theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇස් වලින් කුස තුළ ඉන්න දරුවා ගැන ස්කෑන් පරීක්ෂණ කරන මිත්‍යා මත ගැන අලුත් අම්මලා වදවිය යුතුද?

3 අවම කියවීම
ඇස් වලින් කුස තුළ ඉන්න දරුවා ගැන ස්කෑන් පරීක්ෂණ කරන මිත්‍යා මත ගැන අලුත් අම්මලා වදවිය යුතුද?ඇස් වලින් කුස තුළ ඉන්න දරුවා ගැන ස්කෑන් පරීක්ෂණ කරන මිත්‍යා මත ගැන අලුත් අම්මලා වදවිය යුතුද?

පවුලට අලුතෙන් අමුත්තෙක් එකතු වෙන්න යන බව දැන ගත්තහම දන්න කියන හැම දෙනාම ගුරුගරුකම්, උපදෙස් අනාවැකි කියන්න පෙළඹෙනවා. ඒ ගැන ඇත්තටම ඔබ වදවිය යුතු දැයි සිතන්න.

පවුලට අලුතෙන් අමුත්තෙක් එකතු වෙන්න යන බව දැන ගත්තහම දෙමාපියන්ගේ සිතේ කුතුහලය, ආදරය, නොයිවසිල්ල මේ හැමදෙයකින්ම හිත පිරී යනවා. ඒ තරමටම දන්න කියන හැම දෙනාම ගුරුගරුකම්, උපදෙස් අනාවැකි සහ අනෙකුත් ගර්භණී සමයේ මිත්‍යා කියන්න පෙළඹෙනවා.

සමහරුන් කළ යුතු නොකළ යුතු දේවල් ගැන කියාදෙනවා. අලුත් අම්මා කෙනෙකුගේ සිත මේ නිසා තරමක් ව්‍යාකූල වෙන්න පුළුවන්. ඔබට මෙවැනි දේවල් ඒ අතරින් අහන්න ලැබේදැයි බලන්න. ගර්භණී සමයේ මිත්‍යා ගැන ඇත්තටම ඔබ වදවිය යුතු දැයි සිතන්න.

ඇස් වලින් කුස තුළ ඉන්න දරුවා ගැන ස්කෑන් පරීක්ෂණ කරන මිත්‍යා මත ගැන අලුත් අම්මලා වදවිය යුතුද?

1. සිහිනෙන් නයි පෙනීම

සිහිනෙන් ගැබිණි මවකට නයි පෙනීම නිසා පුතෙකු ලැබෙන බව සමහරුන් කියනවා. නමුත් කිසිම තැනක විද්‍යාත්මකව එලෙස සනාථ කළ සත්‍යක් නැහැ. එහෙත් සුදුසුම දෙය වන්නේ මවකට සිහින පෙනීමට වඩා ඒකාකාරී සුව නින්දක් ලබා ගැනීමයි.

ඒ සඳහා සිත සන්සුන් කරගෙන නින්දට යාමෙන් නැතිනම් නින්දට පෙර කෙටි වෙලාවක් භාවනා කිරීමෙන් ඔබට සුවදායි නින්දක් ලබාගන්න පුළුවන්.

2. කිරි බිව්වොත් බබා සුදු වෙනවා

කිරි සුදු පාට නිසා බබා සුදුවෙන බවට කිසිඳු විද්‍යාත්මක පදනමක් නැහැ. අනික් අතට කිරි නිසා දරුවා සුදුවන බවට වෙනත් පදනමක් ඇත්තෙත් නැහැ. නමුත් කිරි පෝෂණයෙන් යුතු නිසා මවටත් දරුවාටත් නිරෝගී බව, ශක්තිය, පෝෂණය ලබාදෙනවා.

පෝෂණය පිණිස මිස මිත්‍යා මත නිසා අධික ලෙස කිරි බීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ.

3. අම්මා කැත වෙන්නේ පුතෙක් ලැබෙන්නයි

හුඟක් අම්මලා ගර්භනී සමය තුළ වෙනස් වෙනවා. සමේ පැහැය, ප්‍රමාණය, බෙල්ල යට කළු වීම, පිග්මන්ටේෂන් වැනි තත්වයන් ඇතිවන්නේ හෝර්මෝන වල වෙනස්කම් නිසයි. නමුත් මේ නිසා ඔබට කුසේ ඉන්න දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන තීරණය කළ නොහැකි බව මතක තබා ගැනීම වැදගත්.

