වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

වයස 35 ඉකුත් වූ පසු ගැබ් ගැනීම අවදානම්ද?

ඔබත් වයස 35 න් පසු ගැබ්ගැනීමට සැලසුම් කරනවා නම් මේ ලිපිය කියවන්න.

බොහෝ කාන්තාවන් ප්‍රමාද වී විවාහ වීම නිසා හෝ උසස් අධ්‍යාපනය හෝ රැකියාව නිසා දරු උපත් ටිකක් වැඩිපුර ප්‍රමාද කරන අවස්ථා දකින්න ලැබෙනවා. මෙලෙස වයසට ගොස් ගැබ්ගැනීම අවදානම් සහගතද යන්නත් දැනගන්න බොහෝ කාන්තාවන් කැමති ඇති නේද?

ජිවත්වීම යනු පුදුමාකාර දෙයකි. එහි සංසිද්ධින් සිදුවෙන ආකාරයන් අපිටවත් හිතාගන්න බැහැ.

ජිවිතය ජිවත් කරන්නේ අපිට අවැසි විදියට බව අපි සිතාගෙන සිටියාට ඇත්තටම අපි ජිවත් වන්නේ ජිවිතය ක්‍රියාත්මක වෙන විදියටයි.

ගැබ් ගැනීම පවා එලෙසයි. එක් කාන්තාවක් අඩු වයසින් දරුඵල උරුම කරගනිද්දි තවත් කාන්තාවක් එය පමා වී ලබාගන්නට පුළුවන්.

ඒ නිසාම වයස 35 ඉකුත්ව ගැබ්ගන්නා කාන්තාවන් වෙනුවෙන් වැදගත් වෙන පුංචි කාරණා කිහිපයක් අපි අද ගෙන එනවා.

වයසට ගොස් ගැබ්ගැනීම සෞඛ්‍යයට අවදානම්ද?

ගර්භනී සමයේ අපහසුතා

වයස 35 න් පසුත් අම්මලාට නිරෝගි ගර්භණි සමයක් මෙන්ම දරු උපත් ලබා ගන්න පුළුවන්.

එයට අවශ්‍ය වන්නේ මව නිරෝගීව සිටිමයි.

වයස කොපමණ වුවත් නිරෝගි මවකට නිරෝගි දරුවෙක් බිහි කිරීමේ ඉහළ සම්බාවිතාවයක් තියෙනවා.

1. අවදානම තේරූම් ගන්න

පළමුව අපේ ජීව විද්‍යාත්මක සැකැස්ම තේරූම් ගැනීම වැදගත් වෙනවා. කාන්තාවකගේ ඩිම්බ සකස් වන්නේ ඇය මව් කුස තුල සිටියදීමයි.

ඔබ තිහේ දශකයේ අග භාගයට ලගා වත්ම ගුණාත්මක ඩිම්බ ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ සරු බාවය අඩු වී ගැබ් ගැනීම අසීරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

ඒවගේම තමයි තිහේ දශකය ගෙවි යත්ම අපි බොහොමයක් දෙනාට අපේ ජිවන රටාව නිසා ඇතිවෙන දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග වලට ගොදුරු වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා.

ඒ නිසාම ඔබට නිරෝගි ගැබිනි වියක් ගත කිරීමට එය තර්ජනයක් විය හැකි සේම දරුවාටද ඒ මගින් ගැටළු ඇතිවෙන්න පුළුවන්.

ඔබට පිළිසිද ගැනීමේ ගැටළු හෝ වෙනත් රෝග ඇත්නම් ඔබේ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

2. බහු ගැබ් ගැනීම් සිදුවෙන්න පුළුවන්

වයසින් වැඩි වෙත්ම හොමෝන වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසා එකවර ඩිම්බ කිහිපයක් පිටවෙන්න පුළුවන්.

ඒවා සංචේනය වීමෙන් දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පිළිසිද ගැනීමට ඇති ඉඩ වැඩිය.

3. ඔබ ගර්භණී දියවැඩියාව වැළඳීමට වැඩි ඉඩක් ඇත

 ගර්භණී සමයේදී පමණක්  මෙම වර්ගයේ දියවැඩියාව කාන්තාවන්ට ඇතිවෙනවා.

නමුත් වයසට යාමත් සමඟ එය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිය. එසේ වුවහොත් ආහාර පාලනය  හා ශාරීරික ක්‍රියාකාරකම් තුළින් රුධිරයේ සීනි තදින් පාලනය කිරීමට ඔබට සිදුවෙනවා.

සමහර විට ඔබට ඖෂධද ලබාගන්න සිදුවෙන්න පුළුවන්.

මෙම තත්වය දිගින් දිගටම පැවතුන හොත් ඔබේ දරුවා ප්‍රමාණයෙන් විශාල වීමට පුළුවන්. 

තවද මේ  ගර්භණී දියවැඩියාව නිසා නොමේරූ දරු උපත්, ගර්භණී සමයේදී අධි රුධිර පීඩනය සහ දරු ප්‍රසූතියෙන් පසු ඔබේ දරුවාට ඇතිවිය හැකි සංකූලතා වැඩි වෙනවා.

4. ගර්භණී සමයේදී ඔබ අධි රුධිර පීඩනය ඇතිවීමට වැඩි ඉඩක් ඇත

ගර්භණී කාලය සමග ප්‍රසුතියට ලංවෙන විට වයසින් වැඩි කාන්තාවන්ට අධික රුධිර පීඩනය ඇති වීමට වැඩි ඉඩක් ඇති බව බව පර්යේෂණවලින් තහවුරු වී තියෙනවා.

ඒ නිසා ඔබේ වෛද්‍යවරයා මෙන්ම මාසික සායන මගින්  ඔබේ රුධිර පීඩනය සහ ඔබේ දරුවාගේ වර්ධනය හා සංවර්ධනය හොඳින් නිරීක්ෂණය කරනු ලබනවා. 

5. ඔබට අඩු බර දරු උපත්  මෙන්ම නොමේරූ දරු උපත් සිදුවීමට වැඩි ඉඩක් තියෙනවා

 අඩු වයසින් උපදින නොමේරූ ළදරුවන්ට, සංකීරණ වෛද්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්.

හොදම දේ නම් නිතර වෛද්‍යවරයා හමුවී ඔබේ සෞඛ්‍ය ඉහළ මට්ටමින් පවත්වා ගන්නට කටයුතු කිරිමයි.

6. ඔබට සීසේරියන් සැත්කමකට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්

වයසින් වැඩි වෙත්ම කාන්තාවන්ට මතු විය හැකි සංකූලතා වැඩියි.

වැදෑමහ ගැබ් ගෙල ආවරණය කිරීම එවැනි තත්වයකි. එවන් අවස්ථාවකිදි ඔබට සාමාන්‍ය යෝනී මාර්ග දරු උපතකට මුහුණ දිය නොහැකි වෙන්න පුළුවන්.

එවන් අවස්ථාවකදි සීසේරියෙන් සැත්කමක් මගින් ඔබේ දරුවා බිහි කිරීමට සිදුවෙනවා.

7. වර්ණදේහ අසාමාන්‍යතා ඇතිවීමේ අවදානම වැඩිය 

වයසින් වැඩි කාන්තාවන්ට උපදින දරුවන්ට  ඩවුන් සින්ඩ්‍රෝම් වැනි ඇතැම් වර්ණදේහ ගැටළු ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා.

8. ගර්භණීභාවය අහිමි වීමේ අවදානම වැඩි ය

ගබ්සා වීමෙන් හා මල දරු ප්‍රසූතියෙන්  ඔබට ගර්භණි භාවය අහිමි වීමට ඇති ඉඩ ඔබ වයසට යාමත් සමගම වැඩි වෙනවා. 

සමහර විට කලින් පැවති සෞඛ්‍යයමය හේතුන්  හෝ භ්‍රෑණ වර්ණදේහ අසාමාන්‍යතා එයට හේතු වෙන්න පුළුවන්.

අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි නිදන්ගත වෛද්‍ය තත්වයන් ඇතිවීමේ අවදානම සමඟ ඔබේ ඩිම්බ වල ගුණාත්මකභාවය අඩුවීම ගබ්සා වීමේ අවදානම වැඩි කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යනවා.

එවන් අවස්ථා වල ගර්භනී සමයේ අවසාන සති කිහිපය තුළ ඔබ වෛද්‍යවරයා නිතර හමුවෙමින් දරුවාගේ නිරෝගීබව තහවුරු කරගන්න.

අධ්‍යයනවලින් පෙනී යන්නේ පිළිසිඳ ගන්නා අවස්ථාවේ පිරිමින්ගේ වයස දරුවන්ට සෞඛ්‍ය අවදානමක් ඇති කළ හැකි බව වුවද එය තහවුරු කිරීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනවා.

වයසට ගොස් ගැබ්ගැනීම : නිරෝගීව සිටීමට කල යුතු දේවල්

සරු බව වැඩි

ඔබ ගැන හොඳ සැලකිල්ලක් දැක්වීම ඔබේ දරුවා ආරක්ෂා කරගැනීමට ඇති  හොඳම ක්‍රමයයි.

ඒ නිසා පහත කාරණා ගැන සැලකිලිමත් වෙමින් නිරෝගි දිවියක් ගත කරන්න.

  1. පූර්ව නිගමන හමුවීමක් කරන්න

ඔබේ සමස්ත සෞඛ්‍යය ගැන ඔබේ වෛද්‍යවරයා හමු වී කතා කරන්න.

සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක් සහ දරුවෙකු සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කළ හැකි ජීවන රටාවේ වෙනස්කම් සාකච්ඡා කරන්න.

සරු බවට හෝ ගැබ් ගැනීමට ඔබට ගැටළු ඇතිනම්  එයට පිළියම් යොදන්න. 

ඔබට පිළිසිඳ ගැනීමේ අපහසුතා ඇති නම් ඒ සදහා විකල්ප ක්‍රම භාවිතා කරන්න

  1. නිතිපතා ප්‍රසව රැකවරණය ලබා ගන්න

දරු ප්‍රසූතියට පෙර  නිතිපතා  පැමිණ ඔබේ වෛද්‍යවරයා හමුවීමෙන් ඔහුට ඔබේ සෞඛ්‍යය සහ දරුවාගේ සෞඛ්‍යය නිරීක්ෂණය කරන්න හැකිවෙනවා.

ඔබට සැක සහිත  ඕනෑම සලකුණු හෝ රෝග ලක්ෂණ වෛද්‍යවරයාට කියන්න.

  1. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න

ගර්භණි සමයේ ආහාර

ගර්භණී සමයේදී ඔබට වැඩිපුර  ෆෝලික් අම්ලය, කැල්සියම්, යකඩ, විටමින් ඩී සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා.

ඔබ දැනටමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරනවා නම් එය නොකඩවා කරන්න.

  1. සුදුසු බර පවත්වා ගන්න

නියම බර ප්‍රමාණයක් වැඩි කරගැනීම ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හිතකර වෙනවා. 

  1. ක්‍රියාශීලීව සිටින්න

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මගින් අපහසුතාවයන් ලිහිල් කිරීමට හෝ වළක්වා ගැනීමටත්, ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීමටත්, ඔබේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටත් හැකි වෙනවා.

ඔබේ ශක්තිය හා මාංශ පේශි ශක්තිය වැඩි කිරීමෙන් දරු ප්‍රසූතිය හා ඒ සඳහා සූදානම් වීමටද එය උපකාරී වෙනවා.

ව්‍යායාම පටන් ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.

  1. අවදානම් ද්‍රව්‍ය වලින් වළකින්න

 ගර්භණී සමයේදී මත්පැන්, දුම්කොළ සහ නීති විරෝධී ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න.

ඔබේ යම් රෝගයක් සදහා ඖෂධ ලබා ගනිමින් සිටි නම් පිළිසිද ගැනීමට පෙර ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.

  1. වර්ණදේහ අසාමාන්‍යතා සඳහා ප්‍රසව පරීක්ෂාව ගැන ඉගෙන ගන්න

වර්ධනය වන ළදරුවෙකුගේ ඇතැම් වර්ණදේහ අසාමාන්‍යතා සඳහා පරීක්‍ෂා කිරීමේ DNA  පරීක්ෂාව ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

දරු ප්‍රසූතියට පෙර මෙම පරික්ෂාව මගින් සින්ඩ්‍රොම් තත්වයන් හදුනාගන්න පුළුවන්.

මුලාශ්‍ර - www.mayoclinic.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි