේ සියල්ල සාමාන්‍ය වන අතර එළඹෙන සති කිහිපය තුළ එය සාමාන්‍ය අතට පත්වෙනවා.

2. ඔබේ ස්ත්‍රී ලිංගික ප්‍රදේශය අවට ඉදිමුමක්

ඔබ සාමාන්‍ය දරු උපතක් සිදුකර ඉතා දිගු වෙලාවක් විලිරුදාවෙන් වෙර දැරීම නිසා මේ ප්‍රදේශය ඉදිමීමකට ලක්වෙන්න පුළුවන්. වෛද්‍ය හකාකා පවසන ආකාරයට එය සාමාන්‍ය තත්වයට වඩා තුන්ගුණයක් වගේ වෙන්නත් පුළුවන්. මීට අයිස් තැබීම මගින් ඔබට සහනයක් ලබාගන්න පුළුවන්.

දරු උපත වූ සැනින් සමහර මව්වරුන්ට අත්දකින්නට ලැබෙන පුදුම හිතෙන කාරණා 6 ක්

3. තවත් ඔබේ පෙනුම මාස 6 ක පමණ ගර්භයක පෙනුමක්

ඔබ හිතනවා වෙන්න පුළුවන් දරු උපත සිදුවූ ගමන්ම පෙර පරිදි ඔබේ කුස පැතලි ස්වරුපයක් ගන්නවා කියලා. නමුත් එය එසේ වන්නේ නැහැ. දරු උපතින් පසුත් ඔබට මාස 6 ක් පමණ ගර්භයක පෙනීම තිබීම සාමාන්‍යයි. මෙය විශේෂයෙන් ගර්භාෂය විශාලව තිබීම හේතුවෙන් සිදුවන අතර මව්කිරි දීම ගර්භාෂයේ ඇතිවන විශාල බව අඩු කරනවා.

4. ඔබව ගැහෙන්න ගන්නවා

දරු උපත වූ සැනින් සමහර කාන්තාවන් වෙව්ලීමට පත්වෙනවා. නමුත් වෛද්‍ය හකාකා ට අනුව ශරීරයේ ඇතිවන ක්ෂණික හොර්මෝනවල වෙනස්වීම නිසා ඇතිවන්නක්. ඒ වගේම නිර්වින්දන ක්‍රියාවලිය නිසාද මෙය ඇතිවිය හැකි අතර පොඩි හෙලවීමක් කලබලකාරී ගතිය නිසාද ඇති වෙන්න පුළුවන්. කෙසේ වුවද මෙය සාමාන්‍ය තත්වයක් වන අතර එය ඉතා ඉක්මනින් පහව යනවා.

දරු උපත වූ සැනින් සමහර මව්වරුන්ට අත්දකින්නට ලැබෙන පුදුම හිතෙන කාරණා 6 ක්

5. එකවරම දරුවා කිරි උරන්නේ නැතිවෙන්න පුළුවන්

අපි හැමෝම දන්න කාරණයක් තමයි උපතින් පසු හැකි තරම් ඉක්මනට දරුවාට මව්කිරි ලබා දීමේ වැදගත්කම. නමුත් සමහර පැටවුන් ඊට සුදානම් නැති වෙන්න පුළුවන්. සමහරුන් බොහෝ වේලා කිරි උරන්නත් කැමතියි.

නමුත් ඔබ ඉවසීමෙන් ඔබේ සමත් දරුවාගේ සමත් එකිනෙකාට ළංව ස්පර්ශය ලබාදීම තුළින් මේ තත්වය සාර්ථක කරගන්න පුළුවන්. මෙහිදී ඉතා වැදගත් වන්නේ කිරි වල ඇති කොලෙස්ට්‍රම් කොටස දරුවාට ලබාදීමයි. ඒ වගේම මෙවැනි අවස්ථාවක ප්‍රවීණ උපදෙස් ලබාගන්න පසුබට වෙන්න එපා.

6. එකවරම පුංචි පැටියා එක්ක බැඳීමක් ඇති නොවෙන්න පුළුවන්

මාස 9 ක් පුරා සිහින මැවූ සිහිනය සැබෑ වී පැටියාගේ මුහුණ දකින්න අම්මලා පෙරුම් පුරනවා. ඒත් එහෙම වුනත් සමහර මව්වරුන්ට එකවරම  පැටියා සමග බැඳීමක් ඇති නොවෙන්න පුළුවන්. විශේෂයෙන් දරු ප්‍රසූතිය ඉතාම වෙහෙසකර එකක් වූ අම්මලාට එසේ වෙන්නට පුළුවන්.

නමුත් ඊට ටික වෙලාවක් ගතවීම සාමාන්‍යයි. නමුත් පසු ප්‍රසූත විශාද තත්වයන් ඇතිවීමද මේ අතර වෙන්න පුළුවන්. ඔබට එවැනි මානසික ආතතියක් දැනේනම් වහාම වෛද්‍යවරයෙකුට කතා කරන්න.

මේ අනපේක්ෂිත අවස්ථාවන් වලට මුහුණ දෙන්න ඔබේ සිත සූදානම් කරගන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි