ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ විසිදෙවන සතියයි.

ගර්භණී සති 22 (pregnancy week 22): පැපොල් ගෙඩියක් තරම් වු ඔබේ දරුවා මේ සතියේ නිදාගැනීමේ හා අවදි වීමේ චක්‍රය ආරම්භ කරනවා. ඔබ, අම්මේ, ගර්භණී සමයේ ෆොටෝ ෂූට් එකක් කර සතුටක් ලබන්න.

ගර්භණී සති 22 (pregnancy week 22) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?
ගර්භණී සති 22

ගර්භණී සති 22 (pregnancy week 22) වන විට පැටියා ගස්ලබු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 22 (pregnancy week 22) තුළ ඔබේ දරුගැබේ වර්ධනය
  • වර්ධනය වුනු ඇස් හා තොල් නිසා ඔබේ දරුවා අලුත උපන් බිළිඳකු සේ පේනවා.
  • ඔහුගේ විදුරුමස් වල දැනටමත් පුංචි දත් කැකුලු වර්ධනය වෙමින් පවතිනවා.
  • ඔහුගේ අවයව දිගටම වර්ධනය වන අතර අග්න්‍යාශය වැදගත් හෝමෝන නිපදවනවා.
  • ඔබට දරා සිටින්නේ ගැහැණු දරුවෙක් සිටී නම්, ඇගේ යෝනි මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම වර්ධනය වී
    අවසන්
  • ඔහුට නින්දේ හා අවදි වීමේ චක්‍රයේ දියුණු රටාවක් තියෙනවා . ඔබ එය විශ්වාස කරනවාද?
විසිදෙවන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා
  • ඔබේ දරුවා වර්ධනය වෙත්ම ඔබේ සිරුර ඇහිරෙනවා. ඒ නිසා ඔබේ ඉළ ඇට ඉහලට තෙරපීම නිසා ශ්වසන අපහසුතා ඇති කරනවා.
  • ඔබේ කුස අන් අයගේ ස්පර්ශ ලැබීමට පටන් ගෙන තියෙනවා. ඔබට සුවපහසු නම් පමණක් මේ සඳහා ඉඩ
    දෙන්න, නමුත් ඔබට අපහසු නම් එය ප්‍රතික්ෂේප කරන්න.
  • ඔබ වර්ධනය වෙමින් පවතින කුසේ වු ඉලිප්පුනු පෙකණිය ඇඳුම් වලින් මතු වී පෙනුනත් දරුවා ලැබුනු පසු එය යථා තත්වයට පත්වෙනවා.
මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්
  • ගමන් කරන විට, විශේෂයෙන් ගුවන් මගින් ගමන් වල යෙදෙන විට ප්‍රමාණවත් පූර්වාරක්ෂාවක් ලබා ගන්න.
  • ඔබේ ඉරියව්ව නිවැරදිව තබාගන්න. ඔබේ වේදනාකාරී කොන්දට කුෂන් කොට්ටයක් භාවිතයෙන් සහයෝගයක්
    ලබාදෙන්න.
  • ඔබේ අත් සහ පාදවල ඉදිමීම නිසා මුදු පැළඳීම අපහසුතාවයට පත් කරාවි. දැනට සියලු ආභරණ ඉවත් කරන්න.
  • ඔබේ වර්ධනය වන පාදවලට සුවපහසු ශක්තිමත් පතුල් සහිත පාවහන් පළඳින්න.
පිරික්සුම් ලැයිස්තුව
  • ඔබේ දරුවාගේ වර්ධනය නිරීක්ෂණය කිරීම සඳහා නිතර ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
  • ඔබේ කොණ්ඩය ගැන සතුටක් ලබන්න. බොහෝ කාන්තාවන් තුළ ගර්භණී හෝමෝන නිසා වෙනදාට වඩා
    හිසකෙස් ඝනකමක් මෙන්ම දීප්තියක් ලබාදෙයි.
  • වැඩිපුර වැඩ කරන්න එපා. ආතතිය අම්මටයි බබාටයි හොඳ නැහැ.

මීලඟ ලිපියෙන් ගර්භණී අවදිය විසිතුන්වන සතිය.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිඑක් වැනි සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිතුන්වනි සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera