ගර්භණී අවදිය දහනවවන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

ගර්භණී සති 19 කළලයේ වර්ධනය සති සටහන දැක්වෙන මේ ලිපිය මව්පදවිය බලාපොරොත්තුවෙන් සිටින අම්මලාට අගනා දැනුවත් කිරීමක්.

ගර්භණී සති 19 (pregnancy week 19): බොහෝ දේ සිදුවෙමින් පවතින බව ඔබට දැනෙන්න පුළුවන. ඔබේ පුංචි පැටියාගේ චලන සහ ඉහල යන වේදනාවන් අතර විවේකයක් ගැනීමට අමතක කරන්න එපා. මානසික ආතතියට ඇදේ සිටම යෙදිය හැකි හොදම ඔසුව භාවනාවයි.

ගර්භණී සති 19 (pregnancy week 19) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 19

ගර්භණී සති 19 (pregnancy week 19) වන විට පැටියා අඹ ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 19 (pregnancy week 19) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාගේ සමේ වර්ණය තීරණය කරන වර්ණක වර්ධනය වීම ආරම්භ කර තියෙනවා. ඇම්නියොටික්
    දියරයෙන් සම ආරක්ෂා කර ගැනීම සදහා තුනී ඉටි වැනි ද්‍රව්‍යයක් වන වර්නික්ස් කැසෝසා නම් ද්‍රව්‍යයෙන් ඔහු
    ආවරණය වෙනවා.
  • ඔහුගේ හිස් කබල මත හිසකෙස් වර්ධනය වෙන්න පටන් අරන්
  • ඔබේ දරුවාගේ සංවේදනය වර්ධනය වෙනවා. ඔහුගේ මොළය සුවඳ, රසය, ශ්‍රවණය, පෙනීම සහ ස්පර්ශය
    සඳහා විශේෂිත ප්‍රදේශ වෙන්කරනවා.
  • පර්යේෂණයන්ට අනුව ඔහුට දැන් ඔබේ කටහඩ ඇහෙනවා .ඒ නිසා ඔබේ දරුවා සමඟ කියවන්න, සිංදු කියන්න, හෝ කතා කරන්න. ඒ ගැන ලැජ්ජා වෙන්න එපා.
  • ඔහුගේ වකුගඩු දිගටම මුත්‍රා නිෂ්පාදනය කරනවා.

දහනවවන සතියේ (pregnancy week 19) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ කුස වේගයෙන් වර්ධනය වෙනවා. එබැවින් ඔබේ ප්‍රසාරණය වන ගර්භාෂයට ආධාරක වන බන්ධන කොටස් නිසා උදරයේ වේදනා දැනේවි.
  • ඔබේ පුංචි දගකාරයාගේ චලනයන් සඳහා ඔබ පුරුදු වේවී. ඒ වගේම ඔබේ පුංචි පැටියාගේ පා පහරවල් ඔබව
    පුදුමයට පත් කරාවි. උණුසුම් පාන වර්ග පානය කිරීමේදී ඔබේ කුස ප්‍රවේශම් කර ගන්න.
  • ඔබේ වැඩිවන කුස ආහාර ජිර්ණය සම්බන්ධ ගැටලු ඇති කරයි. එය වළක්වා ගත හැකි ක්‍රම තිබේ.
  • මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • විදීම සහ සරල ව්‍යායාම මගින් වේදනාව අවම මට්ටමක පවත්වා ගන්න.
  • ඔබට ක්ලාන්ත ගතියක් දැනෙන්නේ නම්, අසුන් ගෙන ගැඹුරු හුස්මක් ගන්න. නැත්නම් භාවනා කරන්න.
  • රාත්‍රියේදී ඇතිවෙන උකුලේ වේදනාවන් ඔබට පීඩාකල හැකිය. ඒ නිසා ඔබගේ දණහිස් අතර කොට්ටයක් තබා
    ගෙන නින්දට යන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබගේ පුංචි දගකාරයාගේ පුංචි ප්‍රහාර විදගැනිමට ඔබේ සහකරු දිරිගන්වන්න. මේ දරුවා සමඟ ඔහුට
    සම්බන්ධ වීමට මෙය හොඳ ක්‍රමයක්.
  • ඔබේ දරුවා සඳහා නම් තෝරා ගැනීම ආරම්භ කරන්න. එය හිතන තරම් පහසු නොවේ.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය දහනවවැනි සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner