ගර්භණී අවදිය දාහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ දාහත්වන සතියයි.

ගර්භණී සති 17: දැන් ඔබේ දරුවා ශක්තිමත් වෙනවා. ඔහුගේ ඇදෙන සුළු කාටිලේජ ශක්තිමත් අස්ථි වෙමින් පවතී. ඔහුගේ පෙකණි වැල දැන් ශක්තිමත් වන අතර ඝනකමින් යුක්තය. අම්මේ, ඔබත් ගර්භනී මේ අවධියේදී උස සපත්තු පැලදීම සුදුසු දැයි සැලකිලිමත් වන්න.

ගර්භණී සති 17: මේ වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 17

ගර්භණී සති 17 වන විට පැටියා ලොකු ලූණු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

මේ සතිය තුළ කළලයේ වර්ධනය

  • ඔබේ දරුවාගේ ශ්වසන මාර්ගය ඇම්නියොටික් තරලය වෙනුවට ඔක්සිජන් ලබා ගන්න දැන් සූදානම්.
  • ඔහුගේ අස්ථි සකස්වීමට වීමට පටන් අරන්. මුලින්ම ඔහුගේ කකුල් සහ කනේ අභ්‍යන්තරයේ අස්ථි
    සකස්වෙනවා.
  • ඔහුගේ ස්නායු දැන් මයලීන් සකස් කරනවා. එය නම් ප්‍රෝටීන් හා මේද ද්‍රව්‍ය වලින් යුතු ආරක්ෂිත ස්තරයක්
    වන අතර විද්‍යුත් ආවේගයන් ඉක්මණින් හා කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරීම සඳහා ස්නායු ආවරණය කරනවා.
    මෙය උපතින් පසු ඔහුගේ ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය වේ.
  • ඔහුගේ පෙකණි වැල වඩාත් ශක්තිමත් හා ඝනකම් වෙමින් පවතිනවා.
  • ඔබේ වෛද්‍යවරයා ඔබේ පුංචි පැටියාගේ හෘද ස්පන්දනයට සවන් දෙන නිසා ස්කෑන් පරීක්ෂණය වඩාත්
    උද්වේගජනක වේවි.

ගර්භණී සති 17: ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ දරුවා වැඩෙත්ම, ඔබේ බර වැඩිවෙනවා .ඊට සූදානම් වන්න.
  • භයානක දිගු ඇදුනු සලකුණු සමේ සටහන් කරන කාලය මෙයයි.
  • යෝනී ශ්‍රාව, දහඩිය සහ ශ්ලේෂ්මල තරල සංසරණය වැඩිවීම නිසා ඔබේ සිරුරේ වැඩි රුධිර සංසරණය,
    වැඩිවෙනවා.
  • මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ඔබේ වෛද්‍යවරයා හමුවීම වී ඔබ ලබා ගන්නා විටමින් අතිරේක සියල්ලම ඔබේ සහ ඔබේ දරුවාගේ පෝෂක
    අවශ්‍යතා සපුරාලන්නේ දැයි විමසා බලන්න.
  • ඔබ තවමත් උස් අඩි පාවහන් පැළඳ සිටින්නේ නම්, අඩිය අඩු හෝ පැතලි පාවහන් වලට මාරු වෙන්න. ඔබේ
    අතිරික්ත බර නිසා ගුරුත්ව කේන්ද්‍රය මාරු වී ඇත.

පිරික්සුම් ලැයිස්තුව

• දුවෙක්ද, පුතෙක්ද කියා දැනගන්න ඔබට අවශ්‍යද යන්න ඔබ සහ ඔබේ සැමියා විසින් තීරණය කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දහසයවන සතිය ගැන කියවුනා.

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහඅටවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner