ගර්භණී අවදිය දහසයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය දහසයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ දහසයවන සතියයි.

ගර්භණී අවදිය 16වන සතිය (pregnancy week 16): දැන් ඔබේ දරුවා  ඇහි බැම සහ ඇහි පිහාටු  නිර්මාණය වී තියෙනවා. විශ්වාස කරන්න අමාරුයි නේද? 

අම්මේ, ඔබත් බොහෝ විට “ගර්භණීත්වයේ බැබලීම” අත්විඳිනවා. ඒ ගැන සතුටු වෙන්න. ගර්භණී අවදිය දහසයවන සතිය වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී අවදිය 16වන සතිය (pregnancy week 16) තුළ කළලයේ වර්ධනය
pregnancy week 16

ගර්භණී අවදිය 16වන සතිය (pregnancy week 16) වන විට පැටියා අලිගැට පේර ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

  • ඔබේ දරුවා ඔහුගේ මාංශපේෂින්, විශේෂයෙන් ඔහුගේ මුහුණේ හා පිටුපස මාංශපේෂින් ශක්තිමත් කරගනිමින් සිටිනවා. 
  • ඔබේ දරුවාට මූණේ ඉරියව් දක්වන්න පුළුවන්.
  • ඔහුගේ ඇස් පියන් වලට ආලෝකය හදුනා ගන්න පුළුවන්.
  • මේ අදියරේදී ඔහුගේ ඇහිබැම, ඇහිපිහාටු සම්පුර්ණයෙන්ම වර්ධනය වී අවසන් වෙනවා.
  • ඔබේ දරුවාගේ කන්වල, කුඩා අස්ථී වර්ධනය වන අතර ඔහුගේ සවන්දීමේ හැකියාව සංවර්ධනය වීම ආරම්භ වෙනවා.
ගර්භණී අවදිය 16වන සතිය (pregnancy week 16) ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • දරුවාගේ චලනය යන්තමින් ඔබට දැනෙන්න ඉඩ තියෙනවා. මෙම චලනයන් තවමත් ඉතා මෘදුයි.
  • ඔබේ පෙණහලු කාර්‍යබහුල වෙන්න පටන් ගනිවි.
  • ඔබේ ගර්භාෂය ඔබේ බඩවැල් මත තෙරපීම නිසා මල බද්ධය වැනි තත්වයන්  ඇතිවෙන්න පුළුවන්.
  • ඔබගේ හිසකෙස් සහ නියපොතු වේගයෙන් වර්ධනය වෙනවා. ඔබේ කොණ්ඩය පෙරට වඩා දීප්තිමත් වෙනවා. “ගර්භණීත්වයේ සුන්දරත්වය ” මේ කාලයේ ඇතිවේවි.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබේ පිටුපස හා ශ්‍රෝණි මාංශ පේශිවලට අමතර තෙරපුමක් ඇතිවෙන අතර ඒවා ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම කරන්න.
  • ඔබ දිගටම හොඳින් ආහාරයට ගත යුතු අතර සෞඛ්‍යයට අහිතකර විදියට ආහාර ගැනීමෙන්  වළකින්න.
  • ඔබේ සම වියළිමට හා කැසීම් ඇති වීමට හැකිය. එබැවින් හොඳ මොයිස්චරයිසර් එකක්  භාවිතා කරන්න. කැසීමෙන් වළකින්න.
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබේ පුංචි පැටියාට දැන් ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ  නිසා  ඔබේ සැමියා,  ඔහුට  කතා කිරීමට සුදුසු කාලය එළඹ තිබේ. එවිට දරුවා තම පියාගේ කටහඩ හදුනාගන්න පටන් ගන්නවා.
  • මාතෘත්වය පිලිබඳ පංති හා දැනුවත් වීමේ වැඩසටහන් වලට යොමුවෙන්න.
  • ගර්භණිත්වය සමග අමතකවීම් ඇතිවිය හැකි බැවින් කරන්න ඇති දේවල් ලැයිස්තු ගත කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය පහලොස්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දාහත්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera