ගර්භණී අවදිය දහඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ ගෙවන්නේ දහඅටවන සතියයි.

ගර්භණී සති 18 (pregnancy week 18): බතල අලයක ප්‍රමාණයෙන් යුත් ඔබේ පුංචි පැටියා දැන් දගකාරයෙක්. ගර්භාෂය තුල ඔහුගේ කුසලතා ඔබට දැනෙන්න සලස්සාවි. අම්මේ, ඔබ වඩාත් සුවපහසු බවක් අත් විදීමට සඳහා කොන්ද අමාරුවට පිළියමක් වන ඔබට වඩාත් සුදුසු නිදාගැනීමේ ඉරියව් කුමක්දැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය ඇති.

ගර්භණී සති 18 (pregnancy week 18) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 18

ගර්භණී සති 18 (pregnancy week 18) වන විට පැටියා බතල අලයක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 18 (pregnancy week 18) තුළ කළලයේ වර්ධනය

  • ඔබගේ පුංචි පැටියා ඔබේ ගර්භාෂය තුල පෙරලෙමින්, අත් පා නමමින් චලනය වෙනවා. ඔන්න දැන් ශක්තිමත් පා
    පහරවල් හා ස්පර්ශයන් විදීමට සූදානම් වන්න.
  • ඔහුට දැන් ඈනුම් යවන්න පුළුවන්. එබැවින් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් අතරතුර ඔබට මෙය දකින්න
    හැකිවේවි.
  • ඔබේ දරුවාගේ ශ්‍රවණ හැකියාව හොඳින් වර්ධනය වී තිබේ. ඒ නිසා හදිසි විශාල ශබ්ද වලින් වළකින්න.
  • ඔබ කුස තුල සිටින්නේ පිරිමි දරුවෙකු නම් ඔහුගේ ලිංගික අවයව දැන් හදුනාගත හැකි පරිදි සකස් වී අවසන්. ඔබ
    කුස තුල සිටින්නේ ගැහැණු දරුවෙකු නම්, ඇගේ ඩිම්බ කෝෂ දැනටමත් ඩිම්බ වර්ධනය වෙමින් පවතී.
  • දහඅටවන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබ අතිශයින්ම කුසගින්න දැනේ. ඔබේ දරුවාගේ වේගවත් වර්ධනය නිසා ඔබට නිතර කුසගින්න ඇති වෙනවා.
  • ඔබේ අත් සහ පතුල් ඉදිමීමට ලක්වේවී. මෙම කරදරකාරී තමයි නමුත් එය සාමාන්‍යයි.
  • ඔබේ දරුවා වේගයෙන් වැඩෙත්ම, ඔබේ කොන්දට විශාල තෙරපුමක් ඇති වන නිසා කොන්දේ වේදනාවක් ඇති
    කරනවා. එය සමනය කළ හැකි ක්‍රම තියෙනවා.
  • ඔබේ නාසයේ නහර මත ඇති වන පීඩනය වැඩිවන නිසා ඔබගේ නාසයේ ලේ ගැලීම් ඇතිවෙන්න පුළුවන්.
  • ඔබ කකුලේ මස්පිඩු පෙරලීම් ද ඇති වෙන්න පුළුවන්, ඒනිසා නිතර ජලය පානය කරන්න 

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • කෙළින් ඉඳ ගැනීම සහ ප්‍රසව යෝගා වැනි සැහැල්ලු ව්‍යායාම වල යෙදීම මගින් කොන්දේ කැක්කුම වලක්වා
    ගන්න.
  • ඔබේ ප්‍රසාරණය වන ගර්භාෂය උදරය පිටුපස ඇති නහර වලට පීඩනයක් ඇති කරනවා. ඔබේ හොඳම විසදුම
    ඔබ පැත්තට හැරී නිදා ගැනීමයි. ඔබ උඩුකුරුව නිදාගැනීමෙන් ඔබේ හදවතට යන රුධිර ප්‍රමාණය අඩු වී ක්ලාන්ත
    ගතියක් ඇතිවෙන්න පුළුවන්.
  • ඔබේ අත් සහ පාද නිතරම ඉදිමී ඇති නම් අතිරික්ත තරල ඉවතට ගන්න එම අත් පා උස් මට්ටමකින් තබා ගන්න.
  • කනස්සල්ලෙන් නිසා ඔබට හොද නින්දක් නොලැබේ නම්, නින්දට පෙර මනස සැහැල්ලු කරන ආශ්වාස ක්‍රම
    අත්හදා බලමින් සුව නින්දක් ලගා කරගන්න. ( භාවනා කිරීම)

පිරික්සුම් ලැයිස්තුව

  • සුවදායක ගැබිනි සමයක් සදහා ගර්භණිත්වයට ගැලපෙන මෘදු සම්බාහනය මගින් සැහැල්ලුවක් අත්විදින්න.
  • ඔබේ මාතෘ රක්ෂණය පිලිබඳ ගැටළු විසදා ගැනීමට හොඳම කාලය මේ සතියේ සිට සති 20 දක්වා කාලය වේ.
  • ඔබට සේවිකාවන් සුදානම් කරගෙන අවසන් කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දාහත්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහනවවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner