ගර්භණී අවදිය විසිපස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

lead image

ගර්භණී අවදිය විසිපස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 25 (pregnancy week 25): ඔබේ දරුවා වම්බටු ගෙඩිය ප්‍රමාණයෙන් යුක්තයි. ඔහු කොතරම් වර්ධනය වෙලාද? ඔහුගේ සම දැන් රෝස පාටයි. ඔහුට දැන් පුරුදු තියෙනවා… ඒ ගැන සොයා බලමු.

ඔබ, අම්මේ, ඔබට වේදනාවන් හා අපහසුතාවයන් දැනෙනවා. ඔබේ වෛද්‍යවරයාගේ අනුමත කරනවා නම් ඇවිදිමෙන් ක්‍රියාශීලී වන්න. එය ඔබව වේදනාවන් ගෙන් ඈත් කරයි. වැඩිපුර දියර පානය කරන්න අමතක කරන්න එපා.

ගර්භණී සති 25 (pregnancy week 25) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 25

ගර්භණී සති 25 (pregnancy week 25) වන විට පැටියා වම්බටු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී සති 25 (pregnancy week 25) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාගේ චලනයන් පුරුද්දක් බවට පත්වෙනවා. ඔහු ටිකක් සෙල්ලම් කර නැවත යථා තත්වයට පත්වීමට විවේකයක් ලබනවා.
  • ඔහුට හොදින් සවන්දෙන්න පුළුවන්. ඔහු ඔබගේ කටහඩ හොදින් හදුනනවා. ඔහු අවදිව සිටින විට ඔබේ හඩට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.
  • සමට යටින් කේශනාලිකා නම් රුධිර නාල සෑදී ඒවා රුධිරයෙන් පිරෙන නිසා ඔහුගේ සම රෝස පැහැයක් ගන්නවා.
  • ඔහු මේ සතියේ ඔහුගේ පළමු මලපහ පිටකිරීම කරනු ලබන අතර එය ඔහුගේ උපත සිදුවන තෙක් පිටතට නොපැමිණෙයි.

විසිපස්වන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ බෝල කුස කොන්දේ පහල වේදනාවක් ඇති කරන්න පුළුවන්.
  • උකුලේ, පාද වල වගේ සිරුරේ අනෙක් ස්ථාන වල කැක්කුම් ඔබට ඇතිවෙනවා.
  • ඔබේ ගුද මාර්ගයේ කැසීමක් ඇතිවෙන්න පුළුවන්. විශාල වු ගර්භාෂය පහළට තල්ලු වී එම ප්‍රදේශයේ රුධිර
    සංසරණය වැඩිවීම මීට හේතුවයි.
  • ඔබට මලබද්ධය ඇතිවේවි. අක්‍රමවත් මලපහ චලනය මෙයට හේතුවේ. ඒ නිසා ජලය හා දියර පාන හැකිතරම්
    පානය කරන්න.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ඇවිදීම හා සමහර ව්‍යායාම කිරීමෙන් ශරීර වේදනාව වළක්වා ගන්න. යෝගා සහ ඇරබික්ද මේ සදහා සුදුසුයි.
  • දෙවන ත්‍රෛමාසික කාලය තුළ ඔබේ බර වැඩිවීම වැඩිනම් හෝ වායු හා ආම්ලිකතාවය හේතුවෙන් ඉදිමී ඇති බව
    දැනේ නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • දරු ප්‍රසූතියට පෙර වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව හමු වී ඔබේ ගර්භාෂයේ ප්‍රමාණය මැනීම, රුධිර
    පීඩනය මැනීම කරන්න. ඒ වගේම ගර්භණී දියවැඩියාව, ශරීරයේ ප්‍රෝටීන නොමැතිකම පරීක්ෂා කිරීම සඳහා
    මුත්‍රා සාම්පලයක් ලබාදෙන්න.
  • උපත් සැලසුම් පිරික්සුම් ලැයිස්තුව බාගත කරගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිහතරවනි සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිහයවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner