ගර්භණී අවදිය විසිඑක්වන සතිය කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිඑක්වන සතිය කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ විසි එක්වන සතියයි.

ගර්භණී සති 21 (pregnancy week 21): දැන් ඔහුගේ හිස් මුදුනේ සිට පුංචි පතුල් දක්වා මැනිය හැකි බව ඔබ දැන සිටියාද? ඔබ, අම්මේ, සමේ ඇදුනු සලකුණු හා නහර ගැට ගැසීමට කුමක් කල හැකිදැයි සොයා බලන්න.

ගර්භණී සති 21 (pregnancy week 21) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 21

ගර්භණී සති 21 (pregnancy week 21) වන විට පැටියා ජම්බෝල ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය විසිඑක්වන සතිය (pregnancy week 21) තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • ඔබේ දරුවා ඇහිබැමි සහ ඇස් පියන් සකස් වෙලා. ඒ නිසා ඔහුට ඇස් පියන් චලනය කරන්න පුළුවන් ( ඇස් පියන්න වහන්න හා අරින්න)
  • දැන් ඔබේ දරුවා අලුත උපන් බිළිදෙක් තරම් වේලාවක් එනම් දවසකට පැය 12 සිට 14 දක්වා නින්දක් ලබා
    ගන්නවා.
  • ඔබ ආහාරයට ගන්නා දේවල් සහ ඇම්නියොටික් දියරයට ඇතුළු වන දේවල් මත පදනම්ව විවිධ රසයන් රස බැලීමට ඔබේ දරුවාගේ රස අංකුර වලට පුළුවන්.
  • මුලින් යන්තමින් දැනුන චලනයන් මෙන් තීව්‍ර වෙමින් පවතිනවා. ඔබට දැන් ඒවා වඩාත් දැනෙන්න පුළුවන්.
  • ඔහුගේ ඇට මිදුළු, අක්මාව සහ ප්ලීහාව ක්‍රියා කිරීමට පටන් අරන්
  • ඔබ ගැහැණු දරුවෙක් දරා සිටි නම්, දැනටමත් ඇයගේ ගර්භාෂයේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය ඩිම්බ
    සැපයුමක් ඇත.
විසිඑක්වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • සමේ ඇදුනු ලකුණු පේනවා. ඔබේ සම ඇදෙන විට එය සිහින් වන අතර කැසීම ඇති වෙනවා. නමුත් කණගාටු වෙන්න එපා. එම ලකුණු කළමනාකරණය කරන්න පුළුවන්.
  • සම මත තෙල් නිෂ්පාදනය වැඩි වීම නිසා ගර්භණී කාලයේ කුරුලෑ ඇතිවේ.
  • නහර ගැට ගැසීමට හේතුවෙන ශිරා රුධිර නහර ඔබට දකින්න පුළුවන්. ඔබේ ගර්භනීභාවය වැඩිවෙත්ම ඔබේ
    කකුල් වල රුධිර නාල තුල පීඩනය ඉහල යන අතර වැඩිවුන ප්‍රොජෙස්ටරෝන් මට්ටම නිසා රුධිර නහර ලිහිල් වී
    ඉහත තත්වයට හේතු වේ.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ගර්භණීභාවය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමටත් වෙනත් මවුවරුන් සමග අදහස්, අත්දැකීම් බෙදාගැනීමටත්
    පූර්ව ප්‍රසව සායන සදහා සම්බන්ධ වන්න.
  • ඔබේ සම තෙල් රහිතව තබා ගැනීම සඳහා මෘදු ක්ලෙන්සර් භාවිතා කර මුහුණ නිතරම සෝදන්න. ගර්භණී
    සමයේ රුව රැකගැනීමට මෙය සති පතා කරන්න.
  • නහර ගැට ගැසීම වැළැක්වීමට හෝ අවම කිරීමට දිනපතා ව්‍යායාම කරන්න. ඒ වගේම හැකි සෑම විටම ඔබේ
    පාද ඉහළට ඔසවා තබන්න.
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබේ දරුවා සමඟ කතා කිරීමට ඔබේ සහකරු දිරිමත් කරන්න. එමඟින් ඔබේ නූපන් දරුවා සමඟ වඩා හොඳ බැඳීමක් ඇති කර ගැනීමට ඔහුට ඉඩ සැලසෙනවා.
  • ඔබ සැහැල්ලු කරන මෘදු සංගීතයට සවන් දෙන්න.
  • උදරයේ අම්ල තත්වය පාලනය කිරීම සඳහා කුළුබඩු සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
  • ඔබේ ප්‍රසුත නිවාඩු වලින් පසු නැවත රැකියාවට යන්නේ නම්, ළදරුවා රැකබලා ගැනීමට ක්‍රමයක් සොයන්න
    පටන් ගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිවැනි සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිදෙවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි