ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

මෙම තත්වය ගර්භණී කාලයේ අවසන් කාර්තුවේදී අත්විඳින්න ලැබෙන්න පුළුවන්. සමහර විට ඊට කලින් සිදු වෙන්නත් පුළුවන්...

ගර්භණී කාලය කාන්තාවන්ගේ ශරීරයේ බොහෝ වෙනස් කම් ඇති කරනවා. කාන්තාවකට සාමාන්‍ය ජීවිතයේ හුරු පුරුදු නොවූ දේට වඩා වෙනස් දේ සිදුවීම මේ වෙනසට බලපානවා. නමුත් මේ සමහර වෙනස්කම් බැරෑරුම් තත්වයන් වල ආරම්භයක් වන්නට පුළුවන්.  විශේෂයෙන් ගර්භණී සමය තුළ කැසීම ඇති වීම. නමුත් සාමාන්‍ය ගර්භණී සමය තුළ කැසීම ගැන නෙමෙයි අද ඔබට කියන්න යන්නේ.

ගර්භනී සමයේ යෝනි ශ්‍රාව

ලීසා මැක්නැලිගේ කතාවට අනුව ලීසාගේ ගර්භණී කාලය තුළ 28 වන සතියේ ඇයට අමුතු කැසීමක් හට ගත්තා. ඇගේ වෛද්‍යවරයා ඇයට කිව්වේ ගර්භණී සමය තුළ කැසීම සාමාන්‍ය තත්වයක් බවයි. නමුත් එය එසේ වුයේ නැහැ.

ඇය විස්තර කරන ආකාරයට එය ඇයව අපහසුවට ලක් කළ කැසීමක් වුණු කකුලේ යටි කොටසින් ඇරඹුණු මේ කැසීම ඇගේ අත්, යටිපතුල් දක්වා පැතිරුනා. සවස් කාලයට එය තවත් වැඩි වුණා.

"ඒ කැසීම මට කවදාවත් හැදිලා තිබුණේ නැහැ. එය දරාගැනීම හරිම අපහසු වුණා. එය සම පිටතින් මතුවන කැසීමක් ලෙස නොව අභ්‍යන්තරයෙන් දැනෙන කැසීමක් වුණා." සති තුනකට පසු ඇයට ජීවිතයේ අදහා ගත නොහැකිම ආරංචිය ලැබුණා. තවමත් මෙලොව එළිය නොදුටු ඇගේ පුංචි බිළිඳු දියණිය මෙලොවින් සමුගෙන තිබුණා.

"මට ඒක අදහගන්න බැහැ. පෙර දින රාත්‍රියෙත් මගේ පැටියා දඟලමින් හිටියා."  රුධිර පරික්ෂාවේදී ඇය Intrahepatic Cholestassis නමැති රෝගය වැළඳී තිබුණු බව සොයාගත්තා. මෙය ගර්භණී කාලය තුළ ඇතිවන සංකූලතාවයක් වන අතර මවට අපහසුතාවයක් දෙමින් එය දරුවාට ඍජුව බලපෑම් ඇති කරනවා.

මෙහිදී මවට ප්‍රතිකාර ලබා නොදීමෙන් බිළිඳාට හානි ඇතිකරනවා. ලීසාට දැනුණු කැසීම පිළිබඳ අපහසුතාවයට මුලදීම ප්‍රතිකාර ලැබුණානම් ඇයට ඇගේ බිළිඳිය නැති වෙන්නේ නැහැ.

වයස අනුව ගැබ්ගැනීම

ගර්භණී සමය තුළ කැසීම: ඉන්ට්‍රාහෙපටික් කොලෙස්ටැටිස් (Intrahepatic Cholestassis/ICP) කියන්නේ කුමක්ද?

මෙම තත්වය ගර්භණී සමය තුළ ඇතිවන හෝර්මෝන වල සංකූලතා මත ඊස්ට්‍රජන් හොර්මොනයේ ඇතිවන සංකූලතාවයක් නිසා ඇතිවන්නක්. එය අක්මාවට හානි පමුණවනවා.

මෙහිදී ආහාර කුඩා කැබලි වලට කඩා එහි ඇති පෝෂණය උර ගැනීම හා එය රුධිරයට එක් කිරීම සිදුවීම තුළ මවකට ICP තත්වය ඇති විට ඒ තුළට විෂ වීමක් සිදු වෙනවා. මේ තත්වය බොහෝ දුරට ගර්භණී තත්වයේ අවසාන කාලයේ ඇතිවෙන නමුත් ඊට ඉහතදී වුවත් ඇති වෙන්න පුළුවන්.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ කැසීම හටගැනීම වුවත් එමගින් දද, බිබිලි  ස්වභාවයක් ඇති නොවන්නේ මෙය සම අභ්‍යන්තරය තුළට බලපාන නිසයි. බොහෝ විට මෙම කැසීම අත් හා යටිපතුල් වල ඇතිවෙනවා. සමහර විට ශරිරයේ අනෙක් තැන්වලට පැතිරිය හැකි අතර රාත්‍රී කාලයේ එය වැඩිවෙනවා.

ගර්භණී සමය තුළ මෙම කැසීම ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න

මවක් වීම ඉතා වටිනා අවස්ථාවක් වුවත් ඒ වන ගමන එතරම්ම පහසු නැහැ. මෙවන් සිදුවීම් ගැන ඔබේ දැනුවත් කම අවශ්‍ය වන්නේ theAsianparent Sri Lanka අපි ඔබට ආදරේ නිසාමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි