theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක් නිසා වෙන්න පුළුවන්

5 අවම කියවීම
ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක්  නිසා වෙන්න පුළුවන්ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක්  නිසා වෙන්න පුළුවන්

දරු උපතින් පසු බර ගොඩාක් අඩුවීම රෝගි තත්වයක් බව ඔබ දැන සිටියාද?

දරු උපතින් පසු බර ගොඩාක් අඩුවීම රෝගි තත්වයක් බව ඔබ දැන සිටියාද? පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස්  කියන්නේ එවැනි ‌රෝග ලක්ෂණ ‌පෙන්වන  රෝගී තත්වයකි.

මිනිස් සිරුර විශ්මිත නිර්මාණයකි. ඒ තුල ඇති පද්ධතින් හා ක්‍රමවේදි සිරුර නිසි ලෙස පවත්වා ගන්නා ආකාරය විශ්මය ජනකය.  සිරුර තුල ක්‍රියාත්මක වෙන අන්තරාසර්ඝ්‍ර පද්ධතිය මෙවන් එක් අපූර්ව නිර්මාණයකි.

ඒ මගින් සිරුරට අවශ්‍ය හෝමෝන වර්ග නිෂ්පාදනය කරන අතර තයිරොක්සින් යනු මෙලෙස නිපදවෙන සුවිශේෂි හොමෝන වර්ගයකි. සිරුරේ ඇති වෙන සමහරක් රෝග සදහා මෙම තයිරොක්සින් හෝමෝනය බලපාන අතර බොහෝ දෙනා අද ඒ ගැන දැනුවත් නැහැ. අපි අද ප්‍රසුතියෙන් පසුව ඇතිවෙන එවැනි තත්වයක් සමගම තයිරොක්සින් ගැන වැඩි දුරටත් කථා කරමු.

මෙම පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස්  තත්වය සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් පසු  කාන්තාවන් ගෙන් 5% ක් පමණ බලපාන තත්වයකි.

සාපේක්ෂව දුර්ලභ වෙන ‌‌මෙම තත්වය තාවකාලික තත්වයක් ලෙස සලකනු ලබනවා.  නමුත් සෑම විටම එය එසේ වෙන්නේ නැහැ.

කාන්තාවන් ගෙන් සුළු පිරිසකට මෙම තත්වය ජිවිත කාලය තුලම පවතිනවා.

දරු උපතින් පසු කාන්තාවන්ගේ මෙම තත්වය  ඇති වීමට හේතු 2 ක් බලපානවා.

  1. මන්ද තයිරොයිඩතාව (Hyprthyroidism) -  රුධිරයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ඉහළ  යාම
  2. අධි තයිරොයිඩතාවය (hypothyroidism )- රුධිරයේ  තයිරොයිඩ් හෝමෝන මට්ටම පහත වැටීම

කෙසේ වෙතත් මෙම රෝග තත්වයට ප්‍රධාන හේතුව වන්නේ තයිරොක්සින් හොමෝන නිසි ලෙස යාමනය නොවීමයි.

බර ගොඩාක් අඩුවීම සිදුවිය හැකි පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස් 

පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස් යනු ගර්භනීභාවයෙන් පසු සමහර කාන්තාවන්ට බලපාන සාපේක්ෂ වශයෙන්

 දුර්ලභ හොමෝන වෙනස්වීම නිසා හටගන්නා තත්වයකි.

මෙම තත්වය සාමාන්‍යයෙන්  දරු ප්‍රසූතියෙන් පසු පළමු වසර තුල කාන්තාවන්ගෙන් 5% කට පමණ ඇතිවෙන්න පුළුවන්.

මේ සදහා තයිරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම

1

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ අසා තියෙනවාද?

එය ඔබේ බෙල්ලේ ඉදිරිපස උගුරු දණ්ඩට යටින් පිහිටා ඇති මෙය සමනල හැඩැති අන්තරාසර්ග ග්‍රන්ථියකි. 

 තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් තයිරොයිඩ්  හෝමෝන නිපදවනු ලබනවා.

මේ මගින් ‌හෝමෝන වර්ග 02 ක් ස්‍රාවය ‌වෙනවා. තයිරොක්සින් හෝමෝනය ( T4 ) ප්‍රධාන  වශයෙන් ස්‍රාවය ‌වෙන අතර ඊට අමතරව T3 හෝමෝනය අඩු ප්‍රමාණයකින් ස්‍රාවය ‌වෙනවා. එහෙත් ශරීරයේ වඩා ක්‍රියාකාරී වන්නේ T3 හෝමෝනයි.  

තයිරොයිඩ් ග්‍රන්ථිය පාලනය වන්නේ මොළයේ හයිපෝතැලමසය නම් කොටසේදීයි. ශරීරයට තයිරොයිඩ් අවශ්‍ය බව හයිපෝතැලමසය දැනගත් විට එය අසලම පිහිටි පිටියුටරි ග්‍රන්ථියට සංඥාවක් නිකුත් කරයි. පිටියුටරි ග්‍රන්ථියෙන් තයිරොයිඩ් උත්තේජනය කරන හෝමෝනය (TSH) රුධිර ධාරාවට නිකුත් කරන අතර එවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරි වෙයි.

තයිරොක්සින් ‌හොමෝන මගින් ශරීරයට ශක්තිය භාවිතා කිරීමට උදව් කරන අතර උණුසුම්ව සිටීමට දායකත්වය සපයනු ලබයි.

තවද ‌ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීමද තයිරොක්සින් මගින් සිදුවෙන අතර ආහාර මාර්ගයේ නිසි ක්‍රියාකාරීත්වය සිදු කිරීමද කරනු ලබයි.

එපමණක් නොව මොළය, හෘදය සහ මාංශ පේශි වැනි අවයව ක්‍රියාකාරිව තබා ගැනීමට මෙම හෝමෝන උපකාරී වෙනවා. මෙම හොමෝන නිසි ලෙස පාලනය නොවිමෙන් ඉහත සදහන් කරන ලද රෝගී තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

බර ගොඩාක් අඩුවීම සිදුවිය හැකි පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස්  තත්වයට ගොදුරු වන්නෝ

  • පළමු වර්ගයේ දියවැඩියාව ඇති කාන්තාවන් 
  •  තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ යම් ගැටළු තිබු  කාන්තාවන්ට
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු සම්බන්ධ  පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්ට
  •  වේ පශ්චාත් ප්‍රසව තයිරොයිඩ් ග්‍රන්ථිය වැළඳීමේ
  •  අන්වීක්ෂීය ප්‍රතිදේහ  (තයිරොයිඩ් විශේෂිත ප්‍රතිදේහ) තිබෙන  කාන්තාවන් 

බර ගොඩාක් අඩුවීම සිදුවිය හැකි පශ්චාත් ප්‍රසව තයිරොයිඩයිටිස් ඇතිවීමට හේතු

මෙම තත්වයට  හේතු වන්නේ ප්‍රති තයිරොයිඩ් ප්‍රතිදේහ තයිරොයිඩ් ග්‍රන්ථියට පහර දීමයි.

මෙම ප්‍රහාරයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ආසාදනය වෙන්න පුළුවන්.

මෙයට හේතුව නිශ්චිත නැහැ.

මෙම තත්වය වර්ධනය වන කාන්තාවන්ට රෝග ලක්ෂණ නොමැතිව ස්වයංක්‍රීයව ප්‍රතිශක්තිකරණ තයිරොයිඩ් තත්වයක් තිබිය හැකි බව විශ්වාස කරනවා.

මෙම තත්වය වසරක් තරම් කාලයක් පැවතිය හැකි අතර පසුව එය විසින්ම යථා තත්වයට වෙනු ලබයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 නමුත් කාන්තාවන් ස්වල්ප දෙනෙක් මෙම තත්වය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවතිනවා.

දරු ප්‍රසුතිය සිදුවී මාස 1 සිට 6 දක්වා කාලය ත්‍රල එනම් පළමු අදියරේදි බොහෝ කාන්තාවන් තුල  කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ.

අධි තයිරොයිඩතාවය රෝග ලක්ෂණ  

ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක්  නිසා වෙන්න පුළුවන්

  • බර අඩුවීම
  • කාංසාව
  • උණුසුම් බවක් දැනීම
  • කනස්සල්ල දැනීම
  • වේගවත් හෘද ස්පන්දනය
  • අධික ලෙස හිසකෙස් හැලී යෑම
  • විශාල ලෙස දහඩිය දැමීම
  • අධික කුසගින්න දැනීම
  • හෘදයේ ගැස්ම දැනීම
  • අතපය වෙව්ලීම
  • ඇස් ඉදිරියට නෙරා ඒම
  • නොරුස්සන ගතිය

තව ද ‌මෙම තත්වය උග්‍රවීම නිසා පහත ලක්ෂණද දකින්න පුළුවන්.

  • අධික තරහ යාම
  • රෑට නින්ද නොයාම
  • පෞරුෂයේ වෙනස්කම්
  • ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වීම

අධි තයිරොයිඩතාවය සදහා තිබෙන ප්‍රතිකාර

මෙහි ප්‍රභේද  ඇති නිසා ඒ අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. එවිට ඔහු ඔබට අවශ්‍ය පතිකාර නිර්දේශ කරාවි.

මන්ද තයිරොයිඩතාව රෝග ලක්ෂණ 

ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක්  නිසා වෙන්න පුළුවන්

  • බර වැඩිවීම
  • තෙහෙට්ටුව
  • මානසික පීඩනය
  • වියළි සම
  • මලබද්ධය
  • මාංශ පේශි වේදනාව
  • සීතල දරා ගත නොහැකි වීම
  • අධික නිදිමත ගතිය
  • මතකය අඩු වීම
  • අධික ලෙස හිසකෙස් හැළී යාම
  • රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම
  • හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇති වීම

මෙම රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

මන්ද තයිරොයිඩතාව සදහා ප්‍රතිකාර 

මෙම තත්ත්වය ඉතා සරල ලෙස මෙන් ම පහසුවෙන් සමනය කරන්න පුළුවන්.  ඒ සදහා ඔබේ ‌වෛද්‍යවරයා ඔබට තයිරොක්සින් හෝමෝනය පෙති ලබා ගැනීමට නිර්දේශ කරාවි.

තයිරොක්‌සින් හෝමෝනය ගැනීමේදී එය නිවැරදිව සිදු කළ යුතුයි. උදැසන හිස්‌බඩ එය ගත යුතුයි. මෙසේ හිස්‌බඩ තයිරොක්‌සින් හෝමෝන පෙති ගත යුත්තේ ඇතැම් ආහාර පාන මගින් තයිරොක්‌සින් හෝමෝනය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ බාධාවන් මතු වෙනවා. ඒ නිසා දිනපතා උදැසන හිස්‌බඩ මෙම ඖෂධය ගැනීමෙන් එම බාධාව මඟ හරවා ගත හැකියි. එසේම තයිරොක්‌සින් පෙති ගැනීමෙන් පසු පැය භාගයක්‌ පමණ යනතුරු ආහාර පාන ගැනීම නොකළ යුතුයි.

ඔබේ සිරුරේ ඉහත ලක්ෂණ ගැන සැලකිලිමත් වීමෙන් හෝ ඒ පිළිබද ඇති පරීක්ෂණ කිරීමෙන් මෙම රෝගි තත්වය පහසුවෙන් හදුනාගන්න පුළුවන්. ඔබට එම රෝගය ඇතිනම් වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්න.

මේ සම්බන්ධයෙන් ඔබටත් යමක් එකතු කිරීමට ඇත්නම් පහතින් සටහනක් යොදන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ප්‍රසුතියෙන් පසු පමණට වඩා බර අඩුවීම තයිරොක්සින් ගැටළුවක් නිසා වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ  විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

    දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

  • බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

    බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

  • දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ  විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

    දරු ප්‍රසුතියෙන් පසු බර අඩු කරගැනීමට සහය දෙමින් ලේලියගේ විශ්වාසය ගොඩ නැංවූ අපූරු නැන්දම්මා

  • බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

    බර අඩු කරගැනීමට පළතුරු 11ක් මේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it