theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්

6 අවම කියවීම
පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්

අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසුව හැකි ඉක්මනින් පැය 72ක් ඇතුළත ගැනීමෙන් අනපේක්ෂිත ගැබ්ගැනීමක් වළක්වාගත හැකි වේවි.

ඔබ මේ ලිපිය කියවනට නැවතුනේ දෙළෝ රත්වූ මොහොතක වන්නට ඇති. ආරක්ෂක ක්‍රමයක් නොමැතිව අනපේක්ෂිත ලෙස ලිංගිකව එක්වුණාද? ම්ම් එක්කෝ නැතිනම් හැඟීම් පාලනය කරගන්නට බැරිව දෙන්නා අතර වැඩේ දුරදිග ගියාද? පොස්ටිනෝ 2 ඔබේ සහයට වඩීද?

හරි දැන් ඉතින් භීතියෙන් තැති ගන්නට කලින් ටිකක් සන්සුන් වෙලා කළ හැක්කේ මොනවද කියා කල්පනා කරමු.

මොකද ඉතින් පසුදින උදෑසන ගන්නට පොස්ටිනෝ 2 පෙති නිපදවලා තියෙද්දි තැති ගන්නට උවමනාවක් නැහැනේ නේද?

ඉතින් හදිසි උපත් පාලනයකට හෝ පසුදා උදෑසන පෙති වර්ගයක් තිබෙන්නේ හේතුවක් ඇතිව තමා.

බොහෝ දුරට හානිකර නොවන එක්වීමකින් පසුව, නැතහොත් අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් පසු පැය 72 ක් දක්වා ගැබ් ගැනීම වැළැක්වීම සඳහා මෙම පෙති භාවිතා කළ හැකි බව ඔයාල දැන්ගෙන සිටියාද?

හරි එහෙනම් ඒ ගැන වටිනා තොරතුරු රැසක් දැනගන්න මේ ලිපිය දිගටම කියවන්න.

පසුදා උදේට ගන්න පෙති? මොකද්ද මේ පසුදා උදෑසන ගන්නට තිබෙන පොස්ටිනෝ 2 කියන බෙහෙත?

postinor-2

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු හෝ උපත් පාලන ක්‍රමයක් අසමත් වී ඇත්නම් හෝ සිදුවිය හැකි ගැබ් ගැනීමක් වැළැක්වීම සඳහා කාන්තාවකට  මෙම හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති නොහොත් ගැබ්ගැනීම වලක්වන පෙති භාවිතාකළ හැකි වනවා.

නමුත් මෙම උදේට ගන්න මේ පොස්ටිනෝ 2 පෙති හදිසි ප්‍රතිසන්ධිරෝධන විකල්පයක් පමණක්  බව සිහි තබාගැනීම ඉතාම වැදගත්.

මේවා ‘පසුදා උදෑසන ගන්නා පෙති’ ලෙස හැඳින්වූ පමණින්ම, එයින් අදහස් කරන්නේ ලිංගිකව හැසිරීමෙන් පසු උදෑසන වන තෙක් එය නොගත යුතු බව නම් නෙවෙයි.

ඇත්ත වශයෙන්ම කියතොත්, ලිංගික එක්වීමෙන් පසුව මෙය හැකි ඉක්මනින් ගන්නා තරමට ප්‍රතිඵල වඩාත් ඵලදායී වන අතර එය එක් මාත්‍රාවකින් සමත් ප්‍රතිකර්මයකි.

1. පසුදා උදෑසන ගන්නා පොස්ටිනෝ 2 පෙති වර්ගය භාවිතා කළ හැක්කේ කාටද?

වයස අවුරුදු 16 ට වැඩි බොහෝ කාන්තාවන්ට හදිසි උපත් පාලන පෙති භාවිතා කළ හැකියි.

නිතිපතා උපත් පාලන පෙති හෝ උපත් පාලන පැච් වැනි හෝමෝන ප්‍රතිසන්ධිරෝධන භාවිතා කළ නොහැකි කාන්තාවන්ද මෙයට ඇතුළත් වේ.

පොදුවේ ගත් කල, මවක් විසින් දරු ප්‍රසූතියකින් පසු, පළමු මාස ​​හය තුළ ඒකාබද්ධ හෝමෝන හෝ සීඑච්සී (ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන්) භාවිතා කරන උපත් පාලන ක්‍රම භාවිතා නොකළ යුතුය.

මන්ද එය මවගේ කිරි සැපයුම අඩු කළ හැකි බැවිනි.

ඔබ මව්කිරි දෙනවා නම්, ඊස්ට්‍රජන් අඩංගු නොවන වෙනත් උපත් පාලන ක්‍රම නිර්දේශ කරනු ඇති.

ඒ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගත හැකියි.

2. පොස්ටිනෝ 2 පෙති ගත යුත්තේ කොයි තරම් ඉක්මනින්ද?

“අනාරක්ෂිත ලිංගික සංසර්ගය හෝ අසාර්ථක ප්‍රතිසන්ධිරෝධනයකින් පැය 72 ක් ඇතුළත පෙති පානය කළ යුතුය.

කොල්කටා හි කල්කටා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය සත්‍යම්වාඩා පාණ්ඩේ පවසන පරිදි, සංසර්ගයෙන් පසු එය ඉක්මනින් ලබා ගැනීම වඩාත් ඵලදායී වේ.

ඔබ දන්නා පරිදි, සංසර්ගයෙන් පසුව ගැබ් ගැනීමක් සිදු නොවන අතර එමනිසා ලිංගික ක්‍රියාවෙන් පසුව පවා ගැබ් ගැනීම වළක්වා ගත හැකිය.

පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්

ලිංගිකව හැසිරීමෙන් පසු ශුක්‍රාණු හා බිත්තර හමුවීමට ආසන්න වශයෙන් දින හයක් ගත වනවා.

ඇත්ත වශයෙන්ම ලිංගික හැසිරීමෙන් පසුව, හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති ගැනීම ප්‍රමාද වන තරමට එහි කාර්යක්ෂමතාව අඩු වනු ඇත.

3. පසුදා උදෑසන ගන්නා Postinor 2 පෙති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?

ඩිම්භය හා සංසේචනය වීමට ශුක්‍රාණුවක් නොමැති නම් කාන්තකට ගැබ් ගන්නට බැරි බව ඔබ දන්නවා.

හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති ක්‍රියා කරන්නේ ඇගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බය මුදාහැරීමට ගත වන කාලය වෙනදාට වඩා දීර්ඝ කිරීමට කටයුතු කිරීමෙනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කෙසේ වෙතත් මෙය එක් කාන්තාවකගෙන් තවත් කාන්තාවකට වෙනස් වන්නට පුළුවන්.

කාන්තවගේ ඔස්ප් චක්‍රය කොයි ආකාරයෙන් සිදුවන්නේද යන්න මෙයට වැදගත් වනවා.

(කාන්තාවක් ඩිම්බ මෝචනය කිරීමට සූදානමෙන් සිටී නම්, හදිසි පෙති ගැනීමට වැඩි කාලයක් බලා සිටියහොත් ඇයගේ ගැබ්ගැනීමේ අවදානම වැඩි වනු ඇත).

ඩිම්බකෝෂයෙන් ඩිම්බමෝචනය සිදුවන කාලයට සරිලන පෙති ද වෙළඳපොලේ තිබිය හැකි අතර වෙනත් ඒවා සමඟ සසඳන විට. කාන්තාවක් ඩිම්බමෝචනය කිරීමට ආසන්න නම් හෝ දැනටමත් ඩිම්බ මෝචනය සිදුවෙමින් පවතී නම් මෙම බෙහෙත නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත.

එවැනි අවස්ථාවකදි කළ හැකි සුදුසුම දේ නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමයි.

4. පසුදා උදෑසන ගන්නා පොස්ටිනෝ 2 පෙති භාවිතා කිරීම කෙතරම් දුරට ආරක්ෂිතද?

හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති සෑහෙන කාලයක සිට වෙළඳපොලේ ඇති අතර කාන්තාවන් විශාල පමාණයක් මේවා භාවිතා කරයි.

මේ ආශ්‍රිත සෞඛ්‍යමය සංකූලතා කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර වෛද්‍ය පාණ්ඩේ පවසන්නේ “ඔක්කාරය, වමනය, ඔසප් අක්‍රමිකතා, කරකැවිල්ල, පාචනය සහ/හෝ පියයුරු මුදු මොළොක් වීම වැනි යම් යම් අතුරු ආබාධ ඇති මෙම පෙති භාවිතයෙන් අන්තුරුව බලාපොරොත්තු විය හැකි බවයි.”

කෙසේ වෙතත්, කාන්තාවක් මීට පෙර මෙම පෙති වලට කුමන හෝ ආකාරයේ ආසාත්මිකතාවයක්, උග්‍ර පෝර්ෆිරියා තත්වයක්, දරුණු අක්මා රෝග තත්වයක් හෝ දරුණු අක්‍රමිකතා සින්ඩ්‍රෝම් වලට මුහුණ දී ඇත්නම් ඒ අය මෙම පෙති පානය කිරීම ගැන ඉතා සැලකිලිමත් විය යුතුය.

“පසුදා උදෑසන ගන්නා පෙති පානය කිරීමෙන් පසු වුවත් ගර්භාෂයෙන් පිටත සිදුවිය හැති ගැබ්ගැනීම් හා ඒ ආශ්‍රිත ව්‍යාකූලතා (ගර්භාෂයෙන් පිටත සිදුවන ගර්භණීභාවය) ගැනද කාන්තාවන් දැනුවත් කළ යුතු වනවා” යනුවෙන් වෛද්‍ය පාණ්ඩේ පවසයි.

5. පොස්ටිනෝ 2 පෙති පානය කිරීමෙන් අවාසි තිබේද?

ඉහත සඳහන් කළ පරිදි, බරපතල සංකූලතා බොහෝ දුරට නොඇසූ ඒවායි.

කෙසේ වෙතත් ඇති විය හැකි යම් අවාසි පහත පරිදි විය හැකිය:

  • පෙර හෝ පසුව, වෙනදාට වඩා බර හෝ සැහැල්ලු කාල පරිච්ඡේදයකි
  • පියයුරු මුදු මොළොක් වීම
  • කරකැවිල්ල හෝ හිසරදය
  • ඔක්කාරය හෝ වමනය

පොස්ටිනෝ 2 පෙති පානය කිරීමෙන් පළමු පැය දෙක තුළ ඔබ වමනය කළහොත් එය ඵලදායී නොවන අතර ඔබට එය නැවත ගැනීමට සිදුවේ.

6. පසුදා උදෑසන ගන්නා Postinor 2 පෙති භාවිතයෙන් වඳභාවය ඇතිවිය හැකිද?

හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමෙන් බොහෝ විට ඔබේ ස්වාභාවික ඔසප් චක්‍රය අවුල් විය හැකි නමුත්, එය ඔබව වඳභාවයට පත් කරන්නේ නැත. මතක තබාගන්න: මෙය දෛනික උපත් පාලන පෙති වර්ගයක් ලෙස පරිභෝජනය කිරීමෙන් වළකින්න.

මතක තබා ගන්න. මේවා හදිසියට ගන්නා පෙති මිසක් දෛනික උපත් පාලන ක්‍රමයක් නොවේ.

ඔබ ස්ථාවර උපත් පාලන ක්‍රමයක් සොයන්නේ නම්, අයිපිල්, unwanted 72 සහ ECEE වැනි බොහෝ විකල්ප වෙළඳපොලේ තිබේ.

ඔබට වඩාත්ම සුදුසු වන්නේ කුමක්දැයි සොයා ගැනීමට ඔබට උපකාර කිරීමට ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

එසේම, පසු උදෑසන ගන්නා පෙති, ගබ්සා පෙති වලට වරදවා වටහා නොගත යුතුය.

ඩිම්බකෝෂය තුළ ඩිම්බයක් වෙනදාට වඩා දිගු කාලයක් තබා ගැනීමෙන් හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති ක්‍රියාත්මක වන බැවින් ගැබ්ගැනීමේ සිද්ධිය පැන නගින්නේ නැත.

ගබ්සාව යනු ගැබ් ගැනීම අවසන් කිරීමේ ක්‍රමයක් වන අතර එය සිදුවිය හැක්කේ සංසේචනය වූ බිත්තරය ගර්භාෂය තුළ තැන්පත් කිරීමෙන් පසුව පමණි.

7. ඔබ කල්පනාකාරී විය යුත්තේ කුමක් ගැනද?

ඔබ සිහි තබා ගත යුතු එකම දෙය නම් මෙය ‘හදිසි’ පෙති වර්ගයක් මිස දෛනික උපත් පාලන පෙති නොවන බවයි.

පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්

ඡායාරූප: Aluth Lokaya Youtube

මූලිකවම, එය සාමාන්‍ය උපත් පාලන ක්‍රම සමඟ සසඳන විට අසාර්ථක වීමේ හැකියාව වඩිය.

ඒ නිසා අඛණ්ඩ උපත් පාලන ක්‍රමයක් ලෙස නිතිපතා අනිසි ලෙස භාවිතා කිරීම සුදුසු නොවේ.

වෛද්‍ය පාණ්ඩේ පවසන පරිදි, මෙහි අසාර්ථක වීමේ අනුපාතය බෙහෙවින් වැඩි ය (අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් භාවිතා කරන පසුදා උදෑසන ගන්නා පෙති අසාර්ථක වීමේ අනුපාතය 1.1% -2.6% කි).

දෙවන කාරණය නම්, හදිසි ප්‍රතිසන්ධිරෝධන පෙති, ලිංගිකව සම්ප්රේෂණය වන රෝග වලින් ඔබව ආරක්ෂා නොකරයි.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව ඔබට සමාජ රෝගයක් වැළඳීමේ අවදානමක් තිබේ නම්, වහාම වෛද්‍ය පරීක්‍ෂාවකට භාජනය වීම පිළිබඳව සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැකිය.

ඔබ ගැබ් ගැනීමට සූදානම් නොවේ නම්, ඔබේ නාරිවේද විශේෂඥයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔබට සුදුසු උපත් පාලන ක්‍ර හෝ ක්‍රමය කල්තියාම සැලසුම් කර ඇති බවට සහතික වන්න.

හදිසි අවස්ථාවකදී පමණක් පෙති පානය කිරීමට කටයුතු කරන්න.

මෙය තොරතුරු සපයන ලිපියක් පමණක් වන අතර එය පදනම් කරගෙන යම් ක්‍රියාවල යෙදෙන්නට අප අනුබල නොදෙමු.

වගකීමෙන් යුතුව සැමවිටම ක්‍රියා කිරීම ඔබගේ පරම යුතුකමකි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: N. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • පොස්ටිනෝ 2 - හදිසි උපත් පාලන පෙති ගැන වැදගත් කාරනා 7ක්
බෙදාගන්න :
  • උපත් පාලනය සහ උපත් පාලන ක්‍රම යනු මොනවාද?

    උපත් පාලනය සහ උපත් පාලන ක්‍රම යනු මොනවාද?

  • උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

    උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

  • උපත් පාලනය සහ උපත් පාලන ක්‍රම යනු මොනවාද?

    උපත් පාලනය සහ උපත් පාලන ක්‍රම යනු මොනවාද?

  • උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

    උපත් පාලන පෙති (Birth Control Pills) ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it