බිරිඳව රැවටීම

4. අම්මා ලස්සන වෙලා දුවෙක් ලැබෙන්න වගේ

සමහර අම්මලා හිටියට වඩා ලස්සන වෙලා ඉන්න හැටි අපි දකිනවා. නමුත් එහෙම ලස්සන වෙන්නේ කුසේ ඉන්නේ දුවෙක් නිසා බව නම් කිසිම තැනක විද්‍යාත්මකව සනාථ කරලා නැහැ. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න ඔබේ පෙනුමට හැකියාවක් නැහැ. මේ වෙනස්කම් වලටත් හෝර්මෝන වල බලපෑම ඔබ ගන්නා විටමින් නිසා ඇතිවන බලපෑමක් වන්නට පුළුවන්.

5. ඇඹුල් ජාති කන්න හිතෙනවා

සමහර අම්මලාට ඇඹුල් ජාති කන්න මේ කාලයට ආසා හිතුනත් සමහරුන්ට එසේ නොවෙන්න පුළුවන්. ඉතින් නෑදයන් ඔබට ඇඹුල් ජාති ගෙනත් දුන්නම එය ප්‍රතික්ෂේප වුනොත් “අනේ ඇඹුල් ජාති අපිට ඔය කාලෙට හොඳට කන්න පුළුවන්” කියලා ටිකක් නෝක්කාඩුත් කියනවා.

නමුත් එකිනෙකාගේ රුචි අරුචිකම් පවා හෝර්මෝන වල වෙනස්කම් නිසා වෙනස් වන්නට පුළුවන්. ඉතින් ඔබ ඒ ගැන කලබල විය යුතු නැහැ.

6. උදේට වමනේ ගතිය දැනෙනවා නම් දුවෙක් ලැබෙයි වගේ

පළවෙනි මාස කිහිපය මවකගේ ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා ඔක්කාරය, වමනය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ ඇත්නම් අපේ සමහර කාන්තාවන් කියනවා දුවෙක් ලැබෙන්න පෙර නිමිති කියලා. සමහර අම්මලා මේ නිසා දුවෙකුට ආසා කරනවා නම් ඒ ගැන බලාපොරොත්තු තියා ගන්නවා.

නමුත් එහි විද්‍යාත්මක සත්‍ය බවක් නම් නැහැ. සමහර අම්මලාට මෙවැනි ලක්ෂණ පහළ වන්නෙම නැති තරම්.

ෆෝලික් ඇසිඩ්

මෙවැනි විවිධ මත විවිධ අය ඔබේ සිතට එක්කාසු කළත් නවීන ලෝකයේ දියුණු ක්‍රම බොහෝ ඇති බව ඔබ දැනටමත් දන්නවා. සමහර අය අනුමානය මත මෙලෙස මත පළ කළත් ඔබට ලැබෙන්නට ඉන්න දරුවා දුවෙකු වුනත් පුතෙකු වුනත් ඔබට ඔහු හෝ ඇය මැණිකක් බව පෙරලා ඔවුන්ට කියන්නට මැලි වන්න එපා.

කවුරු කෙසේ කීවත් දරුවා දරාගෙන ඉන්න ඔබට ඇති වෙහෙස වගේම පීඩනය ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඔබ ඔබේ සිතුවිලි ශක්තිමත් කරගෙන ඔබේ වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය සේවිකාවක් හෝ ඔබේ මව වැනි ළඟම අයෙක් විශ්වාස කිරීම ප්‍රමාණවත්. නමුත් ඔබ ශක්තිමත් මනසකින් ක්‍රියා කළොත් ඔබට විවිධ මත වලට වඩා නිරෝගී දරුවෙකු බිහිකර
ගන්නා හැටි හිතන්න පුළුවන්.

  • සුවබර නින්දක්
  • නිසි පෝෂණය
  • විවේකය
  • භාවනාව
  • සොඳුරු පරිසරයක ඇවිදීම
  • සතුටින් සිටීම
  • මිහිරි සංගීතයට ඇහුම්කන් දීම
  • දරු පැටියාට කතා කිරීම

වැනි සොඳුරු වටිනා දේවල් මේ කාලයේ එකතු කරගත්තොත් ඔබේ මැණික ලෝකයට වටිනා වස්තුවක් ලෙස එළිය ගෙන එන බව විශ්වාසයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ඇස් වලින් කුස තුළ ඉන්න දරුවා ගැන ස්කෑන් පරීක්ෂණ කරන මිත්‍යා මත ගැන අලුත් අම්මලා වදවිය යුතුද?
බෙදාගන්න :
  • ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

    ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

    ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්‍රයෝජන 7 ක්

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it