theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

4 අවම කියවීම
දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

ඔබ ඔබේ දරුවා යවන්නට සිතන දිවා සුරැකුම් මධ්‍යස්ථානය කෙතරම් හොඳයි දැනගන්නේ කොහොමද?

හුඟක් වෙලාවට දෙමාපියන් දෙදෙනාම රැකියාවක නිරත වෙන විට දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් බොහෝ විට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවන්ව රඳවන්න වෙනවා. නැතිනම් ළදරු පාසලකට මුලසිටම ඇතුල් කිරීමටත් උනන්දුවක් දක්වනවා.

නමුත් දරුවා රඳවන තැන ඇත්තටම සුදුසුදැයි ඔබ දැනගන්නේ කොහොමද?

පිරිසිදුකම

ආහාර වල ඉඳුල් වැටුණු ලකුණු හා තැන තැන කෑම වැටි තිබෙනවාද? හැමතැනම දුහුවිලි රැඳී තිබෙනවද? සෙල්ලම් බඩු ඇල්ලීමට නොහිතෙන ලෙස අපවිත්‍රව පරණවි ඇත්ද? සෙල්ලම් කිරීමට ඇති ප්‍රදේශය අපිරිසිදුව මඩවි ඇත්ද? නාන කාමර වලින් නරක දුගඳක් වහනය වෙනවද? මෙවැනි සලකුණු වලින් ඔබේ දරුවාගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය එතරම් පිරිසිදු තැනක් නොවන බවට හොඳ සාක්ෂි සපයනවා. මේ මගින් විෂබීජ පතුරන අතර එම මධ්‍යස්ථානය මූලික පිරිසිදු කිරීමේ පිළිවෙත් අනුගමනය නොකරන බව ඉන් පැහැදිළි වෙනවා.

පිළිගැනීමක් නොමැතිකම ( නරක නාමය)

දරුවා එහි යැවීමට පෙර, පෙරපාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිළිබඳ ඇති මත විමසා බලන්න. මධ්‍යස්ථානයක් ලෙස ලැබෙන තොරතුරු නරක අතට ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

පැහැදිලි ක්‍රියා පටිපාටියක් නොවීම

දරුවා සතියෙන් සතිය ඉගෙන ගන්න දේවල් වල වෙනසක් හෝ වර්ධනයක් නැතිනම් ඒ ගැන සොයා බලන්න. නිසි සැලැස්මකට නැති පෙරපාසලකට දරුවා යැවීමෙන් දරුවා එහි නිරතවන කිසිදු ක්‍රියාකාරකමක් ගැන ඔබට කිසිදු අවබෝධයක් නොලැබෙනු ඇත. ECDA අර්ලි චයිල්හුඩ් ඩිවලොප්මන්ට් ඒජන්සි මගින් දක්වන අන්දමට මෙවැනි අදහස් වලට නිල අවසරය ලැබෙන්නේ එම සියලු අවශ්‍යතාවයන් වැඩපිළිවෙල නීති රාමුවකට අනුව ඉටුවන්නේ නම් පමණි. ශාරීරිකව පමණක් නොව ආරක්ෂාව, සෞක්‍ය, පිරිසිදුකම, පෝෂණය, සේවක මණ්ඩලයේ පුහුණුව, පරිපාලනය මේ සියල්ල ඊට අදාල වියයුතුයි.

නීති රීති අඩුකම

පෙරපාසල සතුට දනවන තැනක් නොවන්නේ හඬමින් කුඩා දරුවන් පන්ති කාමරයට හුරුවෙමින් සිටින නිසයි. එම නිසා ඊට අදාල නීති රාමුව පිළිබඳ දරුවාට අවබෝධයක් තිබිය යුතුයි. දරුවා එහිදී කළයුතු නොකළයුතු දේ ඔහුට වැටහීමක් ලබාදිය යුතුය. ඔවුන්ගේ වයසට අනුව හා ඔවුන්ගේ ඉරියව් තේරුම් ගැනීම හා ඔවුන්ට සිත් රිදවීම් හා අනතුරු වලින් ආරක්ෂා වීමට මේ නීති රීතී ඇතිවෙන බව වටහා දියයුතුය.

නිතර දරුවන් රෝගී වීම හා නිතර තුවාල කර ගැනීම

දරුවන් නිතර දඟකාරකම් කරන හෝ ඉඳහිට වැටෙන්න තුවාල පුළුවන්, වෛද්‍ය ඩේවිඩ් එස්. ගේලර් පවසනවා. අන් වයස්වල අයට  වඩා දරුවන්ගෙන් දරුවන්ට විෂබීජ පැතිරීම වේගවත්. ඒ වගේම පළමු අවුරුදු එක, දෙක තුළ ළදරු පාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දරුවන්ව නිතර නිතර ලෙඩ වෙනවා නම් එහි පිරිසිදුකම හා සෞක්‍ය පුරුදු ගැන ඔබ සැලකිලිමත් වෙන්න.

අවශ්‍ය තරම්  ශ්‍රමය නොයෙදීම

සමහර ළදරු සුරැකුම් මධ්‍යස්ථාන වල රියදුරා, අරක්කැමියා, පිරිසිදු කරන්නා වැනි මූලික සේවකයන් විතරක් යොදනවා. නමුත් මධ්‍යස්ථානයට සුදුසුකම් ලත් තවත් සේවාවන් ඇතිදැයි සොයා බලන්න. ගුරුවරුන් අධික වෙහෙසට පත්ව ඇති බව ඔබට දකින්නට ඇත්නම් උවමනාවට වඩා වැඩකරන බව පේනවා නම් ඔබ ඒ ගැන නැවත සිතන්න.

ඔබේ දරුවා එහි යන්න කැමති නැත්නම්

මේ ගැන අහන්න හොඳම කෙනා ඔබේ දරුවායි. හුඟක් දරුවන්ට අලුත් පරිසරයට හුරුවීම තරමක් අපහසු වන දෙයක් වීම සාමාන්‍ය වුවත් ඔහු හැමදාම එහි යාමට අකමැති බව කියනවා නම් පාසල ඇරුනු පසුවත් ඔහු අඬමින් ඉන්නවා නම් ඔහු ඊට අකමැති බව වචනයෙන් පවා කියනවා නම් ඒ මොහොතේ ඔහු කියන දෙයට ඇහුම්කන් දීම ඉතා වැදගත්.

ආරක්ෂාව ගැන සිතන්න

ඔබ එහි යන එන විට එහි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. විදුලි උපාංග අනාරක්‍ෂිත ලෙස තබා ඇත්නම්,  පිරිසිදු කිරීමට යොදාගන්නා ද්‍රව්‍ය ආදිය නුසුදුසු තැන්වල තබා ඇත්නම්, ගින්නකින් ආරක්ෂා වීමට නිසි ක්‍රමවේදයක් යොදා නැත්නම්, කැඩුණු බිඳුණු තැන් අනාරක්ෂිත ලෙස තබා ඇත්නම්, හදිසි අවස්ථාවන් සඳහා දරුවන්ට අවශ්‍ය උපාංග තබා නැත්නම්, හදිසි දුරකථන ඇමතුම් අංක ආදිය දමා නැතිනම් ආදී කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

සන්නිවේදනයේ දුර්වලතා

ඔබේ දරුවා මධ්‍යස්ථානයට හෝ පෙර පාසලට ඇරලූ මොහොතේ සිට ඔහු කරන කියන දේ, කුමක් වෙනවාද යන්න ගැන සිතන්න. නමුත් දෙමාපියන් සමග හොඳ සන්නිවේදනයක් පැවතීමෙන් ඔබත් ඔහුත් සමග හැම කාරණයක්ම සන්නිවේදනය කරන්න. ඒ වගේම හැම විටම පාසල සමග සම්බන්ධ වීමට බාධාවක් නොතිබිය යුතු අතර පාසලේ ගුරුවරුන්, විදුහල්පතිවරයා සමග කතා කිරීමට හා මුණගැසීමට නියමිත කාල වේලාවන් දෙමාපියන්ට ලැබිය යුතුයි.

ගුරුවරුන් හා සේවකයන් පිළිගන්න

ඔබ හැමදිනකම ප්‍රියමනාපව කතා කරන්නේ නැත්නම්, නිතර දරුවන්ට කෑගසයි නම්, දරුවන්ට තද ලෙස කටයුතු කරයි නම් ඔබ ඒ ගැන සිතන්න. ගුරුවරුන් මනුෂ්‍යයින් වුවත් ඔවුන් දරුවන්ට හා දෙමාපියන්ට පෙන්වන ගරු සැලකිල්ල එහි ඇතුලාන්තය ගැන කියාපානවා. ඒ නිසා ඒ ගැන සිතා බලන්න.

දෙමාපියන්ට දරුවන්ගේ සතුට තරම් දෙයක් නැහැ. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka ඔබට මේ තොරතුරු ගෙනආවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Dew M. Chaiyanara

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්
බෙදාගන්න :
  • මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

    මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

    මම දිනපතා මගේ දුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට ඇරලවීමෙන් සතුටු වෙන්නේ ඇයි?

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it