ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිහතරවන සතිය: කළලයේ වර්ධන සති සටහන

මව්කුස තුළ පැටියාගේ ගමන ගැන අම්මිට සතිපතා දැනුවත් වීමට සුන්දර ලිපි පෙළක්.... මේ විසිහතරවන සතියයි.

ගර්භණී සති 24 (pregnancy week 24): ප්‍රමාණයෙන් බඩ ඉරිඟු කරලක් වන් ඔබේ දරුවාට දැන් ඇස් පිහාටු තියෙනවා. අම්මේ, ඔබට දැනෙන සියලු අපහසුතා නිසා ඔබගේ ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. ඔබේ උපත සැලසුම් කිරීම මගින් ඔබේ අවධානය වෙනතකට යොමු කරන්න.

ගර්භණී සති 24 (pregnancy week 24) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 24

ගර්භණී සති 24 (pregnancy week 24) වන විට පැටියා බඩඉරිඟු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 24 (pregnancy week 24) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාගේ මුහුණ දැන් සම්පූර්ණයෙන්ම සකස් වී අවසන්. කන් නිවැරදි ස්ථානයේ ඇති අතර දැන්
    කාර්‍යක්ෂම ලෙස සමහර ශබ්ද වලට ඇහුම්කන් දෙන්න ඔහුට පුළුවන්.
  • ඔහුගේ ඇස් පියන් තවම වැසි තිබුනද ඇස් සහ ඇහි පිහාටු සෑදී අවසන්. ඔහු මේ සතිය තුළ වේගවත් අක්ෂි චලන
    ආරම්භ කරනවා.
  • ඔහුගේ මොළය වේගයෙන් වර්ධනය වෙනවා.
  • ඔහුගේ රස අංකුර සම්පූර්ණයෙන්ම වර්ධනය වී අවසන්
  • මේ වන විට ඔහුගේ පෙනහළු වල කොටස් ( අතු කොටස්) වර්ධනය වෙන්න පටන් අරන්
  • සති 24 දී උපත ලබන දරුවෙකුට ජීවත් වීමට ඇත්තේ සීයට පනහක අවස්ථාවකි.

විසිහතරවන සතියේ (pregnancy week 24) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ කුස කැපි පෙනෙන ලෙස නෙරා ඇත. ගර්භාෂය සෑම දෙයක්ම තල්ලු කරන නිසා ඔබේ පෙකණිය කැපි
    පෙනේ. මෙම සතිය වන විට ඔබේ බර කිලෝග්‍රෑම් හතක් හෝ අටක් වැඩි වේවි.
  • ඔබේ කුස සහ පියයුරු වල සමේ ඇදුනු පාරවල් දැන් ඔබට දකින්න පුළුවන්. පෙකණියේ සිට පහලට විහිදෙන තද
    පැහැති සිරස් රේඛාවක් දකින්න පුළුවන්.
  • වෙහෙස හා වේදනාවන් නිසා ඔබේ ලිංගික ආශාව බොහෝ සෙයින් අඩුවේවි.
  • මේ දක්වා යෝනි ශ්‍රාව පිටවුනේ නැතත් දැන් යෝනි ශ්‍රාව බොහෝ සෙයින් නිකුත් වේවි.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ශරීරය නිරෝගීව තබා ගැනීමට සහ සමේ ඇදුනු සලකුණු අවම කර ගැනීමට ඔබේ ආහාර වේලට කිරි, චීස් සහ
    සෝයා වැඩිපුර එකතු කරන්න. විටමින් සී හා කොළපාට ආහාර හැකි තරම් ආහාරයට ගන්න.
  • ඔබ අත්ල රතුපැහැ හා කසන සුළු නම් ශරීරය උණුසුම් කරන ආහාර වලින් වළකින්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබට ගර්භනී අවධියේ දියවැඩියාව ඇති දැයි දැනගැනීමට ග්ලූකෝස් පරීක්ෂණ සදහා යොමුවෙන්න. ශරීරයේ සීනි මට්ටම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා මෙම තත්වය හටගන්නවා
  • හැකිතරම් දියර පානය කරන්න. මේ සතියේ ඔබට දැනෙන වැඩි පිපාසය සංසිදුවා ගැනීමට ජලය ගොඩක් පානය
    කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිතුන්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිපස්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera