ගර්භණී සමය පහසු කරගන්න කවුරුත් නොකියන මේ කාරණා ගැන සැලකිලිමත් වන්න

lead image

පෝෂණීය ආහාර ගන්න.ව්‍යායාම කරන්න. දුම් පානය හා මධ්‍යසාර ගැනීම නොකළ යුතු බව තමයි ඔබට නිතර කවුරුත් කරන අවවාද වල තියෙන්නේ. හැබැයි ඔබට කවුරුත් වැඩිය නොකියන මේ කරුණු 5 ගැන හිතුවද?

ගර්භණී සමය පහසු කරගන්න මේ කාරණා පිළිපැද්දොත් ඔබට පුළුවන්

1. දෙන්නෙකුට කන්න එපා

බොහෝ දෙනෙක් කියන්නේ දැන් ඔබ තුළ තවත් කෙනෙක් වැඩෙන නිසා දෙදෙනෙකුට කන්න ඕනේ කියලයි. එහෙත් ගර්භණී සමය පහසු කරගන්න ඔබ එසේ කළ යුතු නැහැ.

ඔබ ගර්භණි තත්වයට පත් වන විට නිසි බර ප්‍රමාණයෙන් හිටියොත් ඔබටත් දරුවටත් අමතරව අවශ්‍ය වන්නේ තවත් කැලරි 300 ක් පමණයි.

ඇපල් ගෙඩි 3 ක්, පිනට් බටර් හෝ කිරි වැනි දේවල් වලින් මේ ප්‍රමාණ ලබාගන්න පුළුවන්.

උවමනාවට වඩා ආහාර ගත්තොත් දරුවා උවමනාවට වඩා වර්ධනය වෙන්න පුළුවන්.

මේ නිසා ප්‍රසූතිය ඔබ දෙදෙනාටම අහිතකර, අමාරු අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ ගැන ඔබට ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න පුළුවන්.

2. පැත්තට නිදාගන්න

පළමු මාස තුනේ සිටම පැත්තට ඇලවි නිදාගන්න හුරුවෙන්න. නැතිනම් දෙවන කාර්තුවේදී කොන්දට බරදී නිදාගනනව.

මේ නිසා වැඩෙන පැටියාට අවශ්‍ය රුධිරය සංසරණ ක්‍රියාවලිය අවහිර තත්වයන්ට ලක්වෙන්න පුළුවන්.

ඒ වගේම කොන්දේ වේදනාවන්ට වුවත් ලක් වෙන්න පුළුවන්. ඒ වගේම වැඩෙන දරුවා සමග ශරීරයේ ඇති තරමක් විශාල ස්නායුවක් වන මහා ශිරා ස්නායුව තෙරපීමකට ලක් වන්නට පුළුවන්. එසේ  වුනොත් ඔබේ ශරීරයේ රුධිර සංසරණයට එය බලපානවා.

ඒ වගේම එය අධි රුධිර පීඩනයටත් බලපෑමක් විය හැකියි. ඒ නිසා පැත්තට හැරී නිදාගැනීමට හුරු වීම මේ බොහෝ ගැටළු අවම කරන්න උදවු වෙනවා.

 3. ගෙදර ඉන්න සුරතල් සතුන් ගැන සැලකිලිමත් වෙන්න

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගෙදර සුරතලුන් ඇති කරන්න එපා කියලා හිතන්න බැහැ.

එත් ඔබේ ගෙදර සුරතලයට පූසන් ඇති කරනවා නම් උන්ගේ මූත්‍රා වල toxoplasmosis කියන පරිපෝෂිතයන් ඉන්නවා.

ඔබ ගර්භණි කාලයේ toxoplasmosis රෝගයට ගොදුරු වුනොත් එය දරුවාගේ බුද්ධි වර්ධනයට විශේෂයෙන් මෝටර් තාක්ෂණික හැකියාවන් වර්ධනයට බලපෑම් ඇති කරනවා.

ඒ වගේම දරුවාගේ අන්ධ භාවයට හා මළදරු උපත් වලට ලක් වෙන්න  පුළුවන්. 

ඒ නිසා වෙනදාට වඩා ඔබ පිසින හා මිලදී ගන්නා ආහාර පිලිබඳ සැලකිලිමත් වීම හරිම වටිනවා. කුණු අස් කිරීම කරන්න වෙනවා නම් අත් ආවරණ පළඳින්න අමතක කරන්න එපා. ඒ වගේම සුරතලා සුරතල් කරන හැම වාරයකම අත් ඉතා හොඳින් සෝදන්න අමතක කරන්න එපා.

 4. ගර්භණී සමය පහසු කරගන්න, මුඛ සෞක්‍ය ගැන වැඩියෙන් උනන්දු වෙන්න

ගර්භණි කාලය තුළ ඔබේ දත් නිතර පිරිසිදුව තබාගන්න සහ මුඛයේ රෝග හා ඒ පිළිබඳව ප්‍රවේසම් විය යුතුයි. මේකට හේතුව තමයි හෝර්මෝන වල වන වෙනස්කම් නිසා ඔබේ විදුරුමස් ඉතා සංවේදී වීමෙන් රෝගවලට ගොදුරු වන අවධානම වැඩි වෙනවා.

විශේෂයෙන් මේ කාලය තුළ සංවේදී බව නිසා බැක්ට්ක්රියා ආසාදනයන්ට ලක්වීමේ අවධානම වැඩි වෙනවා. ඒ වගේම දත් වල ඇති වන අසාදන නිසා දත් වලට සම්බන්ධතා ඇති අනෙකුත් ඉන්ද්‍රියන්ට එයින් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්.

ඔබ ළඟකදී ඔබේ දන්ත වෛද්‍යවරයා මුණගැසී නැත්නම් වහාම ඊට කාලය හා දිනය වෙන් කරවා ගන්න. 

5. ඔබට නියමිත එන්නත් නිසි කළ ලබාගන්න

ගර්භණී සමය පහසු කරගන්න නියමිත එන්නත් හැකි ඉක්මනින් ලබාගැනීමට කටයුතු කරන්න.

ඔබට ඉතා කඩිනමින් ලබාදිය යුතු එන්නත් ඇත්නම් ඒවා ගැන වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.

ඊට අමතරව හෙපටයිටිස් A සහ B වැනි එන්නත් නිසි කලට ලබාගැනීම වටිනවා. ඒ වගේම ටෙටර්නස්, ඩිප්තීරියා, TDAP වැනි එන්නත් ලබාගැනීම වැදගත් වෙනවා. ඉන් ඔබත් දරුවත් ආරක්ෂා වෙනවා.

ඔබේ පැටියාට ලැබෙන ආරක්ෂාව ගැන ඔබ මුල සිටම සැලකිලිමත් වෙන්නම ඕනේ. නැත්නම් එහි අතුරු ඵල ජීවිත කාලයටම ඔබටත් දරුවාටත් විදින්න වෙයි.

මේ නිසයි theAsianparent Sri Lanka අපි ඔබව මේ ගැන දැනුවත් කරන්න හිතුවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent