theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ විසිතුන්වන සතියයි.

ගර්භණී සති 23 (pregnancy week 23): දැන් දූරියන් ගෙඩියක් තරම් වන ඔබේ දරුවාට ඔබේ චලනයන් දැනෙන බව ඔබ දැන සිටියාද? ඔබ, අම්මේ, ඔබට නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වේවි. ඒ විශාල වෙන ගර්භාෂයට මුත්‍රාශය තෙරපීම නිසයි. ඔබේ දරුවාගේ වර්ධනය නිසි පරිදි සිදුවන බවට මෙය ලකුණක් ලෙස සලකන්න.

ගර්භණී සති 23 (pregnancy week 23) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 23

ගර්භණී සති 23 (pregnancy week 23) වන විට පැටියා දූරියන් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය විසිතුන්වන සතිය (pregnancy week 23) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ශ්වසනය සදහා සූදානම් වීමට ඔබේ දරුවාගේ පෙනහලු වර්ධනය වෙනවා.
  • ඔහුගේ සිරුර ආවරණය කල රෝම වැස්ම ඔහුව මේ වනවිට අදුරු පැහැ ගන්වලා.
  • ඔහුගේ දෑස් සම්පුර්ණයෙන්ම සකස් වී අවසන්, නමුත් ඒවාට තවමත් කිසිදු වර්ණයක් ලැබී නැහැ. ඔහුට දැන්
    ගර්භාෂය තුළ දෑස් විවර කරන්න පුළුවන්.
  • මෙම සතිය වන විට, ඔහු ඔබේ ගර්භාෂය තුල එහා මෙහා ගමන් කරනු ඔබට දැනේවී. ඔහු සමහර විට අත් පා
    ආධාරයෙන් සිරුර වටා කැරකෙමින් චලනය වන්න පුළුවන්. නමුත් ඒ දීර්ඝ කාලයක් නම් නොවේ.
  • චලනය සදහා සංවේදී ඔහුගේ මොළයේ කලාපය වන වෙස්ටිබුලර් පද්ධතිය දැන් වේගයෙන් සංවර්ධනය වෙමින්
    පවතිනවා. එනම් ඔබේ සියලු ශාරීරික චලනයන් ඔහුට හොදින් දැනෙනවා.
  • ඔහුට දැන් හොදින් ඇහුම්කන් දෙන්න පුළුවන්.
  • දැඩි සත්කාර ඒකකයක නිසි වෛද්‍ය ප්‍රතිකාර යටතේ සති 23 දී උපත ලබන ළදරුවන්ගේ දිවි ගලවා ගන්න
    හැකියාවක් තියෙනවා.

විසිතුන්වන සතියේ (pregnancy week 23) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ ගර්භාෂය පෙකණියට වඩා සෙ.මී. 3.8 ක් දිගට විහිදේ. ඔබේ බර කිලෝග්‍රෑම් 5.4 සිට 6.8 දක්වා වැඩිවිමට
    පුළුවන්.
  • ඔබේ ගර්භාෂය ඔබේ මුත්‍රාශයට ඉහළින් පිහිටා තියෙනවා. ඒ නිසා ඔබට නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය
    වේවි. ඔබගේ දියර කාන්දු වීම් වෙන්න පුළුවන්.
  • මෙම සතියේ නොමේරූ දරු ප්‍රසූතිය සම්බධයෙන් ඔබව පරීක්ෂා කරනු ලබනවා. මෙම සතිය තුළ කනස්සල්ල ඉහල යා හැකි අතර ඔබ විවිධ හැඟීම් දැනේවි.
  • මේ අවදියේදී ඔබ නාසයෙන් හා විදුරුමසින් රුධිරය ගැලීම් සිදුවෙන්න පුළුවන්.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • විදුරුමස් වලින් ලේ ගැලීම වළක්වා ගැනීම සඳහා හොඳ දන්ත සෞඛ්‍යාරක්ෂාවකට පළමු තැන දෙන්න. සුපිරි
    ක්‍රියාකාරී හෝමෝන නිසා, ඔබේ විදුරුමස් වල දැවිල්ල හා ලේ ගැලීම් ඇතිවෙන්න පුළුවන්.
  • ඔබට නිරන්තරයෙන් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවක් ඇති වේවි. මේ අවස්ථාවෙහිදී එය සාමාන්‍ය දෙයක්, ජලය
    මෙන්ම එළවළු යුෂ, ශාකසාර තේ, පළතුරු යුෂ සහ කිරි දිගටම පානය කරන්න.
  • පොදු වැසිකිළි භාවිතා කිරීම අවම කර ආසාදන ඇති වීම වළක්වා ගන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබේ සේවා ආයතනය හා කතා කර මාතෘ නිවාඩු සැලසුම් කරන්න.
  • අලුත් ඇදුම් කබඩ් එකක් ගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිදෙවැනි සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිහතරවන එක්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය විසිතුන්වන සතිය: ඔබේ කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිදෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it