theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

3 අවම කියවීම
ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය දාහතරවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී අවදිය දාහතරවන සතිය (pregnancy week 14)  වන විට ඔබේ දරුවාගේ  මුහුණේ හැගීම්  මොන  වගේද? ඔහුට  චලනය වෙන්න පුළුවන්ද? කියලා ඔබට හිතාගන්න පුළුවන්ද?

අම්මා, ඔබට නම් මව් පදවිය ගැන දැනුම සොයායන්න කාලයයි මේ.ඒ පිළිබඳ පැවැත්වෙන  පංති  ගැන සොයා බලන්න.

ගර්භණී අවදිය දාහතරවන සතිය (pregnancy week 14) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

pregnancy week 14

දාහතරවන සතිය (pregnancy week 14) වන විට පැටියා පේර ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය දාහතරවන සතිය (pregnancy week 14) තුළ කළලයේ වර්ධනය

  • ඔබේ දරුවාගේ රසාංකුර සත්වන සතිය වන විට සංවර්ධනය ආරම්භ වුවද මේ අදියර වන විට ඔහුට තිත්ත, පැණි රස වගේම ඇම්නියොටික් තරලයේ ඇති ඇඹුල් රසවල් රස විදිය හැකිබව පරීක්ෂණ මගින් පෙන්වා දෙනවා.
  • මේ සතිය අවසන් වෙන විට ඔහුගේ උඩුතල්ල සම්පුර්ණයෙන්ම නිර්මාණය වී අවසන් වේවි.
  • වැඩිදියුණු වු මොළයේ ආවේගයන් ඔහුගේ මුහුණේ මස්පිඩු ක්‍රියාකරන බව පෙන්වා දෙනවා. ඔහු දැන් මුහුණෙන් හිනාව, තරහා, වේදනාව පිළිඹිබු කරනවා.
  • ඔහුගේ හිස මත දැන් කෙස් වැවිලා. අපි හිස කෙස් ගැන කතා කරන අතර මෘදු රෝම තට්ටුවක් ඔහුගේ සිරුර පුරා වර්ධනය වෙනවා.. මව්වරුනි, මේ රෝම ගැන වදවෙන්න එපා. ඉදිරි සති වලදි ඒවා හැලී යාවී.
  • ඔහුගේ වකුගඩු මුත්‍රා නිෂ්පාදනය ආරම්භ කරනවා.
  • මේ සතියේ රසවත්ම තොරතුර වන්නේ ඔබේ පුංචි පැටියා, මහපට ඇගිල්ල උරමින් හා කකුලේ පුංචි ඇගිලි සොලවමින් ඔහුගේ අත් පා පරීක්ෂා කිරීමයි.

දාහතර වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ කුස දැන් කැපී පෙනෙන නිසා “ඔබ ගැබ් ගෙනද” කියා කවුරුත් අසාවි. 
  • ඔබට දැන් කුසගින්න දැනෙනවා. ඔක්කාර ගතිය පහව ගිහින්.
  • ඔබේ ආහාර රුචිය නැවත ලැබෙන නිසා ඔබේ ශක්ති මට්ටම නැවත ඉහල යාවි. (ඔබට ලැබෙන මේ සතියේ ඇති වැදගත්ම ආරංචිය මෙයයි.)
  • ඔබට වේදනා අමාරු දැනෙන අතර විශේෂයෙන් කොන්ද හා උදර ප්‍රදේශ දැනෙන්න පුළුවන්.  ඒ ඔබේ වර්ධනය වන දරුවාට ඉඩකඩ ලබාදීමට මස්පිඩු හා අස්ථි බන්ධන ඇදීම නිසායි.
  • ගර්භණී සමයේ අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රතිලාභයක් වන ඝන, දිදුලන බව ඔබගේ හිසකෙස් වලට ලැබෙනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • කොන්දේ කැක්කුම වළක්වාගැනීමට කොන්ද ඍජුව තබාගෙන වාඩිවීමට මතක තබාගන්න. ඒ වගේම සැහැල්ලු යෝගා, ආරක්ෂිත ව්‍යායාම උපකරණ ඔබට දැනෙන අපහසුතාවය නැති කර දමාවි. විශේෂයෙන් ඔබගේ සන්ධි පෙරට වඩා ලිහිල් බැවින් ඔබව වැටෙන්න හැකි ප්‍රබල ව්‍යායාම වල යෙදීමෙන් වළකින්න.
  • ඔබේ ආහාර රුචිය නැවත ලැබී ඇති බැවින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මාරුවෙන්න. තෙල්, මේදය සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබේ ආහාර රුචිය හ ශක්තිය නැවත ලැබී ඇති බැවින් ප්‍රසුතිය සදහා ඔබේ සිරුර සුදානම් කර ගැනීමට මාතෘත්වය සදහා වන ව්‍යායාම පංති සදහා සහභාගී වන්න.
  • දැන් ගර්භණිත්වයට ගැලපෙන විලාසිතා තෝර ගන්න සුදුසු කාලය එලඹිලා.

 

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදියදහතුන්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදියපහළොස්වන සතිය

 

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය : නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය දාහතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හතරවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it