theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අහස පොළව වගේ වෙනස් යුවළකට වුවත් සාර්ථක විවාහයක් කරගන්නට කළ යුතු දේවල් 7ක්

3 අවම කියවීම
අහස පොළව වගේ වෙනස් යුවළකට වුවත් සාර්ථක විවාහයක් කරගන්නට කළ යුතු දේවල් 7ක්අහස පොළව වගේ වෙනස් යුවළකට වුවත් සාර්ථක විවාහයක් කරගන්නට කළ යුතු දේවල් 7ක්

"විවාහයෙන් පසු ජීවිතය ආදරය කරන කාලයේදී උද්‍යාන, මුහුදු වෙරළ වල් වල , ෆිල්ම් හෝල් වල ගෙවුන ජිවිතය තරම් සොදුරු නෑ. විවාහය තුල විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න වෙනවා. ආදරය කරන කාලයේ හොයපු නැති ගැලපීම් හොයන්න ගන්නවා."

විවිධ ජාතීන් ජීවත්වෙන රටක් වන ශ්‍රී ලංකාව තුල විවාහයන්ද එක් එක් ජාතින් අතර සිදුවෙනු දැකිය හැකිය. ආදරය කරන කාලයේදී අපි නොහිතන බොහෝ දේවල් වලට විවාහයෙන් පසු මුහුණ දීමට සිදුවේ. ඉතිහ් කාලයක් යනකල් ඉන්නවට වඩා බඳින්න කලින්ම විවාහ උපදෙස් වලට හා දැනුවත් කිරීම් වලට විවෘතව සිටීම සාර්ථක විවාහයකට මූලාරභයක්.

විවාහයෙන් පසු ජීවිතය ආදරය කරන කාලයේදී උද්‍යාන, මුහුදු වෙරළ වල් වල , ෆිල්ම් හෝල් වල ගෙවුන ජිවිතය තරම් සොදුරු නෑ.

විවාහය තුල විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න වෙනවා. ආදරය කරන කාලයේ හොයපු නැති ගැලපීම් හොයන්න ගන්නවා.

ඊට පස්සේ රණ්ඩු වෙනවා. නිතියෙන් වෙන් වෙනවා. ඒ වෙනකොට දරුවෝ එහෙම හිටියොත් ඒ අසරණයින්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ.

වෙනස් පසුබිම් දෙකක දෙන්නෙක් විවාහ වුනහම තත්වය උග්‍ර වෙනවා. ඒක නිසා විවාහයට පෙරම එකගතාවයත් අවබෝධයත් ඇති කර ගැනීම වැදගත්, අපි ඒකට ඔබට උදව් කරන්නයි මේ හදන්නේ,

සමාජ පසුබිම් දෙකක විවාහය සිදුවන්නට පෙර එකගතාවයක් ඇතිකරගැනීමට විවාහ උපදෙස්

1. අදහන ආගම

ආගම් දෙකක් අදහන දෙන්නෙක් නම් විවාහයට පෙර මේ පිලිබඳ අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා.

ඕනම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට අයිතිය තිබිය යුතුය.

ආගම කියන්නේ විශ්වාසයත් එක්ක යන දෙයක්, එක බලහත්කාරයෙන් ඇති කිරීමට යෑම තුල සිදුවන්නේ අනර්ථයක්,

සහකරු හෝ සහකාරිය කැමති නම් එක්කෙනෙකුට කැප කිරීමක් කරලා දෙදෙනාටම එක් ආගමක් අදහන්න පුලුවන්.

එසේ නැත්තම් දෙදෙනා දෙදෙනාගේම ආගම් සදහා ගරු කරමින් තමන්ගේ සහකරු හා සහකාරිය සමග නොගැටී ජිවත් වන්න පුලුවන්.

කෙසේ නමුත් මේ පිලිබඳ  විවාහයට පෙර එකගතාවයක් ඇති කරගැනීම වැදගත් වෙනවා.

2. දරුවන්ගේ ආගම විවාහ උපදෙස්

මේක තමයි ඊලග ගැටලුව, එහෙම ගැටලුවක් ඇතිවෙනවා කියලා අපි දැන ගන්නෙත් විවාහ වෙලා දරුවෙකුත් ලැබුනට පස්සේ , මේ ආගම් ප්‍රශ්නය උග්‍ර වෙලා සමහර පවුල් දරුවෝ හදන්නෙත් නැතිව ඉන්නවා.

දෙන්නා දෙමහල්ලෝ එකිනෙකා වෛර කරගනිමින් ඉතිරි ජීවිතය ගත කරනවා. නැතිනම් වෙන් වෙනවා.

මේකද ඔබ පෙරුම් පුරා ගෙන ආ ආදරය?

එම නිසා මේ පිලිබඳ විවාහයට පෙර සාකච්ඡා කර එකගතාවයකට එන්න.

3. ජීවත් වෙන්නේ කොහේද : විවාහ උපදෙස්

විවාහයට පෙර යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කිව්වාට විවාහයෙන් පසු යථාර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් බිරිද කියනවා අපි වෙනම ඉමු කියලා සැමියා කියනවා නෑ අපි මහ ගෙදර ඉමු කියලා.

අවසානයේදී ඇතිවෙන්නේ මහ අඩදබර ගොඩාක්, අපි ආදරය කරලා විවාහ වුනේ රණ්ඩු කර කර ඉන්නද? කොහෙත්ම නෑ.

ඒක නිසා විවාහයෙන් පසු ජීවත් වන ස්ථානය ගැන දෙදෙනාම එකගතාවයක් ඇති කරගන්න.

3. දැනගත යුතු කාරනා

විවාහයට පෙර එකගතාවය විතරක් ප්‍රමාණවත් නෑ.

ඔබ යන්නේ වෙනස්ම පරිසරයට ඒක නිසා ඒ පරිසරයත් එක්ක නොගැටී  ජීවත් වෙන්න ඔබට දැනුම මෙන්ම අවබෝධයත් අවශ්‍ය වෙනවා.

මෙන්න ඔබට සුළු මග පෙන්වීමක්

තවදුරට සොයා බැලිය යුතු තතු සඳහා විවාහ උපදෙස්

1. සහකරු හෝ සහකාරිය ගේ ආගමික පසුබිම

ඔබේ සහකරු හෝ සහකාරිය කුමන ආගමකට අයිති වුනත් ඔහු හෝ ඇය රක්ත රුධිරයට හිමිකම් කියන මිනිස් පවුලට අයත්, නමුත් ඔහු හෝ ඇය උපතින්ම යම් ආගමික දර්ශනයකට හිමිකම් කියනවා.

එමනිසා ඒ ආගමික දර්ශනය ගැන අවබෝධයක් තිබීම දෙදෙනා අතරද හොද අවබෝධයක් ඇතිවීමට මග පාදනවා.

2. සහකරුගේ හෝ සහකාරියගේ සංස්කෘතික පසුබිම

සහකරුගේ හෝ සහකාරියගේ සංස්කෘතික පසුබිම  ඔබේ සංස්කෘතික පසුබිමට වඩා වෙනස් වෙන්න පුළුවන්.

නමුත් ඒ පිලිබඳ මනා අවබෝධයකින් යුග යුගදිවියට පිවිසීම මගින් ඉදිරියේදී ඇති වෙන ගැටලු වළක්වා ගත හැකිය.

3. පවුලේ විශේෂ චාරිත්‍ර

පවුල් තුල තිබෙන චාරිත්‍ර වෙනස්, හැම විටම අපේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැහැ.

අපි වෙන නිවසට ගිය විට ඒ නිවසේ වත් පිළිවෙත් පිලිබඳවද  සැලකිලිමත් විය යුතුයි.

අන්න ඒ නිසා ඒ නිවසේ වත් පිළිවෙත් ගැන කලින් දැනුවත් වී තිබීම වැදගත් වෙනවා.

4. පවුලේ අයගේ ආකල්ප

ලෝකයේ සිටින විසින් මිනිසුන්ගේ ආකල්ප සමාන වෙන්නේ නැහැ.

ඒ වගේම පවුල් වල තියෙන ආකල්ප එකින් එකට වෙනස් වෙනවා. අපි යන්නේ වෙනස්ම පරිසරයකට, අපි යන්නේ වෙනත් පවුලකට, ඒක නිසා කලින් ම ඒ පවුලෙ ආකල්ප පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වෙනවා.

මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ඔබට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ගැටලු අවම කර ගැනීමට කර ගැනීමට උදවුවක් වශයෙනි.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අහස පොළව වගේ වෙනස් යුවළකට වුවත් සාර්ථක විවාහයක් කරගන්නට කළ යුතු දේවල් 7ක්
බෙදාගන්න :
  • ප්‍රීතිමත්  විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

    ප්‍රීතිමත් විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ප්‍රීතිමත්  විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

    ප්‍රීතිමත් විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it