theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

3 අවම කියවීම
ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ ගෙවන්නේ විසිවන සතියයි.

ගර්භණී සති 20 (pregnancy week 20): සුභ පැතුම් අම්මේ! ඔබ දැන් ඔබේ ගර්භණිත්වයේ ගමන් මගේ අඩක් සම්පුර්ණ කර අවසන්, ඔබේ දරුවාට ඔහුගේ ඇස්වලින් කළ හැකි දේ ගැන මෙන්ම ඔබට දැන් කළ හැකි විනෝද ක්‍රියාකාරකම් මොනවාදැයි සොයා බලන්න.

ගර්භණී සති 20: පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී අවදිය විසිවන සතිය

විසිවැනි සතිය (pregnancy week 20) වන විට පැටියා කෙසෙල් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය විසිවන සතිය (pregnancy week 20) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

• ඔබේ දරුවාගේ සම ඝනකම් වෙන්න පටන් අරන්. මේ සතියේ එහි ස්ථර සංවර්ධනය වෙන්න පටන් ගන්නවා.

• බොහෝ ළදරුවන්ගේ ඇස් තවමත් විවෘතව වෙලා නැහැ. ඒත් ඔහුගේ සම වයසේ මිතුරන්ගේ දෑස් විවෘතව වෙලා
තියෙන්න පුළුවන්.

• ඇම්නියොටික් තරල විශාල ප්‍රමාණයක් ඔහු ගිලින අතර එය ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියට යහපත් වේ.

• මැකෝනිම් නම් කළු, ඇලෙන සුළු ද්‍රව්‍යයක් ඔහුගේ බඩවැල් වල එකතුවී තියෙනවා. උපතෙන් පසු ඔහු මේවා
බැහැර කරනවා.

• ඔහුගේ රස අංකුර ක්‍රියා කරනවා. ඔබේ ස්කෑන් පරීක්ෂණයේදී ඔහුගේ තොල් වලින් රස කරනවා දකින්නේ නම්
ඔබ අවසන් වරට ආහාරයට ගත් දේවල් වලට ඔහු කැමතියි.

• ඔබට ගැහැණු දරුවෙක් දරා සිටි නම්, ඇයගේ ගර්භාෂය සකස් වී අවසන් .ඒ වගේම යෝනි මාර්ගය සංවර්ධනය
වෙමින් පවතිනවා. ඔබට පිරිමි දරුවෙක් දරා සිටී නම්, ඔහුගේ වෘෂණ කෝෂය තවම වර්ධනය වී නැහැ. නමුත්
ඔහුගේ වෘෂණ කෝෂ පහත් වීමට පටන්ගෙන තියෙනවා.

විසිවන සතියේ (pregnancy week 20) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • දැන් සතියකට කිලෝග්‍රෑම් භාගයක් පමණ ස්ථාවර බර වැඩිවීමක් ඔබ ලබාගන්නවා.
  • ඔබේ නින්දට බාධා ඇති වෙනවා. ගර්භාෂය ඔබගේ පෙකණිය හා එක පෙලට පිහිටන ඇති අතර ඒ නිසා එක්
    පැත්තකට හැරී නිදා ගැනීම ටිකක් අපහසුයි.
  • ත්‍රෛමාසිකයේ වු තෙහෙට්ටුව සහ ඔක්කාරය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගිහින් (සුබ ආරංචියක් නේද)
  • ඔබගේ ලිංගික ආශාව වැඩි වෙනවා. ඒ නිසා ඔබේ සහකරු සමඟ ඒ සම්බන්ධව පියවරක් ගැනීම දෙදෙනාටම යහපත් වේවී.
  • ඔබගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවේ. එය හානිකර නැහැ. නමුත් ඔබගේ ගර්භනී කාලය අවසන් වන
    තෙක් පවතිනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබේ බර වැඩිවීම ගැන පරීක්ෂාකාරි වන්න. ඔබ ගර්භණීභාවය පටන් ගැන්මේදී බර අඩුයි නම් ඔබ තව ටිකක්
    බර වැඩි කර ගත යුතුය. ඔබ අධික බරින් යුක්ත නම් ඔබගේ බර වැඩිවීම පාලනය අවශ්‍ය වේ.
  • වේදනා හා කැක්කුම් අවම කර ගැනීමට ව්‍යායාම කරන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • තවමත් විෂමතා පරීක්ෂා කිරීමේ ස්කෑන් පරීක්ෂණයක් කර ගත්තේ නැද්ද? එය කළ යුතුයි. ඔබේ දරුවාට පා
    පහර, චලනය වීම හෝ ඔහුගේ මාපටැඟිල්ල ඉරීම ඔබට දැක ගත හැකි විම ඉන් ලැබෙන වාසියක්, ඔබ ඔබේ  සහකරු සමඟ එයට යන්න. එය ඔබ දෙදෙනාටම ආශ්වාදජනක අත්දැකීමක් වේවී.
  •  ගර්භණිත්වයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සදහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගන්න.
  • ඔබේ ගර්භණී සමයේ ලබාදෙන විටමින් ඉතා උනන්දුවෙන් ලබා ගන්න.
  • සංචාරයක් යන්න හිතනවා නම් දෙවන ත්‍රෛමාසිකය ඒ සදහා හොඳම කාලයයි. ඔබේ සංචාරය වෛද්‍යවරයා
    දැනුවත් කර ඒ සදහා සුදානම් වන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය දහනවවැනි සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිඑක්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it